ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු කතා තුළ රට ගොඩනැඟීම පිළිබඳව කිසිදු අන්තර්ගතයක් නොමැති බැවින් ඔහුගේ කතා අසන තාරුණ්‍ය නැවතත් රටහැර යාම සඳහා පාස්පෝට් පෝළිමට එකතුවෙමින් සිටින බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
"අපේ පාර්ලිමේන්තුවේ සම්ප්රදායක් තියෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොනවා කිව්වත් ඔහුට බාධා නොකරන්න. අපි සම්ප්රදාය ගරු කරන මිනිස්සු හැටියට අපි කට වහගෙන ඉන්නවා. හැබැයි ඒ සම්ප්රදාය අවභාවිතා කරලා එතුමා අවලාද ගොඩක් කියලා ගියා යන්න. ඔහු ආමන්ත්‍රණය කරනවාද මේ ඌව පරණගම ගොවීන්ගෙ ගොවි ගැටලු ? ඔහු ආමන්ත්‍රණය කරනවාද අවුරුදු තුනක් තිස්සේ කිසිම කෙනෙකුගේ ආදායම් වැඩි නොවුණු තත්වයක් තුළ විදුලි බිලට වුණ දේ ? ඉන්ධන වියදමට වුණ දේ ? වතුර බිලට වුණ දේ ? සියලුම පාරිභෝගික භාණ්ඩවලට වුණ දේ ? කතා කරනවද, නෑ .... එතුමා කතා කරනවාද මේ ඩොලරය ඉහළ යාම නිසා අපේ පාරිභෝගික ජීවිතවලට අද වෙලා තියෙන වින්නැහිය ? කතා කරේ නෑ. අපේ රටේ අධිකරණ පද්ධතිය බරපතළ ලෙස අභියෝගයන්ට ලක්වෙලා ජනතාවට අධිකරණය ගැන තියෙන විශ්වාසය හීනවෙමින් පවතින බව ඔහු දැනගෙන ඉඳලාත් ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ගැන කතා කළේ නෑ. ඔහු ඒ වෙනුවට අවලාද ගොඩක්, නාඩගම් වේදිකාගත කරලා ඒ වේදිකාගත කරපු නාඩගම් ගැන සාරාංශයක් දීලා මේ රටේ ඉන්න බහුතරයක් බුද්ධිමත් ජනතාවට විශාල අවඥාවක් කළා.
රටේ ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව අමතනකොට පළවෙනියටම අවශ්‍ය වෙන්නෙ, කොහොමද රටේ මිනිස්සු මෝටිවේට් කරන්නෙ අභිප්‍රේණය කරන්නෙ, නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්නෙ, අපනයනයට දායක කරගන්නෙ, කුඩා ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට කොහොමද ශක්තියක් දෙන්නෙ, බලාපොරොත්තුවක් දෙන්නෙ කියන ඒවා. ඒ වෙනුවට මොකක්ද කිව්වෙ ? ආයෙමත් බලන්න ඒ කතාව. ඒ කතාවෙ එක වචනයක් තියෙනවාද මේ රට ගැන අපේ මේ තරුණ පරම්පරාවට බලාපොරොත්තුවක් තියාගන්නට අපි පිටරට නොගිහින් මේ රටේ හිටියොත් අපිට අහවල් අහවල් දවස වගේ වෙනකොට හරියයි කියලා හිතෙන ? ඒ පාර්ලිමේන්තු කතාව අහගෙන හිටියා නම් කවුරුහරි තාරුණ්‍ය ඔවුන් ආයෙමත් අර පාස්පෝට් කන්තෝරුවේ පෝලිම ඉස්සරහා හිටගෙන ඉන්නවා ලැබෙන පළවෙනි ෆ්ලයිට් එකේ, තියෙන ළඟම කොහේහරි දූපතකට යන්න. මොකද, අපිට අනාගතයක් නෑ ..."
දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ සර්වජන බලයේ ඌව පරණගම කොට්ඨාස නියෝජිත හමුව අමතමිනි

උඹේ කතා අහන උං නයි පනික්කියො වෙනවා.
ReplyDeleteදිලිත් ඡයවීර ප්රශස්ත බුද්ධිමත් නායකයෙක් බව පේනවා.ඔහුගේ දක්ෂකම ව්‍යවාසයකත්වය ක්‍රියාවෙන් පෙන්වලා තියෙනවා.ඡෙප්පොත් ඇත්තට ක්‍රියාවෙන් අතිදක්ෂයෝ කියා පෙන්වලා තියෙනවා හැටදහක් වලපල්ලට යවලා.ඡාතික පෙරමුණක නායකයා වි ඡනාධිපති විය යුතුයි ඡයවීර මහතා.
DeleteI am not a fan of Dilith, but what he says is absolutely true.
ReplyDeletePala pamkaya
ReplyDeleteකෙබර කොටා ජනාධිපති වුණේ කජු සීයා නිසා. රනිල්ගේ බල තණ්හාව නිසා හැමෝම කිව්ව දේ අහන්නෙ නැතුව පලමුව ජනාධිපතිවරණය පැවැත්වුවා. මහමැතිවරණය ඉස්සර වෙලා තිබ්බා නම් මාලිමාවට බහුතරයක් ගන්න බැරිවෙනවා. ස.ජ.බ. යට ආණ්ඩු බලය ලැබෙනවා. ඊට පස්සෙ ජනාධිපතිවරණයෙන් සජිත් දිනනවා.
ReplyDelete