ඇමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් ප්රකාශයට පත් කිරීමත් සමඟ, අද (ජූනි 15) පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වී ඉතා කෙටි වේලාවක් ඇතුළත සියලුම දර්ශකයන් ශීඝ්ර අගයකින් ඉහළ යමින් සුවිශේෂී ප්රකෘතිමත් වීමක් පෙන්නුම් කර තිබේ.
ගෝලීය දේශපාලනික ස්ථාවරත්වය පිළිබඳ ඇති වූ නව බලාපොරොත්තු සහගත තත්ත්වය හමුවේ ආයෝජකයින් දැක්වූ දැඩි උනන්දුව හේතුවෙන්, පෙරවරු 09:30 ට ගනුදෙනු ආරම්භ වූ සැනින් කොටස් වෙළඳපොළ ඉහළ යන ආකාරයක් නිරීක්ෂණය විය.
පෙරවරු 10:31 වන විට වාර්තා වූ දත්ත වලට අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 686.99 කින් (3.18% කින්) ඉහළ ගොස් ඒකක 22,324.42 ක් ලෙස සටහන් විය. S&P ශ්රී ලංකා 20 දර්ශකය (S&P SL20) ඒකක 206.96 කින් (3.43% කින්) ඉහළ යමින් ඒකක 6,234.01 ක මට්ටමකට පැමිණියේය.
ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 15 ක කාලය තුළ (පෙරවරු 09:45 වන විට) දර්ශකයන් සිය උපරිම අගයන් කරා ළඟා වූ අතර, ඉන් අනතුරුව දහවල් වන තෙක්ම එම ඉහළ අගයන් ස්ථාවරව පවත්වා ගැනීමට වෙළඳපොළ සමත් විය.

බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඔච්චරයි.
ReplyDeleteහි හි හි අම්මේ බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඔච්චරද? විමලාවතී, මයිනාවතී, ලංකට්වතී, නෑමොලේ, 10% ජොනියා, මාල හොරා, සීයා එක්ක සලේ එහෙම ඇතුලට දක්වන ඒවත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. මුළින්ම ඊළගට ගන්නේ ලංකට්වතී
Deleteබලාපොරොත්තු තියාගන්න පුළුවන් ඔච්චරයි.--- Ha ha.. Thopi wena monawa kiyanna da? Hithe Amaru athi peace deal ekata
Delete