හොංකොං නුවරදී පැවැත්වීමට නියමිත 14 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා නිර්දේශිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් එකම පාසල් ක්‍රීඩිකාව වන තුමල්කා ඒකනායක එම සංචිතයෙන් ඉවත් කර, වෙනත් සුදුසු ක්‍රීඩිකාවක් ආදේශ කරන ලෙස පුහුණුකාරිණී සොමිතා අල්විස් කළ ඉල්ලීම ජාතික දැල්පන්දු තේරීම් කමිටුව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ලබන අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නම් කළ 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ද දැනටමත් හිමිව ඇත.
ජාතික කණ්ඩායමට තේරී පත්ව සිටින එකම පාසල් ක්‍රීඩිකාව වන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ 18 හැවිරිදි තුමල්කා එම්.එස්. ඒකනායකයි. අඩි හයයි අඟල් දෙකක් උසැති ඇය, පන්දු විඳින්නියක්, පන්දු ප්‍රහාරිකාවක් මෙන්ම පන්දු රකින්නියක් ලෙස ද සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවකි.
කෙසේ වෙතත්, පුහුණුකාරිණිය විසින් මෙම ක්‍රීඩිකාව සංචිතයෙන් ඉවත් කර තමන් යෝජනා කරන වෙනත් ක්‍රීඩිකාවක් ආදේශ කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියද, තේරීම් කමිටුව එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒකමතික තීරණයක් ගනිමිනි.
කමිටුව අවධාරණය කර ඇත්තේ මෙම කණ්ඩායම සංශෝධනය කිරීමට කිසියම් හෝ බලපෑමක් එල්ල වන්නේ නම්, ඊට එකඟ නොවී තේරීම් කමිටුවේ සියලුම නිලධාරිනියන් ඉල්ලා අස්වන බවයි.
මේ අතර, තුමල්කා ඒකනායක ක්‍රීඩිකාව වටා නිර්මාණය වී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර ද මේ වන විට බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ.
සංචිතයේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන් පිරිසක් ඇය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පැන නැගී ඇති පසුබිමක, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් ඊයේ (ජූනි 15) ඇයව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
පුහුණුකාරිණී සොමිතා අල්විස් මහත්මිය දිගින් දිගටම පවසා ඇත්තේ තුමල්කාගේ පවතින යම් යම් ගැටලු හේතුවෙන්, දැනට අතිරේක ක්‍රීඩිකාවක් ලෙස නම් කර සිටින රුක්ෂලා හපුආරච්චි එම ස්ථානය සඳහා වඩාත් සුදුසු බවයි. කෙසේ වුවද, අසනීප තත්ත්වයක් නිසා පසුගිය දින කිහිපයේ පුහුණුවීම් අහිමි වූ තුමල්කා, ඊයේ පැවැති වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්ව ඇත.
පවත්නා නොසන්සුන් වටපිටාව හමුවේ තමන්ට කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු කරගෙන යාමට බාධාකාරී සහ අපහසු තත්ත්වයක් උදාවෙමින් පවතින බවට තුමල්කා ඒකනායක ක්‍රීඩිකාව මේ වන විට පැමිණිලි කර ඇත

ඉතින් අපිට පාන්ද?
ReplyDeleteආප්ප කන්න පුරුදු වුනාම රෑට ආප්ප කන්නම ඕනලු❤️❤️❤️❤️ බොරුනම් අපේ සරනිගෙන් අහන්න . එයා ඕකට අනිවාර්යයෙන්ම මැදිහත් වෙලා විමදයි
ReplyDelete