භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිවක් නෑ...


මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ මේ බව සදහන් කරමින් ඔහු තබා ඇති සටහන මෙසේය. 

*****

ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සදහනක් නොවේ.  මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැත.  

භාණ්ඩාගාර මංකොල්ලය වාර්ෂික වාර්තාවෙන් සැඟවීම ගැන ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ මේ සමඟ ඇත. 

මහා භාණ්ඩාගාරයේ වාර්ෂික මුල්‍ය වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කරන ජාතික විගණන කාර්යාලය (පි. 11)  Non disclosures in the Financial Statements යටතේ දක්වන්නේ, 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් 1,091,419 ක් හෙවත් රු. මි. 333 ක් ද, 2026 ජනවාරි මස ඩොලර් 1,418,011 ක් ද ණයකරුවන් නොවන තුන්වන පාර්ශවයකට (භාණ්ඩාර මංකොල්ලකරුවන්ට) ගෙවා ඇති බවයි.  ඒ අනුව, ෆ්‍රී ලෝයර්ස් අනාවරණය කළ පරිදිම ඩොලර් 2,509,430 ක් මංකොල්ලකරුවන් අතට පත්ව ඇත.   

මංකොල්ලය සිදුවූ බව රටම දනී. විගණන කාර්යාලය දනී.  වාර්ෂික ගිණුම් වාර්තාවේ ඒ ගැන වචනයක් නැත.  මුදල් අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා ආධුනිකයෙකි.  ඔහුට තමා වටේ සිදුවන දේ ගැන අබමල් රේණුවක අවබෝධක් තිබේදැයි සැක සහිත බව මේ විගණන නිරීක්ෂණයෙන් පෙනේ.  

අපේ රටේ ආර්ථිකයට දෙවි පිහිටය!

2 Comments

  1. වාර්තාවේ ඕක අන්තර්ගත කොරන්න වෙන්නෙ හර්සන සූරියප්පෙරුම ඕස්ට්‍රේලියන් හොර පකයාගේ “recent personal robberies and achievements” සැක්ශන් එකේ. ඌටයි නන්දලාලාටයි ලංකාවෙ පුරවැසිකමත් නෑ. දෙන්න එකට ඕස්ට්‍රේලියාවෙ රොබරි දුන්නු හුත්තො දෙන්නෙක් කියලයි ආරංචි.

    ReplyDelete
  2. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
Previous Post Next Post