තේ දළු කැඩූ කාන්තාවක් ප්‍රපාතයකට ඇද වැටී අසාධ්‍යයි...

 

තේ වත්තේ වැඩට යමින් සිටි වතු කම්කරු කාන්තාවක් පාලමක් මතින් ගමන් කරමින් සිටියදී එක්වරම පාලම අසළ ප්‍රපාතයට ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රා දේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එම තුවාල ලැබු කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය මහතා පැවසීය.

අවුරුදු 72ක් වයසැති එම කාන්තාව බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිකාරිණියක් බවත්, ඇය වැඩට යමින් සිටියදි බගවන්තලාව ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග පාලම පසු කරනවාත් සමග එක් වරම පාලම අසළින් පහළට ඇදවැටෙනු දුටු වතුකම්කරුවන් එක්ව ඇය ගොඩට ගෙන රෝහල් ගත කර ඇත.

රංජිත් රාජපක්ෂ  

3 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 8:22 AM

    වයස 72ක් තවමත් දවස ගානේ තේ දළු කඩන්න යනවා. පවු. ඉක්මණින් සුවපත් වේවා.

    ReplyDelete
  2. ලංකාව දුප්පත්, මිනිස්සු දුප්පත්, රජයේ රෝහලට බෙහෙත් ගන්න ගියොත් බැනුම් කෝටියයි දින නැහැ, සල්ලි ටිකක් හොයාගෙන දොස්තර මහතෙක් ලගට ගියොත් සියලු තොරතුරු සහ පරීක්ෂණ කරනවා, ඹනද එපාද අපි දන්නේ නැහැ. ඒත් අපේ වැඩ ටික කරගන්න පුළුවන් කුලියකට යන්න පුළුවන්, වැඩට යන්න පුළුවන්, නැත්නම් මල කෙලියයි, කැම නැතිව මැරෙන්න වෙන්නේ, ඒත් දැන් සෙල්ලමක් පටන් අරන් පුද්ගලික අංශයේ රෝහලට ගියාම රෝහල් ගාස්තු විතරයි ගන්නේ බිල ඒකට විතරයි, දොස්තර මහතා වෙනම සල්ලි ඉල්ලගන්නවා බිල නැතිව. ටැක්ස් වලින් බේරෙන්න හොදයි, නැත්නම් ටැක්ස් ගානත් අපිටම දානවා තමයි, හැබැයි මේ අය ඉගෙන ගත්ත අයනේද? ඒ අයගේ සංගමය මේවට කතා කරන්නේ නැහැ නේද? රජයේන් නීතියක් දැම්මොත් මේ අය ස්ට්‍රියික් කරනවා නේද? බදු ගෙවීම හොද වැඩක් නේද? ඒ වගේම දුප්පත් මිනිහා ගැන බල්නනත් ඔන නේද? රජය බයයි තමයි, ඒත් ධර්මයට බය නැති දොස්තරලා සහ සංගමය ගැන කවර කතාද? අපාගත වෙනවා නේද? ඒත් සල්ලි ඔන ඇත. අනේ මන්දා කවුරු බලයිද අපි ගැන, දැන් ලොකුයි කියන රෝහල් වල තත්ත්වය ඔක. දාන්න බුද්ධි අංශ අල්ලන්න ටැක්ස් හොරු, බයයි අර GOMA දොස්තර සංගමය කෑගහියි කියලා

    ReplyDelete
  3. ඔය අර හුන්ඩු කොටා ගිහින්ල කරගැටේ අතගෑව ගෑනිද දන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post