දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු එළබෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරිමට සැලසුම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන ආසන්නයේ ස්ථාන 5ක් දිට්වා සුලි කුණාටුවෙන් නාය ගොස් ඇති බවත්, ඉන් කොටගල, සහ තලවකැලේ 112.5 සැතපුම් කණුව අසල මීටර් 50ක කොටසක්, නානුඔය සහ අඹේවෙළ අතර, නාය ගිය ස්ථානවල ප්රතිංස්කරණ කටයුතු පෞද්ගලික අංශයෙට භාර දී ඇති බවත්, එය දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ.
කොටගල සහ තලවකැලේ අතර නාය ගිය ස්ථානය මීටර් 50ක පමණ කොටසක් යථා තත්වයට පත් කිරිමට කළු ගල් අතුරා ආරක්ෂිත පැති බැමි ඉදි කිරිමට සැලසුම් කර ඇති අතර, එම ඉදි කිරිම් කටයුතු සිදු කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවා සැපයුම් දුම්රියක් සහ එහි සේවකයන්ද යොදා ගෙන ඇත.
- රංජිත් රාජපක්ෂ

2028 , KAYIYA ,
ReplyDeleteඇයි මෙයා කළු ගල් අතුරා ආරක්ෂිත පැති බැමි ඉදි කිරිමට සැලසුම් කරන්න යන්නෙ.
ReplyDeleteඅපේ සිවිල් ඉංජිනේරු විසේසඥ වෛද්‍ය පෙසන්න ගුණසේන මහතා පේටන්ට් වාර්තා ලබාගත් අඩු වියදම් වැලිකොට්ට තාක්සනේ පාවිචිචි නොකරන්නේ මොකද.
අනිත් අතට පෝට් සිටිය හදන්න සීගිරියත් කඩපු එකේ දැන් අතුරන්න කළු ගල් ගේන්නෙ පිටරටින්ද?