සලේට සිදු කරන වධ හිංසා වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට..


 හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකීම් පිළිබඳව තමන් කළ ප්‍රකාශ අසත්‍ය නම්, තමන්ට එරෙහිව නඩු පවරන ලෙස පිවිතුරු හෙල උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලීසියට අභියෝග කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, සුරේෂ් සලේ මහතාට සිදුවන වධහිංසා පිළිබඳ තමන් ඉදිරිපත් කළ කරුණු සියල්ල කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාව සහ සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් ලබාදුන් තොරතුරු මත පදනම් වූ ඒවා බවත්ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සලේ මහතාට විශේෂ හිරිහැරයක් නොකරන බවත් අනෙකුත් සිරකරුවන්ට සලකන ආකාරයටම ඔහුට සලකන බවත් පොලීසිය පවසන බවයි.

"මේ හරහා පොලීසිය පිළිගෙන තියෙන්නේ සෑම සිරකරුවෙකුටම සතෙකුටත් අන්ත විදිහට සලකන බවද? සෑම සිරකරුවෙක්ම නිර්වස්ත්‍ර කර පහර දෙන බවද? සිරකරුවන් ඉදිරියේම ඔවුන්ගේ ගුද මාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද?" යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.

සිරකරුවන්ද මනුෂ්‍යයන් බව පවසන තාප්ප ඇතුළේ මෙවැනි අමානුෂික දේ සිදුවන බව පොලීසිය ලිඛිතව පිළිගෙන ඇති බැවින්, ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

සලේ මහතාට සිදුවන අමානුෂික වධහිංසා පිළිබඳව මේ වන විටත් අභියාචනාධිකරණයට, මහේස්ත්‍රාත් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය. මීට අමතරව, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වද හිංසා පිළිබඳ විශේෂ නියෝජිතයාට (UN Special Rapporteur on Torture) ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතින බවද ඔහු අනාවරණය කළේය.

4 Comments

  1. සුද්දොන්ට නම් කියලා වෑඩක් නෑ ගම්මන්පිල මහතා....JVP/NPP-LTTE-iNGO aka UN උන් ඔක්කොම එකම මිත්යාව අදහන උන්...ඔවු අපි ඒ මිනීමරු ප්‍රභාකරන් කොටියා ඒ මඩ වලේ දෑම්මා කියලා...ජෙප්පෝ කොටි UN තාමත් දුකෙන්...?

    ReplyDelete
  2. හොර ගෙඩියා ! මු බයේ ඉන්නේ ඔක්කොමටම හිරේ යන්න වෙයි කියලා. ගම්මන්පිල වීරවංශ නාමල් මහින්ද මාටියා බැසිල් ගෝතා මේ ඔක්කොම එකතුවෙලා තමයි පාස්කු ප්‍රහාරය කරේ. මුන් ඔක්කොම ආයෙත් එකතුවෙලා ඉන්නේ. අහුවෙන්න එපා. යුද්ද කරලා යුද්දේ දිනපු සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ කුදලන් යනකොට හිරේ දානකොට මුන්ට ඔය කැක්කුම තිබුනේ නැහැ. මුන්ට ඕනේ ආයෙත් බලේ අරන් හොරා කාලා මිනිමරලා රට විනාස කරන්න. ලබන සැරේ ජෙප්පොන්ට චන්දෙ දුන්නේ නැතත් මේ වගේ කාලකන්නි ගෑවිලා ඉන්න තැනකටවත් චන්දෙ දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ජෙප්පද්දන් විසින් ඔළුව හෝදන ලද පාපිසි ඩෝබි සට්ටැඹියෙක්

      Delete
  3. පාස්කු ප්‍රහාරයෙන් මැරුණ අයගැන,තුවාල ලැබු අය ගැන, සරත් ෆොන්සේකාට වද දුන් හැටිත් ඔය එක්කම ලියල දාපං

    ReplyDelete
Previous Post Next Post