ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මැදිහත් වී ආරම්භ කර ඇති නව මෙට්‍රෝ බස් රථ සේවාව හේතුවෙන් මෙරට බදු ගෙවන්නන් දැඩි මූල්‍ය පීඩනයකට ලක්වනු ඇතැයි පෞද්ගලික බස් හිමියන් අනතුරු අඟවති.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, දැනට ධාවනය වන මෙම මෙට්‍රෝ බස් රථ ක්‍රියාවලිය නීතිමය රාමුවෙන් බැහැරව සිදුවන්නක් බවයි.
වත්මන් ආර්ථික වටපිටාව තුළ මෙවැනි බස් රථ විදේශවලින් ගෙන්වා ප්‍රවාහනයට එක් කිරීමට රජය ගත් පියවර දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
රජය විසින් මහජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබුණ ද, මින් පෞද්ගලික වාහන හිමියන් හෝ සාමාන්‍ය මගීන් පොදු ප්‍රවාහන සේවාව වෙත නැඹුරු කරවා ගත නොහැකි වනු ඇතැයිද ඔහු කීය.
මෙම බස් රථ සම්ප්‍රදායික බස් රථවලට සාපේක්ෂව මෙම මෙට්‍රෝ බස් රථ සඳහා අධික ඩීසල් ධාරිතාවක් වැය වන බවත් ඉදිරියේදී සිදුවන ඕනෑම මූල්‍යමය අලාභයක් අවසානයේදී පියවා ගැනීමට සිදුවන්නේ රටේ පොදු මහජනතාවගේ මුදලින් බවත් ඔහු පෙන්වා දේ.
රජය විසින් ජනතා මුදල් මෙවැනි නිෂ්ඵල ව්‍යාපෘති සඳහා නාස්ති කරන බවට චෝදනා කළ සභාපතිවරයා, මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් කටයුතු මෙන්ම එහි මූල්‍යමය පැවැත්ම පිළිබඳව මීට වඩා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

අවුරැදු දහඅට ඉක්මවූ සියලු පුරවැසියන්ගේ සවභාවධර්මයේ ඹෟෂධ සඳහා පවතින්නාවූ පරම අයිතිය ස්ථාපිතකිරීමට,දේශීය හෙළ වෙදකමේ කොඳුනාරටිය බඳු ''කප්රැක'' කන්සා ශාකය සඳහා නාසිවාදී පර සුද්දා විසින් ඵකල චීනය විණාශ කල පරිද්දෙන්ම අයිස්,හෙරොයින් වැනි විශ මතද්රව් ව්‍යාප්ත කිරීමට සිදුකරනා කෘෘර මෙහෙයුම,..
ReplyDeleteබටහිර ඹෟෂධ මාපියාව මැදිහත්වී සූකෂම ලෙස හසුරවනු ලබනා,..
''කන්සා තහනම''..
සවභාවධර්මයේ විශිෂ්ඨ ඹෟෂධීය කන්සා ශාකය සදහා නාසිවාදීන් විසින් පනවනාලද ''පරගැති අවනීතීය" වහාම යාවත්කාලීන කරනූ,.!
මණුසත්වයන්ගේ කාන්සාව නැනිකර,මානසික ඵ්කාග්‍රතාවය නිර්මාණශීළීතවය වර්ධනයකර රදවා ගැනීමට සවභාවධර්මයේ දේශීය කන්සාශාකයේ සියළුම භාවිතයන් ''අවුරැදු දහ අටට වැඩි පුරවැසියන් සඳහා වහාම නීත්‍යානු කූළව වහා තහවුරැ කරනූ,.!
මත්ද්‍රව්‍ය අතින්දමා අත්අඩංගුවටගෙන තරැණ ජීවිත විණාශකරදැමීම වහාම නවතනු,.!
