භාණ්ඩාගාර කොල්ලයේ වාර්තාව වැරදි පාරෙන් හර්ෂගේ නිවසට.. හර්ෂ එපා කියයි..


 මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (ඩොලර් මිලියන දෙකහමාරක) වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පෞද්ගලික නිවසට එවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම වාර්තාව සභාපතිවරයාගේ පෞද්ගලික පරිශීලනය සඳහා පමණක් බව සඳහන් කරමින් ඔහුගේ පෞද්ගලික නිවසට එවා තිබූ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. අදාළ ගනුදෙනුව පිළිබඳව සියලු විස්තර සහිත වාර්තාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර එකඟ වී තිබූ අතර, ඒ සඳහා සති හතරක කාලයක් ලබා දී තිබුණ ද වාර්තාව ඉදිරිපත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වී තිබිණි.

තමා හර්ෂ ද සිල්වා ලෙස නොව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ජනතාව නියෝජනය කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම වාර්තාව ඉල්ලා සිටියේ කාරක සභාවේ සාකච්ඡා කිරීමට මිස පෞද්ගලික පරිශීලනයට නොවන බව අවධාරණය කළේය.

"මට පෞද්ගලිකව මේ වාර්තාව එවලා මගේ නිවසට එවන එක මම ප්‍රතික්ෂේප කළා. මම ඒක භාරගත්තේ නැහැ," යැයි පවසමින් ඔහු සඳහන් කළේ නිසි සම්ප්‍රදායානුකූලව එය පාර්ලිමේන්තුව හරහා එවිය යුතු බවයි.

රජයේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය සහ අධීක්ෂණ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට වන අතර, මුදල් කමිටුව පත් කර ඇත්තේ එම වගකීම ඉටු කිරීමටය. එබැවින් මෙලෙස පෞද්ගලිකව වාර්තා එවීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් මුදල් කමිටුවේ වගකීම උදුරා ගැනීමක් බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කාරක සභාවේ සියලු සාමාජිකයන්ගේ එකඟතාව මත හර්ෂ ද සිල්වා මහතා නියෝග කර ඇත්තේ, හෙට (03) දිනය තුළ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කමිටු සාමාජිකයන් එය පරිශීලනය කර ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත

12 Comments

  1. api meka ewanne paksen ahala

    oya wade alakaranna epa

    honde

    ReplyDelete
    Replies
    1. දැන් ෂැපද​?

      Delete
  2. හර්සනයයි හර්සයයි දෙන්නම හොර පකයො දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ethakota ube pacha kota hoda ekada

      Delete
  3. කොමිනිස්ට් හීනයේ ඉන්න නූගත් වහල් ජෙප්පෝ මේවා අහලා වෙනස් වෙන්නේ නෑ...ජෙප්පෝ කියන්නේ වහල් ජාතියක් ....නූගත් හරක් ....ලපයා දන්නවා බෞද්ද උන්ව නිරාගමික පචයට හරි බෝන් අගේන් පචයට හරි හර්වන්න පුලුවන් කියලා ...ජෙප්පෝ දුක් විදින්නේ ලපයාගේ පච නිසා....

    ReplyDelete
  4. හර්ෂ ඔඹ ⁣ශ්රෙෂ්ඪයි. මේ පාපිස්සො උපන්ගෙයි හොරු. ජාතකය අවිනිෂ්චිතයි
    කෙසේවෙතත් උන්ගෙන් ඔබේ බලනහර ප්‍රවේශම් කරගන්න

    ReplyDelete
  5. හර්ෂයි ආණ්ඩුවයි කතා වෙලා පෙන්නන නාට්‍ය මේවා

    ReplyDelete
  6. කුල්ල කුජීතයි, ආණ්ඩුව නැට්ටේ ඉඳන් ගොම ගාගෙන ඉන්නේ දැන් 😀

    ReplyDelete
    Replies
    1. Blagena comment da da idapan..Wena monawa karanna da? Paradunama dukai thama machan

      Delete
  7. මැටි වැඩක්! කරන්න තිබුණේ සීල් කරලා බාරගෙන වහලා තියාගෙන optuons දෙකක් දෙන්න:
    1) කොපියක් වහාම සතියක් ඇතුලත කෝප් එකට එවන්න
    2) සතියෙන් එව්වේ නැත්නම් වාර්තාව කෝප් එකට දෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ෂැපද​?

      Delete
  8. හර්ෂ මේ කියන්නෙ ඇත්ත නං ඔයා බලනහරෙ පරිස්සං කරගන්න..

    ReplyDelete
Previous Post Next Post