ඩෙංගු පාලනයෙන් ගිලිහේ..? රට පුරා වසංගත තත්වයක්..


දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වෛරසය මේ වනවිට වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ විසින් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා අද (ජුනි 17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වත්මන් අවදානම් තත්ත්වය පැහැදිලි කළේය.

මේ වනවිට රටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50%ක්ම, එනම් අඩකටත් වඩා වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් බව හෙළිවී ඇත.

පසුගිය කාලසීමාවේ දිවයිනේ පැවති අහිතකර කාලගුණික තත්ත්වය මෙන්ම ඩෙංගු වෛරසයේ ප්‍රභේදයන්හි සිදුව ඇති වෙනස්කම් මෙම සීග්‍ර වර්ධනයට සෘජුවම බලපා තිබේ.

පසුගිය වසර තුනක කාලය පුරාම මෙරට ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණි.

නමුත් මේ වසරේ තත්ත්වය පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර, පසුගිය සමස්ත වසරේම වාර්තා වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාව, මේ වසරේ පළමු මාස 6 නිමවීමටත් මත්තෙන් ඉක්මවා ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය සතියේ නිකුත් කළ නිල දත්තවලට අනුව, වසරේ මුල් මාස 6 ගෙවී යාමටත් පෙර ශ්‍රී ලංකාවෙන් ඩෙංගු ආසාදිතයන් 40,443 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් මේ වසර තුළ පමණක් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 24කි.

10 Comments

  1. ඒ වුනාට සලේව අල්ලගෙන වධ දෙනවනේ. යුද්ධෙ ඉවර කරපු හමුදාවෙනුයි රාජපක්ශලාගෙනුයි පලි ගන්න එක තමයි එයාලගේ මාලිමාවුන්ගේ එකම සතුට. කන්න නැති වුනත් රටට ජාතියට ආගමට කෙල වුනත් විරුද්ධ පක්ශෙ උන්ගේ ලේ දකින්න විනාශය දකින්න, මැරෙනව දකින්න තමයි මාලිමාවටයි මාලිමාවේ පල්ලියටයි ඕන.

    ReplyDelete
    Replies
    1. තවත් තෙතමන බලකායේ වහලෙක්

      Delete
    2. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
    3. ඇත්ත. පිටරටට වෙලා ලංකාවට කෙලපු එවුන්ව එහෙන් එලවනවා.ගෝටබය❤මැතිතුමා හිටපු නිසා කොරෝනාවෙන් බේරුනා. මුන් හිටියන්ස්ම් රට විසාලාවක්. දැනුත් ඩෙංගු නිසා ඉස්පිරිතාල විසාලා නුවර වගේ. සක්කිලි ජවිපාවුන් ට මුකුත් බෑ.

      Delete
  2. තමන්ගේ අමාත්‍යාංශයේ අදාල රාජකාරි නැතුව වෙන වෙන වැඩ ලොකු කරගත්ත ඇමතියෙක් ඉන්නකොට මෙහෙම නොවී තිබුන නං තමයි පුදුමේ.මේ තමයි ඇමතිගේ ආණ්ඩුවේ කාර්ය සාධක දර්ශකය.

    ReplyDelete
    Replies
    1. ඌ ඒ අස්සෙත් කියනවා සලේ හෙන සැපෙන් හිටිය කියලා ඩෙංගු ගැන කතා කරේ නැහැ.. එච්චර සැපයි නම් ඌවත් ඒකට දැම්ම නම් හරි. එතකොට ශානි පුක බලලා කියාවි මොකද්ද ලෙඩේ කියල.

      Delete
  3. අගරදගුරා ඇතුලු නඩේ ඡන්දෙට සති 2කට කලින් කිව්වා උන්ට ජනාධිපති වාර්ථාව හම්බුනේ නැහැ කියලා.
    ඊට පස්සේ කිව්වා පි‍ටු අඩුවෙන් හම්බුනේ කියලා.
    ගම්මන්පිල කිව්වම රවි, ශානි දෙන්නා චූදිතයො බව ජනාධිපති කොමිසන් වාර්ථාවෙන් ඔප්පු වෙලා කියලා, පල්ලියෙන් කිව්වා බංකොලොත් පක්ශ වල එවුන් කියන කතා ගනන් ගන්න එපා කියලා.
    බෞද්ධයෙක් වෙච්ච බුද්ධි නිළධාරී නිලන්ත ජයවර්ධන මරන්න ඕන කිව්ව ජූඩ් පාදිලි පරයා ඇතුලු පාදිලි සෙට් එකම, සහරාන් වනාතවිල්ලුවේ බෝම්බ ගහන එක වෙලාවේ අල්ලන්නේ නැතුව අතැරපු ශානිට මුකුත් කියන්නේ නැහැ. බෝම්බ ගහන බව බුද්ධි අංශ කියාපු ලියුම පැත්තක තියලා බෝම්බෙ වදින්න සලස්වපු රවි සෙනෙවිරත්නට විරුද්ධව මොකුත්ම කියන්නේ නැහැ.
    අන්තිමට වැරදි ඒ කාලේ බුද්ධි අංශෙන් ඉවත් වෙලා සිංගප්පූරුවේ ජොබ් එකක් කරගෙන හිටපු සලේ. කැක්කිල්ලේ කතාවත් මීට වඩා පොඩ්ඩක් සාධාරණයි. මාලිමාවෙ උන් මෙච්චර මෝඩ, අමන තකතීරු හැත්තක්ද. හිතාමතාම අයුක්තිය අසාධාරණය වපුරන ජෙප්පන්ට සාපවේවා! උන්ට හෙන හතම වදීවා!! සාපම වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයා මේවට විරුද්ධව හඬ නගන්න ඕන. අගරදගුරු ඇතුලු පල්ලියේ පැහැදිලිවම පේන ආගමික අන්තවාදයට විරුද්ධ වෙන්න ඕන. පල්ලිය ගෙනියන ජාතිවාදය, ආගම්වාදය පරද්දන්න ඕන.

      Delete
  4. ගලකපත්ති පචරෙනJune 19, 2026 at 7:09 AM

    පසුගිය වසර තුනක කාලය පුරාම මෙරට ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණි. නමුත් මේ වසරේ තත්ත්වය පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර, පසුගිය සමස්ත වසරේම වාර්තා වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාව, මේ වසරේ පළමු මාස 6 නිමවීමටත් මත්තෙන් ඉක්මවා ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.
    මේකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ රාජපක්ෂ පවුල සහ රනිල්ගේ කණ්ඩායමයි.

    ReplyDelete
    Replies
    1. ඔබට පොල් ගස් නගින්න පුළුවන්ද? අගනා රැකියා අවස්ථාවක්. ගහකට 350ක්.

      Delete
Previous Post Next Post