රුපියලට වැටෙනවා කියලා කට්ටිය සද්ද දැම්මා.. දැන් රුපියල ස්ථාවර වෙමින් තිබෙනවා..


 අත්‍ය­වශ්‍ය භාණ්ඩ 18ක මිල අඩු කර­මින් ජන­තා­වට ආර්ථික ලාභ­යක් ලබා­දී­මට වත්මන් ආණ්ඩුව කට­යුතු කර තිබෙන බව ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සම­න්මලී ගුණ­සිංහ මහ­ත්මිය පැව­සු­වාය.

“රටේ ස්ථායී­ක­ර­ණය සඳහා විවිධ තීරණ ගත යුතුයි. එවැනි තීර­ණ­යක් තමයි මහ බැංකුව සම්බ­න්ධ­යෙන් මේ අර­ගෙන තිබෙන්නේ. රටක් විදි­යට ගනු­දෙනු කරන විට විනි­මය අනු­පා­තය පවත්වා ගත යුතුයි. රුපි­ය­ලට මොකද වෙන්නේ කියලා කට්ටිය සද්ද දැම්මා. අද වන ­විට රුපි­යල ස්ථාවර වෙමින් තිබෙ­නවා. රටේ ආදා­යම වැඩි කර ගැනී­මට අපි උත්සාහ කර තිබෙ­නවා. තෙල් ඇතුළු අත්‍ය­වශ්‍ය භාණ්ඩ පිට­ර­ටින් ගෙනා යුතුයි. ඒ සඳහා විනි­මය අනු­පා­තය පවත්වා ගත යුතුයි. 

2025 වසරේ පළමු කාර්තුවේ දී රාජ්‍ය ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන 1.07 යි. හැබැයි කියන්න සතු­ටුයි කොච්චර විප­ක්ෂය කෑග­හලා දැඟ­ලු­වත් රාජ්‍ය ආදා­යම 2025 පළමු කාර්තු­වට වඩා 2026 පළමු කාර්තුව වන විට රුපි­යල් ට්‍රිලි­යන 1.5 දක්වා වර්ධ­නය කර­ගෙන තිබෙ­නවා. ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්තය 2025 පළමු කාර්තු­වේදී හිඟ­යක් පෙන්නු­වක් 2026 වන විට අති­රි­ක්ත­යක් පෙන්විය හැකියි. සිය­යට 78ක් දක්වා අති­රික්ත වර්ධ­න­යක් වෙලා තිබෙ­නවා. මූල්‍ය විනය ඒ සඳහා හේතු වී තිබෙ­නවා. 

අත්‍ය­වශ්‍ය භාණ්ඩ 18ක මිල සතොස හරහා මිල අඩු කර තිබෙ­නවා. මේ සියලු දේ නි‍ෙව­සට අත්‍ය­වශ්‍ය භාණ්ඩ. ලොකු­ලූනු කිලෝ­වක් රුපි­යල් 249 ට තිබුණේ. එය රුපි­යල් 219ක් දක්වා අඩු කර තිබෙ­නවා. රුපි­යල් 30ක ඉති­රි­යක් තිබෙ­නවා. සුදු සීනි කිලෝ­වක් රුපි­යල් 229ට තිබුණේ. එය රුපි­යල් 219ක් දක්වා අඩු කර තිබෙ­නවා. මයි­සූර් පරිප්පු කිලෝ­වක් රුපි­යල් 279 කට තිබුණේ. එය රුපි­යල් 249 දක්වා අඩු කළා. රුපි­යල් 70ක ඉති­රි­යක්. රතු නාඩු සහල් කිලෝ­වක් රුපි­යල් 230යි. එය රුපි­යල් 209 ක් දක්වා අඩු කළා. රුපි­යල් 21ක වාසි­යක් ජන­තා­වට හිමි­වෙලා. සුදු ලූනු කිලෝ­වක් රුපි­යල් 249ට තිබුණේ. එය රුපි­යල් 219 ක් දක්වා අඩු කළා. රුපි­යල් 30ක ලාභ­යක් ලැබී තිබෙ­නවා. 

