කෝපායි පොලිස් ස්ථානය සඳහා අලූතින් ඉදිකරන ලද සියලූ පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ල (14) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කොට ඉදිකිරීම් අවසන් කරමින් ජනතා සේවයට එක් කළ මෙම නව පොලිස් ගොඩනැගිල්ල, ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක පොලිස් සේවාවක් සැපයීමේ අරමුණින් ස්ථාපිත කර ඇත.
මෙම අවස්ථාවේදී, පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටා තිබූ භූමියේ භුක්තිය එහි නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නැවත පවරාදීම සංකේතවත් කරමින් අයිතිකරුවන් හත් දෙනෙකු වෙත නිවාස යතුරු ප්රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
උත්සව සභාව අමතමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, ජනතාව වෙත කාර්යක්ෂම, විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබාදීම ශ්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම බවයි.
එසේම සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම සඳහා රජය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බවත්, ඒ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතාත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමාද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
aparade ape ranaviruvo yuddha kare
Deleteරනවිරුවො යුද්ධෙ කළේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තමා අවලමෝ. අනික තොපේ රනවිරුවො වෙන්නෙ කොහොමද ? රටේ උත්තෝ රටේ. සිරාවටම බැරිද තොපිට වද වෙලා යන්න. උබල මාර කරුමයක් ගෝතයෝ මේ රටට. සවලෙන් එකතු කරන්න යන්න ඕනේ බයිසන් මහ ගවයො ටිකයි පොඩි ගවයො ටිකයි
Deleteඋබ තමා ලොකුම ගවයා
Deleteඅවලන් කොටියෙක් පොලිස් ලොක්කා. අවජාතක ජෙපි හැතිකරේ හැදිගෑවිලා යන්න වස් කවි කියන්න ඕන. අර වලත්ත කාඩිනල් පොලිස් කාරයටත් එක්ක.
ReplyDelete