ජල බෝතල් මිල වැඩි කරයි.. වතුර ලීටරයක් පෙට‍්‍රල් ලීටර් කාලයි..


 පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ප්‍රකාශනයක් (ගැසට් නිවේදනයක්) නිකුත් කර තිබේ. 

ඊයේ (10) දින සිටම ක්‍රියාත්මක වන පරිදි පැනවූ මෙම නියෝගය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින විවිධ ප්‍රමාණයේ ජල බෝතල්වල මිල ගණන් ඉහළ යනු ඇත.

මෙතෙක් රුපියල් 70කට අලෙවි වූ මිලි ලීටර 500 ප්‍රමාණයේ කුඩා ජල බෝතලයක නව මිල රුපියල් 80ක් දක්වා වැඩි කර ඇත. 

එමෙන්ම රුපියල් 100ක්ව පැවති ලීටරයේ ජල බෝතලයක් මින් ඉදිරියට රුපියල් 120ක් වන අතර, ලීටර 1.5 බෝතලයක මිල රුපියල් 130 සිට රුපියල් 150 දක්වා ඉහළ නංවා තිබේ. 

මීට අමතරව, ලීටර 2 ප්‍රමාණයේ බෝතලයක් රුපියල් 160 සිට රුපියල් 180ක් දක්වාත්, රුපියල් 350කට තිබූ ලීටර 5 විශාල ජල බෝතලයක් රුපියල් 400ක් දක්වාත් මිල ඉහළ දමා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නවතම තීරණයත් සමඟ, මීට පෙර ක්‍රියාත්මක වූ 2025 අප්‍රේල් මස 01 වැනි දිනැති 2430/15 දරන ගැසට් පත්‍රය මඟින් පනවා තිබූ මිල පාලන සීමාවන් සහ පැරණි නියෝග මුළුමනින්ම අහෝසි වී යයි.

මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති නව මිල ගණන් නිෂ්පාදන අලෙවි කළ හැකි උපරිම සීමාවන් වේ. 

එම නිසා මෙරට තුළ පානීය ජලය නිපදවන, අසුරන, තොග බෙදාහරින හෝ සිල්ලරට අලෙවි කරන කිසිදු පාර්ශ්වයකට මෙම නියමිත මිල සීමාවන් ඉක්මවා යමින් පාරිභෝගිකයන්ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

4 Comments

  1. අරක්කි බෝතල් 00009

    ReplyDelete
  2. මිලී 500 ජල බෝතල් රුපියල් 5000ක් උනත් අපි මාලිමාවට
    පොහොසත් රටක් ලක්සන ජිවිතයක්!


    ReplyDelete
    Replies
    1. A brain damaged low-life. Or does it even have a brain?

      Delete
  3. අපේ ලොකු සහෝදරයා ඩඩ්ලිට එන්න කියලා මේසෙට ගහලා බලෙන්ම රු 10ක් වැඩිකරලා දුන්නා වගේද මේකත්?

    ReplyDelete
Previous Post Next Post