රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙලට අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී රජයේ ආයතන තම ආයතන වල නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීමට, ප්‍රවේශ මාර්ගගත දුම්රිය ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි විය යුතු වේ. ඒ අනුව එහි පද්ධති සඳහා රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල "Waters Edge" හෝටල් පරීශ්‍රයේදී නිළ වශයෙන් ආරම්භ කෙරිණ.
පද්ධති සඳහා රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය ආයතන 35ක් නියෝජනය කරමින් නිලධාරිහු එක්ව සිටියහ.
අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර පහසුකම අවශ්‍ය රාජ්‍ය නිලධාරීහු ප්‍රවේශ ජංගම දුරකථන යෙදවුම ඔස්සේ හෝ WWW.Pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ තම සේවයේ නියුතු රාජ්‍ය ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් අදාළ ආයතනයේ ප්‍රවේශ මාර්ගගත පිවිසුම ඔස්සේ මෙම සේවාවට ලියාපදිංචි විය යුතුය. එලෙස ලියාපදිංචි වන නිලධාරීන්ට ඔවුන් අයත් රාජ්‍ය ආයතනයේ ලියාපදිංචි වීම සහ ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීමට 2026 ජුනි 15 වනදා සිට අවස්ථාව සලසා ඇත.
ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, "කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය" මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් රජයේ ඩිජිටල් පරිවර්තන ජාතික වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීමත්, දුම්රිය සේවාවේ ගුණාත්මක, කාර්යයක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් දුම්රිය මගී ජනතාවට ප්‍රශස්ත සේවාවක් සහ පහසුකම් වැඩි දියුණු කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම නිළ අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් දක්වමින් " වත්මන් රජය රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා. රටේ ලොකුම ආයෝජකයා විදිහට රජය විසින් ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා වැඩිම මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා. රටේ සංවර්ධන ක්‍රියාවලියේදීත් බිමට ව්‍යාපෘති ගෙන යාමේදීත් රාජ්‍ය යාන්ත්‍රණය හරහා විශාල කාර්යය භාරයක් ඉටුවෙනවා. රජය වෙන් කරන ප්‍රතිපාදන බිමට රැගෙන ගොස් රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න රාජ්‍ය නිළදාරීන් කටයුතු කරනවා.
රටේ ආර්ථික දේහය ශක්තිමක් කරන්න දායක වන රාජ්‍ය නිලධාරීන්ගේ සුබසාධනය රැකියා සුරක්ෂිතතාව ආයතන ව්‍යුහය විධිමත්ව පවත්වාගෙන යාමට රජය ලෙස පූර්ණ වශයෙන් මැදිහත් වෙනවා. NPP ආණ්ඩුව බලයට පත්ව පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත්තා. රාජ්‍ය සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරනවා. ගතවූ වසර එක හමාරක කෙටි කාල සීමාව තුල රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයින්ට ස්වාධීනව වැඩකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට රජය කොතරම් බරක් දරා තිබෙනවාද යන්න ඔබ හොඳින්ම දන්නවා
අපි මේ රට භාර ගන්නා විට තිබුන සංකීර්ණම අභියෝගය තමයි ආර්ථිකය ස්ථාවර කර ගැනීම ආණ්ඩුව විදිහට නිසි මූල්‍ය විනයක් පවත්වා ගනිමින් ආර්ථිකය කළමණාකරණය කරගෙන පැමිණ තිබෙනවා. 1956 වසරෙන් පසු අඩුම ආදායම් - වියදම් පරතරය ඇති වසර ලෙස පසුගිය 2025 වසර පත්වුනා. ආණ්ඩුව ඉලක්කම් සහගතව ඉදිරි ගමනක් යනවා. ආර්ථිකය කළමණාකරණය කරමින් ස්ථාවර ගමනක් යනවා. එම නිසා 2028 වන විට රටට ඉකොනොමික් ක්‍රයිසිස් ( Economic Crisis) එනවා කියා අනියත බියක් ඇතිකරගන්න එපා"

Rate nishpadanya wadi wela. GDP eka wadi wela. Rattata dollar galagena enawa. Eka nisa Dollar eka wadi wela. Badu walin bhandagaraya purila ithirila. Hamotama vahana saha thattu thune gewal thiyanawa. Tie coat andinawa. Lamai nawaka wadaya nathi pitarata vishva vidyala walata yanawa. Badu mila bahala. Okkoma sihina saba wela. SPA walata yana aya wadiwela.
ReplyDeleteRata wassange kale honda. Poho saththu wela. Lassana wela.
DeleteRata wassange kale honda. Poho saththu wela. Lassana wela.
Deleteජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
හා.... ෂන්තෝෂයි.....😄😄😄
ReplyDeleteබොරු කියල බලය අරගෙන හොරකම් කරල තවත් බොරු කියන අපූරුව.
ReplyDelete
Delete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි♥️
ReplyDeleteMe aya serama kathakaranne olmaden wage. Paradina sathara biya dakinakota ohoma thamai. Vahana import me wasara thula, maasa 5 Dollar million 800 panamana wiyadamkarala. IMF varika dekatatath (USD 695) wedi. Vahana import nawathaganne molayak nethi hethikarayak. Me ayata "Crisis Management" kiyana eka gewilath neha. Gaja mithuro kiyana eke karana robot wage thmai api dakinne.
Athi yanntham ehenam. Blagena immuko
ReplyDeleteකැරියා බොරු කියන්න එපා ඔච්චර. තොගේ කටට හෙන වදී
ReplyDelete