සමාජවාදී රටවලින් උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයින් කොළඹ අතුගායි..

 


“අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” පිරිසිදු කිරීමේ හා රුක් රෝපණ ව්‍යාපෘතිය (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.

සමාජවාදී රටවලින් උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය,  ශ්‍රී ලංකාවේ රුසියානු භූගෝලීය සංගමයේ මධ්‍යස්ථානය,  කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය (Russian Centre)  කොළඹ මහ නගර සභාව සහ ගුඩ් මාර්කට් ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන යටතේ පිරිසිදු කිරීමේ කටයුතු, රුක් රෝපණය සහ අවට වැව පිරිසිදු කිරීම සිදු කෙරුණු අතර, කොළඹ නගරය වඩාත් පිරිසිදු හා හරිත නගරයක් බවට පත් කිරීම එහි ප්‍රධාන අරමුණ විය.

7 Comments

  1. බේරෙ වැව සුද්ද කරන්න බැරිද?
    ගද ගහනවා.

    ReplyDelete
  2. Lanka anduwe samaja vadiyo Bere haven't Navala Gotabaya E langa vate Sudda karai.
    Namal wennath puluwan

    ReplyDelete
  3. ඔට්ටුයි බැහැ බේරේ වැව ශුද්ධ කරන්න. සමාජවාදී රටවල උපදියෙන් කොමියුනිස්ට්වාදයේ මිනීමරු දේශපාලනය වහන්න බැහැ. උපාදියක් අරන් පාර ඇතුගාන කොමියුනිස්ට්වාදියා සිතනවා නම් මහ ලොකු වැඩක් කරාය කියා ඒ කොමියුනිස්ට්වාදීන්ට ඇයි වැටහුනේ නැත්තේ 1989.02.08 දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පහර දීම නොකළ යුතු වැඩක් කියා. සමාජවාදී රටවලින් උපාදි අරන් ඇවිත් අතුගාන අයට හැකිද? එදා කොමියුනිස්ට්වාදීන් විසින් ශ්‍රී දළදා මාළිගාවට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින්නට..හැකිනම් ඔය උපාධිකාරයන් එසේ කර පෙන්වන්න අවංකනම්..බොරු වැඩ රට මුලා කිරීම නවතම ආකාරයෙන් කොමියුනිස්ට්වාදීන් රට මුලා කිරීම අවසන්..

    ReplyDelete
    Replies
    1. දළදා මාලිගාවට බෝම්බ ගහපු ඒක වගේද දැන් මාලිගාවට වෙලා තියන දේ සියලු නීති සම්ප්‍රදායන් කඩා බිද දාලා නිලමේ තුන්වන වරටත් අවා පාර වහලා පොලිසිය දාගෙන මිනිහා ජයටම ගරනවා කොටි දෙසීයක් දිට්වා අරමුදලට දුන්නා ආණ්ඩුව පුස් පැටියා වගේ කිසිම සද්දයක් නැ එහි සම්පත් හුරා ගෙන නිලමේ යෙහෙන් වජබෙනවා

      Delete
  4. එකෙක් ඉදලක් අල්ලගෙන.15 දෙනෙක් බලා සිටී.මේ විහිළු වැඩ නතර කරල රට හදන්න ඕනෙ නම් මිනිස්සුන්ගෙ ආකල්ප හදපල්ලා.

    ReplyDelete
    Replies
    1. Very true. If others had some cleaning tools in their hands, then at least it was Ok. But this is a show

      Delete
  5. රටේ රණවිරුවන් ලෙස සලකන බුද්ධි අංශ නායකයන්ගේ කලිසම් ගලවනවා.පට්ට බොරු ආතල් ගන්න ගොබ්බ මාලිමා ඩෝබිලා කලිසම් ඇඳගෙන කොළ කතාකරනවා.ඔයිට වඩා නම්බුයි බලනහර කපාගෙන පරලොව යන ඵක.

    ReplyDelete
Previous Post Next Post