හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකීම් පිළිබඳව තමන් කළ ප්‍රකාශ අසත්‍ය නම්, තමන්ට එරෙහිව නඩු පවරන ලෙස පිවිතුරු හෙල උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, සුරේෂ් සලේ මහතාට සිදුවන වධහිංසා පිළිබඳ තමන් ඉදිරිපත් කළ කරුණු සියල්ල කොටුව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත පදනම් වූ ඒවා බවත්ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සලේ මහතාට විශේෂ හිරිහැරයක් නොකරන බවත් අනෙකුත් සිරකරුවන්ට සලකන ආකාරයටම ඔහුට සලකන බවත් පොලීසිය පවසන බවයි.
"මේ හරහා පොලීසිය පිළිගෙන තියෙන්නේ සෑම සිරකරුවෙකුටම සතෙකුටත් අන්ත විදිහට සලකන බවද? සෑම සිරකරුවෙක්ම නිර්වස්ත්‍ර කර පහර දෙන බවද? සිරකරුවන් ඉදිරියේම ඔවුන්ගේ ගුද මාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද?" යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පවසන තාප්ප ඇතුළේ මෙවැනි අමානුෂික දේ සිදුවන බව පොලීසිය ලිඛිතව පිළිගෙන ඇති බැවින්, ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
සලේ මහතාට සිදුවන අමානුෂික වධහිංසා පිළිබඳව මේ වන විටත් අභියාචනාධිකරණයට, මහේස්ත්‍රාත් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය. මීට අමතරව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වද හිංසා පිළිබඳ විශේෂ නියෝජිතයාට (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු අනාවරණය කළේය.

සුද්දොන්ට නම් කියලා වෑඩක් නෑ ගම්මන්පිල මහතා....JVP/NPP-LTTE-iNGO aka UN උන් ඔක්කොම එකම මිත්‍යාව අදහන උන්...ඔවු අපි ඒ මිනීමරු ප්රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා කියලා...ජෙප්පෝ කොටි UN තාමත් දුකෙන්...?
ReplyDeleteඇත්ත. උන් තමයි ලෝකේ ලොකුම ත්‍රස්ථවාදීන් සහ ත්‍රස්ථවාදී මෙහෙයවන්නන්. ලංකාවෙත් කොටි සංවිධානය මෙහෙයවන්න සම්පූර්ණයෙන් උදව් කරේ උන්. ඒ වුනාට මේන් උඹලගේ සුදු රෙද්දොන්ගෙ කෙරුවාව කියලා උන්ටම පෙන්නන්න ඕන. මේක ජිනීවා මානව හිමිකම් කවුන්සිලේටත් ගෙනියන්න ඕන.
Deleteඉරානේ ඉස්කෝලෙක ළමයි 95ක් එකතැන මරල දැම්මා ඇමරිකාවයි, ඊශ්රායලෙයි එකපාර.
Deleteවීඩියෝ සාක්ශිත් ආවා ගැහුවේ ඇමරිකන් ටොමොහොක් මිසයිලයක් කියලා.
කෝ උන්ට විරුද්ධව මානව හිමිකම් පරීක්ශන? ඉතින් සිංහලයා ගැන කවර කතාද?
හොර ගෙඩියා ! මු බයේ ඉන්නේ ඔක්කොමටම හිරේ යන්න වෙයි කියලා. ගම්මන්පිල වීරවංශ නාමල් මහින්ද මාටියා බැසිල් ගෝතා මේ ඔක්කොම එකතුවෙලා තමයි පාස්කු ප්‍රහාරය කරේ. මුන් ඔක්කොම ආයෙත් එකතුවෙලා ඉන්නේ. අහුවෙන්න එපා. යුද්ද කරලා යුද්දේ දිනපු සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ කුදලන් යනකොට හිරේ දානකොට මුන්ට ඔය කැක්කුම තිබුනේ නැහැ. මුන්ට ඕනේ ආයෙත් බලේ අරන් හොරා කාලා මිනිමරලා රට විනාස කරන්න. ලබන සැරේ ජෙප්පොන්ට චන්දෙ දුන්නේ නැතත් මේ වගේ කාලකන්නි ගෑවිලා ඉන්න තැනකටවත් චන්දෙ දෙන්න එපා.
ReplyDeleteජෙප්පද්දන් විසින් ඔළුව හෝදන ලද පාපිසි ඩෝබි සට්ටැඹියෙක්
Deleteෆොන්සේකා කරපු යුද්ධයක් නෑ බොල. වීරෝධාර සිංහල හමුදාව නැගෙනහිර පලාත යටත් කරගන්ඩ යුද්ධ කරනකොට ෆොන්සේකා හිටියෙ මරාගන මැරෙන බෝම්බ කාරිගෙ බෝම්බෙට අහුවෙලා බඩවැල් එලියට ඇවිල්ල, ඇඳෙන් බැහැගන්ඩවත් බැරිව ලෙඩ ඇඳේ. ඌව සිංගප්පූරුවට යවල හොඳ කෙරෙව්වෙ මහින්ද.
