භාණ්ඩාගාර බිල්පත් හරි අඩක් ඉතිරි වේ.. පොලිය ඉහල දැම්මත් අලෙවි නොවේ.


 රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2026 ජුනි 10 වන දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී බිල්පත් සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, විකිණීමට තැබූ බිල්පත් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය වෙන්දේසියට සාපේක්ෂව දින 182 කල්පිරෙන බිල්පත් සඳහා වන පොලී අනුපාතිකය (ඵලදා අනුපාතිකය) ඉහළ ගොස් ඇති බවද දත්ත පෙන්වා දෙයි.

මෙම වෙන්දේසියේදී රුපියල් මිලියන 140,000 ක සමස්ත බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කළද, ඉන් පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 71,744 ක ලංසු ප්‍රමාණයක් පමණි.

ඒ අනුව ඉදිරිපත් කළ සමස්ත බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් මිලියන 68,256 ක්, එනම් අඩකට ආසන්න ප්‍රමාණයක්ම විකිණීමට නොහැකිව ඉතිරි වී ඇත.

භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.  

3 Comments

  1. https://youtu.be/XB9a_K2nVcc?si=7U0Ddz03LPTkJki0

    ReplyDelete
  2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
  3. 🔴 රටේ ආර්ථිකය සුන්.. නන්දලාල් පලමුවරට පිලිගනී...

    අද මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට ආවා...

    ඒ අස්සේ මන්ත්‍රීවරුන් නන්දලාල්ව වටකරගෙන ප්‍රශ්ණ ඇහුවා...

    📌 "මහ බැංකු අධිපතිතුමා රටේ ආර්ථික වැටෙනවාද?

    රටට කියන්න ඔබතුමාට බෑ කියලා අපි දන්නවා අපිට කියන්න... ඔබතුමා මේ ඉදිපත් කරපු වාර්තා වලින් පේනවා ආර්ථිකය වැටෙනවා කියලා.. දැන් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අවසන් කාලයේ විදියමයි..

    📌 "ඔව් ආර්ථිකය කඩා වැටෙනවා.. " මෙහෙමයි රටේ ආර්ථිකය කඩන් වැටෙනවා කියලා මට කියන්න පුලුවන් ..එත් මම එකට හේතු කියන්න දන්නේ නෑ .. එකට වගකියන්න ඔනේ ආණ්ඩුව... "

    තැන්කිව් අමාරුවෙන් හරි ඇත්ත කිව්වට

    උ.ගැ
    https://www.facebook.com/share/1Cj2RVV8wA/?mibextid=wwXIfr

    ReplyDelete
Previous Post Next Post