එක්සත් ජාතික පක්ෂය සමඟ එකට එක්වී ඉදිරි දේශපාලන කටයුතු කිරීමට මහනුවර දිස්ත්‍රික්කය තුළ සියලු සජබ පාක්ෂිකයන් කැමති බව මහනුවර දිස්ත්‍රික් සජඹ පාර්ලිමේන්තු මන්ත්‍රණී චමින්දානි කිරිඇල්ල මහත්මිය පැවසීය.
කිරිඇල්ල මහත්මිය ඒ බව අද (20) පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම සඳහා නාවලපිටියේ පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්දානි කිරිඇල්ල මන්ත්‍රීතුමිය කියා සිටියේ සමගි ජන බලවේගය ඕනෑම මොහොතක මැතිවරණයක් සඳහා සූදානම් බවයි.
එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ යම් එකඟතාවයක් ඇති කර ගනිමින් කටයුතු කරන්නේ නම් එම මැතිවරණය විශිෂ්ට ලෙස ජයගත හැකි බවද චමින්දානි කිරිඇල්ල මහත්මිය පැවසීය.
- රංජිත් රාජපක්ෂ

විය යුතු දෙයක්. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.
ReplyDeleteහොඳ මිනිස්සු කීප දෙනෙක් අතරේ කාලකන්නි බහුතරයක් ඉන්න එකතුවක්. කොහොම උනත් මාලිමාවේ පාහර ගොබ්බයන්ට වඩා නම් හොඳයි.
Deleteකොහොඹ ගහේ කරවිල වැල ගියා වගේ
ReplyDeleteනිදිකුම්බා ගහේ කටුවැල්බටු එතුණා වගේ
කොහිළවලේ එරමිණියා ගාල වගේ
නරක දනන් හා දුදනන් එකට රගේ
තේරුනා, තේරුනා...ජෙප්පචයන්ට හරිනෝන එකතුවුනා වගේ
Deleteඕකේ හොඳ මිනිස්සු ඉන්නේ කීප දෙනෙක් විතරයි. අනිත් උන් ගන්න දෙයක් නැහැ.
ReplyDeleteපාස්කු ප්‍රහාරේ උනේ මුන් නිසා. බෞද්ධ විරෝධි කඳවුරක් නිර්මානය කරේ යහපලන එජාප සෙට් එක. උන් ඒ කාලෙත් කරේ කොටි කඳවුර නියෝජනය කරපු එක.
රට බංකොලොත් වෙන්න පාර කැපුවේ ඕකුන්. හැබැයි ඒ උගුලට අහු වුනේ ගෝඨාභය.
සුරේස් සලේ අසාධාරණ විදියට රඳවගෙන වධ වේදනා දෙනකොට ඒකට විරුද්ධව කත කරපු අය කී දෙනාද ඔය පක්ශේ හිටියේ. අනිත් උන් සලේව මරන්නමනේ කතා කරේ.
අන්න සලේව මරන්න කතා කරපු උන් තමයි එදා යහපාලන CID ලොක්ක වෙච්ච වලං ශානි එක්ක සහරාන්ව බේරුවේ. අන්න උන් තමයි මහමොලකරුවො.
You are quite right. these are Political opportunists (S.J.B). Get rid of that loser opposition leader first. Bring back Ranil if you want go somewhere.
Deleteචමින්දානිට super elite look එකක් තියෙන්නෙ. උගන්ඩා ට හරිම jealous
ReplyDeleteMamath kamthi katha patha ganunta. Api ekwemu.
ReplyDelete