පාසැල් වලට යාමට ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට තහනමක් නෑ..- අගමැතිනි


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පාසල්වලට යාමට හෝ එහි කටයුතු නිරීක්ෂණය කිරීමට කිසිදු තහනමක් පනවා නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා, නව රජය පත්වීමෙන් පසු පාසල් තුළට දේශපාලනඥයන් ගෙන්වා ගැනීම නතර කරන ලෙස ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී, පසුගියදා මන්ත්‍රීවරියක් පාසලක වැසිකිළියකට මුල්ගල තැබීමට තූර්ය වාදක කණ්ඩායම් පවා යොදාගනිමින් සහභාගී වීම පිළිබඳව ප්‍රශ්න කළේය. එම ක්‍රියාව රජයේ ප්‍රතිපත්තියට පටහැනි දැයි ඔහු විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් දරුවන් දේශපාලන කටයුතු සඳහා පාවිච්චි කිරීම වැළැක්වීම බවයි.

"පාසල් උත්සව පවත්වලා ඒවා දරුවන්ට සුදුසු විදිහට නෙවෙයි, දේශපාලනය කිරීමට ඒ උත්සව පාවිච්චි කරන එකට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි" යැයි ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට තම ප්‍රදේශයේ පාසලකට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කිරීම හෝ උත්සවයකට සහභාගී වීම තහනම් කර නොමැති බවත්, රජය විරුද්ධ වන්නේ පාසල් පද්ධතිය සහ දරුවන් දේශපාලනික අරමුණු සඳහා භාවිතා කිරීමට පමණක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය

8 Comments

  1. පච කොටා ජනාධිපති නොවෙන්න අපි ඕකත් නොදැනයි මැරෙන්නේ

    ReplyDelete
    Replies

    1. තොපි මොනවද වැඩියමක් රටට කරේ පර හැත්තෑ

      අඩුම වසයෙන් අම්මල රට ගෙවල්වල වැඩට යන එකවත් නවත්තුවද ඉන්දියාවේ වගේවත්

      Delete
  2. ආප්ප ගැසීමත් නිදගසේ

    ReplyDelete
  3. ඉස්සෙල්ලා දේශපාලනඥයන්ට යන්න බෑ කියල කියල තියෙන්නේ මේකිගේ කටෙන් .දැන් යන්න පුළුවන් කියල කියන්නෙ මේකිගේ පිත්තමෙන්.

    ReplyDelete
  4. උත්තෙ නීතියක්නෙ යකෝ මේක. මුන්ගෙ ආණ්ඩුව ට වෙන නීතියක් අරුන්ගෙ ආණ්ඩුව ට තව නීතියක්. බටකොල ආච්චිට මැජික් කොස්සෙන් ගහල පන්නන්න ඕනැ.

    ReplyDelete
  5. Habei apey manthrilata vitharai, Vipasse un vana.

    ReplyDelete
  6. පට්ට හුත් තියේ තොපි නේද කලින් කීවේ මන්ත්රිලා පාසල් වලට යන්න එපා කියල

    ReplyDelete
  7. පාසල් නොගිය උන් පාසල් වලට ගන්න එපා

    ReplyDelete
Previous Post Next Post