👍👍👍
Deletenodanna dewal kiyawanne nathuwa gedara pala
ReplyDeleteමේ බස් කාරය රකින්න කියනවා නොවෙයි ඔන්න බලන්න මේ බස් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා අන්තිම මේවාට වියදම් කරපු සල්ලි ගෙවන්න වෙන්නෙත් අපිට. මේක පටන් ගත්තේ රටේ ජනතාවට අදරෙට නොවෙයි මාලිමාව රටට වෙනසක් කරා කියලා මිනිස්සුන්ට පෙන්වන්න. මොකද මුංට කියල වෙන කිසිම දෙයක් කරන්න හැකියාවක් දැනු මක් ප්රබුද්ධ බවක් නැති නිසා. මුංට පුලුවන් මිලට ගැනීම් පමණයි මොකද ක්ෂණික මුදල් එන්නේ මිලට ගැනීම් වලින්. පක්ෂෙට අරමුදල් එකතු කරන්නත් ඕනැනේ . මීලගට කෝටි ගණන් මුදල් යටි මඩ් ගහනවා මේ බස් වලට ගෙන අමතර කොටස් වලින්. අන්න ජවිපෙ ක්‍රමය.
ReplyDeleteතමන්ගේ මට්ටo තම්මට්ටo කිව්වලු
Deleteමේවගේ බස් රථ සේවයක් ලංකාවට ප්‍රායෝගිකවත් මුල්‍ය වශයෙන් දරාගන්න පුළුවන් කමක් තිබෙනවානම් ඉතාම අගෙයි.
නමුත් අද රටේ තිබෙන තත්වය අනුව මෙමෙ සේවාව ආර්ථික වශයෙන් පාඩු නැතුව පවත්වාගෙන යන්න පුලුවන්ද කියන ප්රශ්නය තිබෙනවා. පෙනේන හැටියට බස් ටික නිකම් ලැබුන විදියට තමා කතා කරන්නේ, ඒ ගැන පැහැදිලි ත්ප්රතුරක් නැහැ.
ඒ කියන්නේ මෙයට යොදවපු ප්රාග් ධනය කොපමණද, මෙමෙ බස් රථ වල බලාපොරෝතොතු වන සේවා කාලය කොපමණද, නඩත්තු පිරිවැය ගැන ඇස්තමේන්තුවක් තිබේද, එමෙන්ම සේවා කාලය ඉක්ම වූ පසු ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුම කුමක්ද.
මේවට රක්ෂණ වියදම් කොහොමද
ඒ අනුව මෙම සේවාව පවත්වාගෙන යන්නේ ලාභ ඇතුවද, නැත්නම් පාඩු වෙනවනම් එම පාඩුව පියවන්නේ කොහෙන්ද?
"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
DeleteYou are quite right .
Deleteඉන්දන මිල මෙච්චර ඉහල කාලෙක ගෙනාපු ගොන් තකතීරු වැඩක්. හෙන ගොන් රැලක් රට පාලනය කරන්නේ.
ReplyDeletemehemai MUN EDA Ginithiyapu bus wala hatiyata me genapu bus madi ?? mona unath METRO BUS one lankawata oya para gamunuwage lory body epa dan meka wenas karanda kale hari ?
ReplyDeleteගැමුණු මේක හොඳට අධ්‍යනය කරන්න..ඔබලා කරන්නේ බිස්නස් එකක්.තව තව මෙට්‍රෝ බස් රථ ධාවනයට යෙදවිය යුතුයි.මෙන්න එයින් ලැබෙන ප්‍රතිඵල.
ReplyDelete1.වැඩි දෙනෙක්ඒ කියන්නේ කියන්නේ පෞද්ගලික වාහන ඇති අයත් පාවිච්චි කරන්නට පෙලඹෙනවා කල් යාමේදී
2ාම්.ඩ්ද්න්ඔවුන්ගේ පෞද්ගලික වාහන සඳහා යනු ඉන්ධන වියදම ඉතුරුවේ තවදුරාහනය නඩත්තුව ආමොවේ. වාහනේ ගෙවීම් අඩුවේ.
3.මේ හේතුවෙන් මාර්ගයේ තදබදය අවම වන අතරමාර්ග අනතුරු අඩුවීමට මෙය බලපයි
4.අවසාන ප්‍රතිඵලයක් විදිහට ඉන්ධන සඳහා මෙරටින් පිටරටටයන ඩොලර් ප්රමාණයේඅඩුවේ.