පෙරේදා ඇතුලට ගිය ෂාන් අද එලියට...


පළාත් සභා මැතිවරණයක් ආසන්නයේදී රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත පුටු බෙදා හරිමින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටි දකුණු පළාත් හිටපු මහ ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් එක් සැකකරුවෙකු වෙනුවෙන් රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු බැගින් නියම කළ අතර, සැකකරුවන් දෙදෙනාටම විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

මීට අමතරව, මෙම සැකකරුවන් ඇප මත සිටින කාලය තුළ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් සභා පරිශ්‍රයන් වෙත ඇතුළු වීම ද අධිකරණය විසින් තහනම් කර ඇත.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට සම්බන්ධ පළමු සැකකරු ලබන ජූනි මස 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගයන් නිකුත් කරන ලදී.

සිද්ධියට අදාළව දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

3 Comments

  1. එයා එහෙම ආවට දෙවෙනි ලංකට් දවස් 90 කට ඩී ඕ.

    ReplyDelete
    Replies
    1. ඔව් පර බැල්ලිගෙ පුතා අද කිරි වෙහෙරෙ හැමිනෙනවා පොල් බෑ දෙකක් අරං. පකය බය වෙලා ඉන්නෙ නැට්ටට. කොහොමද යුද විරුවොන්ගේ තරම? සරමෙ චූ ගිහිං.

      Delete
  2. දවස් දෙකකට ඩොබි සෙට් එකට දීපු චූන් එකක්

    ReplyDelete
Previous Post Next Post