ගොවි­යන්ට, ධීව­ර­යන්ට, සුළු හා මධ්‍ය කර්මා­න්ත­ක­රු­වන්ට මේ සහන දෙන්න හැකි­වෙ­යිද වෙනත් රජ­යක් තිබුණා නම්. දෙනවා තියා හිත­න්න­වත් බැහැ. බාල ගෑස් ගෙනත් පිපි­රුණා. එහෙම තමයි ඒ ආණ්ඩු සහන දුන්නේ. කප්පම් යුගය අව­සන් කළ නිසා විප­ක්ෂ­යට එය අද අමා­රුයි දරා ගන්න.

15 Comments

  1. KOHOMADA ISTHAWARAKALE MAHA BENKUWEN DOLAR ELIYATA DALADA

    ReplyDelete
  2. Who is this IDIOT?

    ReplyDelete
    Replies
    1. කන්ටේනර 323ක් පන්නලා ඉස්සෙල්ලම ලස්සන ගේමක් ගහපු අති ගරු බිමල් රත්නායක මැතිඳුන්ගේ දයාබර බිරිද ඔය ඉන්නේ. උඹ ඒක දන්නෙ නැද්ද.

      Delete
  3. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ, තොට අමු කැවිලද. පුන්නක්කු කන උන් 68 ලක්ශයක් ඉන්න දේශයක් මේක. ඊලඟ පාරත් ඇඳගන්නවමයි ලක්ශ 10ක් වත් අඩුම ගානෙ.

      Delete
    2. ඒ වුනාට බලේට ආවේ තාත්තලා පුතාලාගේ, ගෑනිගෙයි මිනිහගෙයි දේශපාලනේ ඉවර කරනව කියලනේ. මේ ඉන්නේ ගෑණියි මිනිහයි.

      Delete
    3. Kisi lajjavak nathuva dennama ekata parliament eketh innava. Mun ehema karanne na kiyala nivve naththam kamak na. Kivvanam ayi enne?

      Delete
  4. කප්පම් යුගය අවසන් වුනේ කප්පම් වසන්තයා දැන් කප්පම් ගන්නේ නැහැනේ. ඌ හාල් ආනයනය කරලා ඒ ගාන වගේ හත් අට ගුණයක් හොයා ගන්නවා. ඒකනේ ඌටත් කෝටි 27ක වත්කම් ආපු විදිය කියාගන්න බොරුව අටවගන්න බැරි.

    ReplyDelete
  5. අත්‍යවශ්‍ය සේවා, නඩත්තු නොකර හිටියම අතිරික්තයක් පේනවා තමයි. ඒක උජාරුවට කියන්න දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අත්‍යාවශ්‍ය සේවා විතරක් නෙමේ, රටේ සංවර්ධනයට කියලා කිසිම ව්‍යාපෘතියක් පටන් ගත්තද. රට වෙනුවෙන් කියලා කරේ බුද්ධ සාසනේට කෙලවන එකයි, 6 වසර පොතට වැල දාපු එකයි, කො‍ටුවේ ස්ටෑන්ඩ් එක පේන්ට් කරපු එකයි විතරයි. ආ අමතක වුනා, රදගුරු ශානි එක්ක පුක බලා මහමොලකරු සොයා ගන්න වෙහෙසෙනවා. එච්චරයි ඉතින්.

      Delete
  6. වැඩ බැරි උනාට බොරු කියන්නයි, පඩත්තල අහංකාර කතා කියන්නයි මුන්ට නියමෙට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බිමල්ගේ නෝනනේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

      Delete
  7. ලැට් කට

    ReplyDelete
  8. මුන්ව දකින කොටත් අප්‍රිය යි හිරිකිතයි

    ReplyDelete
Previous Post Next Post