නගර සභාවේ කැලි කසල කාසල්රි ජලාශයට මුදා හැරේ...

 

හැටන් දික්ඔය නගරයේ දිනපතා එකතුවන කැලි කසල හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ කම්කරුවන් විසිර් රැගෙන ගොස් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගයට බැහැර කරන බව ප්‍රදේශවාසීන් කියා සිටියි.

ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබියදී නගර සභා සේවකයින් විසින් අත් කරත්තවල පටවා එම කැලි කසල රැගෙන ගොස් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ඇළ ප්‍ර දේශයට බැහැර කරන බවත්, එසේ බැහැර කරන කැලි කසල අයාලේ යන සුනඛයින් විසින් ඇද දැමීම හේතුවෙන් ඒ තුලින් විශාල දුගන්ධයක් සහ විශාල පරිසර හානියක් සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග කැලි කසල බැහැර කල ස්ථානයෙන් ගමන් ගන්නා මගීන් සහ ප්‍රදේශවාසීන්ද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

- රංජිත් රාජපක්ෂ

2 Comments

  1. කසල කළමණාකරණය ගැන ජනතාව දැනුවත් කරන්නෙ නැතුව ඔය ප්‍රශ්නය විසඳන්න බැහැ. ගෙවල් වලින් එලියට දමන කසල ප්‍රමාණය අවම කෙරුවොත් නගර සභාවට ඔය විදිහට කසල. දමන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ReplyDelete
Previous Post Next Post