ලංකාවේ ලොකුම තොරණේ ලක්‍ෂ තුනහමාරක වයර් හොරෙන් කපයි...


 කළුතර නගරයේ නිර්මාණය කරන ලද මෙරට විශාලතම වෙසක් තොරණ සඳහා භාවිත කළ රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා විදුලි රැහැන් තොගයක් වංචනික ලෙස ලබාගත් පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් නීතියේ රැහැනට හසුකර දී තිබේ.

පානදුර දකුණ මූලස්ථාන පොලිසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර විල ප්‍රදේශයේ පදිංචිව සිටින 35 හැවිරිදි වියේ පසුවන අයෙකි.

පසුගිය වෙසක් සමයේ ප්‍රදර්ශනය කෙරුණු මෙම තොරණේ විදුලි ආලෝකකරණ කටයුතු සිදුකර තිබුණේ පානදුරේ පිහිටි ආයතනයක් මඟිනි.

තොරණ ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු ගලවා ගන්නා ලද විදුලි රැහැන් සියල්ල එම ආයතන හිමිකරු විසින් පානදුර නගරයේ පිහිටි තමන්ගේ නිවසේ සුරක්ෂිතව තැන්පත් කර තිබී ඇත.

කෙසේ වෙතත්, දින හතරක් තිස්සේ මෙම ස්ථානයෙන් අඛණ්ඩව වයර් අතුරුදන් වන අයුරු නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය මඟින් අනාවරණය කර ගැනීමට හිමිකරුට හැකි විය.

ඒ අනුව පස්වන දිනයේදී සැකකරු කොටුකර ගැනීම සඳහා සෝදිසියෙන් සිටි නිවැසියන්, අවට පදිංචිකරුවන්ගේද සහාය ඇතිව ඔහුව එම ස්ථානයේදීම අල්ලා පොලිස් භාරයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් වූ මෙම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

8 Comments

  1. JVP කාරයෙක් තමයි ශුවර් එකටම, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. ජෙප්පො හොරකම් කරන් නෑ නේ. බොරු කියනවා විතරයි. බොරු කාරයෝ හොඳයි හොරුන්ට වඩා, ඒකයි ඊළඟ පාර ත් අපි ජෙප්පන්ට ම දෙන්නේ.

      Delete
    2. Atthata? Ubalage thaththa wenna athi.. Gihin balapan...JVP eken oya wage bala wada karanne na......Bayyo nam horakam karala purudu wela inne

      Delete
    3. අනිවාර්යෙන්ම ජෙප්පෙක් තමයි. ජෙප්පො හොරකම් කරන්නෙ නැහැලු. මොන හාල්පාරුවෙක්ද ඒ. උන් හොරකම් කර කර බොරු කියනව. යකෝ ගල් අඟුරු වංචාව ඇස් පනාපිට පේනවා. ආන්ඩුව තෙල් මිලෙන් ගල් අඟුරු වංචාවෙ පාඩුව පියවනවා. මේ පුන්නක්කු ඩෝබිල තවත් හෝදනව. ඩොලර් මිලියන 2.5ක් හැකර්ල ගත්ත කියල ගමේ ගොඩයො අන්දලා මෙහේ ජෙප්පො තමන්ගේ ගිණුම් වලට සල්ලි දාගෙන, ඒ වංචාව එලි කරපු එකාගේ බල නහරත් කැපුව. පාහර ජෙප්පො. දැන දැනම බොරු කියන මේ අමන සක්කිලියන්ට වැහි නැති හෙන ගහන්න ඕන.

      Delete
  2. කාලකන්නි හැත්ත. ජෙප්පොන්ගෙන් තොරණක් වත් බේරගන්න බැරි හැටි.
    මුන්ට කොහොමත් බෞද්ධයොත් එක්කත් අවුලක් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. අයිතිකාරයම අල්ලපු නිසා ඇල්ලුවේ. නැත්තන් පොලීසියට දුන්න නම් බෞද්ධයන්ගේ කේස් එකක් නිසා අල්ලන්නේ නැහැ.

      Delete
  3. ලංකාවේ තියෙන මේ ගෝන් ලය්ට් සංදර්ශන නවත්තල වෙන රටවල් වගේ ලසේර් ෂෝ වගේ නුතන සමාජයට ගැලපෙන දේවල් කරන්න පටන් ගනියව්....ලංකවේ ගොන් මිනිස්සු තෝරන් කියල පින්තුර ටිකක් වටේ ලයට් වැලක් දාල පිටිපස්සේ මේසයක් තියාගෙන එකෙක් ලෞඩ්ස්පිකරෙකක් අටවාගෙන බන කතාවක් කියනවා...ඕව ගොන් වැඩ...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නිර්ආගමික හෙවත් බෞද්ධ විරෝධී ජෙප්පෙක්

      Delete
Previous Post Next Post