වෙසක් පෝයට ගුටි දන්සලක්.. දන්සල් මැරයෝ මෝටර් රියකට වටකර පහර දෙති..


 පාර අවහිර වන සේ සංවිධානය කර තිබූ දන්සලක් අසලින් තමන්ගේ නිල වාහනයෙන් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවකදී, පිරිසක් විසින් තමන්ට කුණුහරුපයෙන් බැන වැදී දරුණු ලෙස පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලේ විස්තර අනුව බත්තරමුල්ල කොස්වත්ත හන්දියේ සිට රාජගිරිය අඹගහ හන්දිය දක්වා දිවෙන කලපලුවාව කොස්වත්ත මාර්ගයේ, අග්ගොන මාළු සහ එළවළු වෙළෙඳපොළ අසලදී මෙය සිදුව ඇත.

අදාළ ස්ථානයේ පිරිසක් විසින් පාර මුළුමනින්ම වසා දමමින්, වාහන නවත්වමින් දන්සලක් පවත්වමින් සිට ඇත. ඒ හේතුවෙන් ඉදිරියට යාමට නොහැකි වූ පැමිණිලිකරු තම රථයේ නළාව එක වරක් නාද කර තිබේ.

ඉන් උරණ වූ දන්සල් සංවිධායකයින් ඇතුළු පිරිස වාහනය වටකර අශිෂ්ට ලෙස බැන වදිමින් පහර දී ඇත. සැකකරුවන්ගේ මුහුණු පැහැදිලිව පෙනෙන සේ තම ජංගම දුරකථනයෙන් දර්ශන පටිගත කර ගැනීමට තමන්ට හැකි වූ බවද ඔහු පවසයි.

මෙම මැර ප්‍රහාරය හේතුවෙන් පැමිණිලිකරුගේ බිරිඳගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර, ඔවුන් ගමන් කළ මෝටර් රථයටද දැඩි ලෙස අලාභහානි සිදුව තිබේ.

සිද්ධිය සිදු වූ වහාම ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංශයට මෙන්ම, වැලිකඩ සහ තලංගම පොලිස් ස්ථාන වෙතද දුරකථනයෙන් දැනුම් දීමට ඔහු පියවර ගෙන ඇත.

මහජනතාවට හිරිහැර වන පරිදි අත්තනෝමතික ලෙස හැසිරෙමින් නීතිය අතට ගත් මෙම සාහසිකයින් කඩිනමින් අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටු කරන ලෙස පැමිණිලිකරු පොලිසියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

10 Comments

  1. oya kiyana thana thalngama policiyata peena durane.. un jarawa kanwa athi maalu kaden.. duushithma ewun inna thanak..

    ReplyDelete
  2. ata jepi haththa, Polimata tiyala wedithiyala daanna one

    ReplyDelete
  3. මිනිසුන්ට වෙසක් බලන්න යන්න බැරිවෙන්න වෙසක් දවසේ ඉන්ධන මිළ වැඩි කළා. මිනිස්සු කුපිත වෙලා

    ReplyDelete
  4. දන් සැල් දෙද්දී කිසිසේත්ම ගමනාගමනයට බාධා නොවෙන විදියට කරන්න ඕන. අනිත් එක කවුරු හරි චෝදනාවක් කරත් උන් එක්ක පැටලෙන්න යන්නෙ නැතුව තමන්ගේ වැඩේ කරගෙන ඉන්න දන්සැල දෙන උන් දැනගන්න ඕන. ගෑනුන්ටත් ගහන්න දන්සැල දීලා තියෙන්නෙ පිරිමිද බං? උන්ගේ අම්මලගේ වැරදි ඉතින්.

    ReplyDelete
  5. මම දැක්කා ඔය video එක. ඔය වගේ සක්කිලි අනිවාර්යෙන් හිරේ යවන්න ඕන. වන්දියකුත් ගෙවන්න කියන්න ඕන. යකෝ දන්සල් දෙනවා කියලා උඹලා පොරවල් වෙන්නේ නෑ. මේ දන්සල් වලට උනත් අනුමැතිය දෙද්දී පාරවල් අවහිර නොවෙන විදිහට කරනවා නම් විතරක් අවසර දිය යුතුයි.

    ReplyDelete
  6. ඔය වගේ පාරෙ වාහනවලට ගහන්නෙ තනිකරම දාර ජෙප්පො

    ReplyDelete
  7. mun awilla JEEPO set ekak nawatha tyre saya gamu munwa puchchladamu allala amuwen ethokota anith unuth oya wage wada karna ekak naa , oke video ekak yanawa social media eke podi lamayekuth innawa

    ReplyDelete
  8. දන්සල් දෙන බහුතරයක් මැරයෝ. එසේම දන්සලක් දැක්ක ගමන් ගමන අමතක වෙලා පාර මැද වාහනේ දාල පෝලිමට දුවන අපත්යොත් ඉන්නවා. ඇත්තටම මේක මල කරදරයක්

    ReplyDelete
  9. කුහක දාර ජෙප්පො මේ වගේ ජඩ වැඩ කරන්නේ.

    ReplyDelete
Previous Post Next Post