දිට්වා සුලි කුණාටුවෙන් මාස 7කට පසු නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් (20) දින උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේන ආරම්භ කෙරිණ.
මෙතෙක් කල් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වු අතර, අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, පැරකුම්පුර ප්‍රදේශයේ නාය ගොස් තිබූ ස්ථානය දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ අධික්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් මගින් සිදු කිරිමෙන් අනතුරුවයි පොඩි මැණිකේ දුම්රිය (20) දින නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලැබූවේ.
නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව දුම්රිය ධාවනය කිරිමේ කටයුතු ආරම්භ කල අතර, පොඩි මැණිකේ දුම්රියෙන් ඇල්ල සහ බදුල්ල දක්වා ගමන් කිරිමට විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයන් පැමිණ සිටියහ.
මේ වසර අවසාන වන විට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට බදුල්ල දක්වාම ධාවනය කිරිමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක මහතා කියා සිටියේ.
උඩරට දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ධාවන කටයුතු (20) දින සිට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය කරන බවයි නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

තාම මහනුවරට කෝච්චිය නෑ.
ReplyDeleteතදින්ම විරුද්ධයි කෝකෝච්චියේ කහ, කලු බැලුම් වලට..අපිට හරි කන ගාටුයි රතු බැලුම් වෙනුවට වෙනත් පාටින් බැලුම් ගැසීම ගැන..පැලවත්තෙ අවඳානයට
ReplyDeleteWALAN SANY AND SIRIL GAMINI WILL TAKE ACTIONS
Delete