විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තුව හයදාහයි..


 මේ වන විට පෞද්ගලික අංශයේ රෝහල් රැසක විශේෂඥ වෛද්‍ය ගාස්තු රුපියල් හයදහසේ සීමාව ද ඉක්මවා ඇති තත්ත්වයක් යටතේ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

වෘත්තිකයන් මත පනවා ඇති බදු බර, අධික සෘජු හා වක්‍ර බදු, පෞද්ගලික අංශයේ රෝහල් සේවාවලින් අය කරන බදු මෙන්ම ඉහළ ගිය විදුලි බිල, ඉන්ධන මිල ඇතුළු පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම මේ අන්දමට විශේෂඥ වෛද්‍ය ගාස්තු දැඩි ලෙස ඉහළ නැංවීමට හේතු වී ඇත.

මේ හේතුවෙන්, රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට නොහැකිව පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව පෞද්ගලික අංශයේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු, ඖෂධ, ශල්‍යකර්ම හා ශල්‍ය උපකරණ ගාස්තු ද දැඩි ලෙස ඉහළ අගයක් ගැනීම, සෞඛ්‍ය රක්ෂණ ක්‍රම නොමැති සාමාන්‍ය මහජනතාවට දරාගත නොහැකි පීඩාවක් බව ඔහු පවසයි.

පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා නියාමනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වුව ද, මේ වන විට එම පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

14 Comments

  1. දුන්නා චන්දයක් අම්මට හිෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්න්ම

    ReplyDelete
  2. මේවත් අඩු කරන්ඩ ඕනෑ ලෝක වෙළඳපළේ තෙල් මිළ අඩු වුණ හින්දා.

    ReplyDelete
  3. කාඩිනල් තමා සතුටුමJune 26, 2026 at 6:39 PM

    මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අයට ලෙඩක් නෑ. ඉතුරු වෙලා ඉන්න පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට මොළේ අමාරුව, දැන් ඒකට මානසික වෛද්‍යවරයෙක් චැනල් කර ගන්ඩ 6000ක් ගෙවන්ඩ වෙලා, බේත් ගන්ඩ විදියක් නෑ, පිස්සු තද වෙලා පොහොට්ටු බයියන්ට. හයියෝ.

    ReplyDelete
    Replies
    1. කං කාං බූරු..
      පච පච..
      https://youtu.be/Od8GztQQDew?si=NHC40J8a-mpd-2u6

      https://www.facebook.com/share/v/1BUupHVyXg/

      කෙබර වැලක්
      https://www.facebook.com/share/v/1D9dbKCTtD/

      බොරු
      https://www.facebook.com/share/v/17ZQ7TqZ3z/

      https://www.facebook.com/share/v/1FgXZUHgTS/

      බේගල්
      https://www.facebook.com/share/v/1BdVHqZnbM/


      Delete
    2. ලෙඩ්ඩු ඉන්න ගෙවල් වල මිනිස්සු විදින දුක බෙහෙත් අදික මිල ඒ අය දන්නවා.

      Delete
  4. සහන ගන්න ඡන්දෙ දීපු එවුන් පව් ...

    ReplyDelete
  5. මිලින්ද රජපස්සේ තට්ටය සහ කොට ගවුමල් අඳින ඉරාජ් කොලු කෙලි වෙනිසුඑලාවේ බූමිකම්පාවෙන් විපතට පත්ව්වුවන්ට සහන සලසිමිඅ සදහා මුළු ලෝකයෙන්ම පවුම්, ඉයුරෝ යෙන් ඩොලර් ඉල්ලා සිටි. මිට දායක වී පිනක් කරගන්න. ඔබගේ දේපල මිල මුදල් වස්තුව උන්ගේ ගිණුමට බැරකරන්න.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 26, 2026 at 8:37 PM

      ඇයි අර සුදු ගවුම් ඇඳල, කලු රෙදිපටි බඩේ බඳින තට්ටයට හෙන ගහනවද භූමිකම්පා ආධාර වලට යූරෝ ටිකක් ඇරියොත්?. පාස්කුවෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ පවුල් වලට දෙන්ඩ කියල වතිකානුවෙන් හම්බවෙලා, මාටිය ගහපු යූරෝ පනස්දාහෙන් බ්ලැක් ලේබල් 
      විස්කි බොනව ඇරෙන්ඩ පිනට කීයක් හරි දුන්නොත් නරකද?

      Delete
  6. Uk channel fee per person per one time is 125275 LKR in private sector. Srilankans are very very lucky.

    ReplyDelete
  7. ඇත්තටම මේ අසාධාරණ චැනල් ගාස්තු නියාමනය කරන්න රජය මැදිහත් වෙන්න ඕන..
    අන්තිම අසාධාරණයි ඒ අයකිරීම.

    ReplyDelete
    Replies
    1. කාඩිනල් තමා සතුටුමJune 26, 2026 at 9:01 PM

      රජය මැදි හත් වෙලා කරන්ඩ ඕනෑ රටේ මිනිස්සුන්ව ශාරීරික ව්‍යායාම වලට යොමු කරවන එක, සීනි වලට බදු පිට බදු ගහලා මිළ වැඩි කරණ එක, රෑට කන්නේ හවස 6න් පස්සෙ නම් අලුත් බද්දක් ගස්සවන එක, කන්නේ කීයටද කියලා බලන්ඩ රහස් පොලිසිය දාන එක.

      Delete
  8. ටැක්ස් ගෙවන්න තියෙන නිසා චැනල් ගාස්තුව රුපියල් 3000/- වුණාට කමක් නැහැ. ඊට වඩා ගන්න එක අසාධාරණයි.

    ReplyDelete
  9. හැත්තෑවෙ මැතිනිගෙ ආණ්ඩුව වෙනකොට දොස්තලට ප්‍රයිවට් චැනල් තහනම් කරලා තිබුණෙ. රජයේ වියදමින් ඉගෙන ගෙන රජයටම සේවය කරන්න නියම කරල තිබුණෙ. පසුව රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න කොට ශත විසිපහක මුද්දරයක් ගෙවන්න උනා . ඒකට විරුද්ධ උන ලංකාවේ මෝඩ ජනතාව මැතිණිය ගෙදර යවලා ජේ ආර් බලයට පත් කලා. දැන් මොකද වෙලා තියෙන්නේ බල්ලො මරල සල්ලි හොයන තත්වයට පත් වෙලා.

    ReplyDelete
  10. Kiuwe hama ekatama Family doctor kenek innawa/hadanwa kiyala.. ammage redda...chaneel walin patta ganak kadanawa.. Baiyo/Jebbaiy/Toiyo/Wahallu meek naha ewata..3rd world country wala inna hama eaktama ona ganak hamba karanna puluwan. Tution gurala dawasata 4000 gannawa conmfing maths waling, 160000 per month....onna okai thathwe.......iskole uganwanne naha, ugannwana de enne naha. &&^((^%% ratak..

    ReplyDelete
Previous Post Next Post