Deleteනැගෙනහිර සටන සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කෙරුවෙ මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටියගෙ නායකත්වය යටතේ බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ
ඇතුලු කණ්ඩායම. අපේ හමුදාව උතුර සම්පූර්ණයෙන් දිනල යුද්ධය ඉවර කරනකොට ෆොන්සේකා ලංකාවෙවත් නෑ. ඌ හොඳ කුට්ටියක්
කඩාගන්ඩ බලාගන ආයුධ නැවක් ගන්ඩ චීනෙට ගිහින්ල හිටියෙ. දැන් යුද්ධෙ ඉවරයි ආයුධ ඕනෙ නෑ ඔය ඕඩර් එක කැන්සල් කරල ආපහු එන්ඩ
කියල මහින්ද අණ දුන්න හින්දයි ෆොන්සේකා මහින්දත් එක්ක මුලින්ම වෛර බැඳගත්තෙ . අවසාන සටන ජයග්‍රහණය කලේ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අණදීම සහ එවකට මේජර් ජෙනරාල් ජගත් ජයසූරියගේ අධීක්ෂණය යටතේ
එවකට බ්‍රිගේඩියර් වරුන්වෙලා හිටිය ශාවේන්ද්‍ර ද සිල්වා, කමල් ගුණරත්න, ප්‍රසන්න ද සිල්වා, ජගත් ඩයස්, චාගි ගාල්ලගේ සහ නන්දන උඩවත්ත
ඇතුලු රණවිරු කන්ඩායම.
පාස්කු ප්‍රහාරය කරේ ගම්මන්පිලල වීරවංශල නාමල්ල මහින්දල ගෝඨලු.
Deleteපචරෙනය මෙව්වගෙ ගල් පැලෙන බොරු කොහොම හදනවද දන්නෙ නෑ.
ලඟදිම ඌ මැරෙන්නෙ කටේ පිලිකා හැදිල.
කිසිම සාක්සියක් නැතුව, පිලිගන්න තර්ක නැතුව ඇහෙන් දැක්ක වගේ බොරු කියලා අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා වලින් මරලා දාන්න, විනාශ කරන්න හදන කාලකන්නි පාහර ජෙප්පා. චැනල් 4 එකේ චෝදනාවක් අල්ලගෙන හමුදාවට පහර ගහන ගොන් හැත්ත. උඹලට හෙන හතම ගහනවමයි. සාප වෙනවාමයි. දෙවියනි මේ වගේ පාහරයන් ගැන බලාගන්නා සේක්වා!
Deleteපාස්කු ප්‍රහාරයෙන් මැරුණ අයගැන,තුවාල ලැබු අය ගැන, සරත් ෆොන්සේකාට වද දුන් හැටිත් ඔය එක්කම ලියල දාපං
ReplyDeleteඇයි ගම්පිලට වෙන වැඩක් නැතුවටද?
Deleteඔව් පාස්කුවෙන් මැරුණ අය ගැනත් දාමු. ඒ එක්ක ජවිපේ ජාතික ලැයිස්තුවෙන් ආපු සහරාන්ගෙයි උගේ මල්ලිගෙයි අප්ප ගැනත් දාමු. මොකද උගේ සල්ලි වලින් තමයි බෝම්බෙ ගැහුවේ. ශානි රවි දෙපල තමන්ගේ අතටම දුන්න බුද්ධි වාර්ථා පුකේ ගහගෙන ඉඳලා බෝම්බෙ වදින්න සැලැස්වූ එකත් වාර්ථාවට දාමු. යහපාලන ආන්ඩුවේ නියෝජ්‍ය ආරක්ශක ඇමති රුවන් විජේවර්ධනලාගෙන් එක පාරක් වත් මේවා ගැන ඇහුවෙ නැත්තෙ ඇයි කියලත් හොයමු. සරත් ෆොන්සේකා මහින්දව එල්ලලා මරන්න ඕන කියලා කියපුවත් දාමු.
Deleteඒවා ඔක්කොම ගැන FBI report එකේ තියෙනව. උඹ කලබල නොවි ඉඳපන්.
Deleteගම්මන්පිලයා නොහොත් සත පහ මූණා අසත්‍ය සමාජගත කරන අවලමෙක්
ReplyDeleteඇත්ත කියනකොට රිදෙනවද වල් පරයා. පරිස්සමෙන් ඉඳපන්. මේ දවස් වල හෙන ගහනවා.
Delete2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වද හිංසා පිළිබඳ විශේෂ නියෝජිතයාට (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු අනාවරණය කළේය.
ReplyDeleteඉතාම කාලෝචිත පියවරක්. මෙය කලයුතුමයි.
Yes, for sure!
Delete