අපි කොළඹ මලාපවාහන පද්ධතිය හදමින් ඉන්නේ.. තාවකාලික අපහසුතා ඇතිවේවි..- නගරාධිපතිනි

 


කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

අපේ නගරයේ විශාලතම ව්‍යාපෘති බොහෝ විට මතුපිටට නොපෙනෙන ඒවායි…

කොළඹ නගරයේ මලාපවහන පද්ධතියේ විශාල කොටසක් දශක ගණනාවකට පෙර ඉදිකරන  ලද එවා වන අතර, ඇතැම් කොටස් වසර 120කටත් පෙර ඉදිකරන ලද ඒවාවේ. අදටත් එම පද්ධතිය නගරයේ විශාල ප්‍රදේශයකට සේවය සපයන අතර, තවමත් මලාපවහන පහසුකම් නොලැබෙන ප්‍රදේශ මෙන්ම නවීකරණය කළ යුතු යටිතල පහසුකම් ද පවතී.

ඒ සඳහා Greater Colombo Wastewater Management Improvement Investment Programme යටතේ, මුලදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මූල්‍ය සහාය ලබාදුන් අතර, වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරය සහ යුරෝපීය ආයෝජන බැංකුව (EIB) සමඟ එක්ව රුපියල් බිලියන 36කට ආසන්න ආයෝජනයක් සිදු කරමින් කොළඹ නගරයේ මලාපවහන පද්ධතිය පුළුල් කිරීම හා නවීකරණය කිරීම සිදුකරමින් සිටී.

මෙයට රුපියල් බිලියන 8ක කිරුල - නාරාහේන්පිට මලපාවහන  ව්‍යාපෘතිය ඇතුළත් වන අතර, එමඟින් මෙතෙක් සේවාව නොලැබූ ප්‍රදේශ රැසකට මලාපවහන  පහසුකම් ලබාදීමට හැකිවේ. එසේම, රුපියල් බිලියන 7.5ක Southern Rehabilitation Project හරහා නගරයේ ප්‍රධාන ප්‍රදේශවල පැරණි මලාපවහන  නළ පද්ධති ප්‍රතිසංස්කරණය හා නවීකරණය කරනු ලබයි.

මෙම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් තාවකාලික අපහසුතා ඇතිවිය හැකි වුවද, දිගුකාලීනව මහජන සෞඛ්‍යය, සනීපාරක්ෂාව, පරිසර ආරක්ෂාව සහ කොළඹ නගරයේ අනාගත සංවර්ධනය සඳහා එය වැදගත් ආයෝජනයකි.

Previous Post Next Post