ගල් අඟුරු නැවක් ආපසු හැරී යයි... සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නෑ...


ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

Ana Ocean ගල් (අළු) අඟුරු නැව හැරී යයි... ගල් අඟුරු සැපයුම්කරුවන්ට නියමිත මුදල් ගෙවා නෑ

හදිසි මිලදී ගැනීමක් ලෙස මෙ.ටො. එකකට ඩොලර් 142 ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත ගෙන්වා ගත්, ගල් (අළු) අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ජූනි 16 (ඊයේ) ඉන්දියාවේ විශාකාපට්ටම් බලා පිටත්ව ගොස් ඇත. Ana Ocean නැව නොරොච්චෝලේ වෙත ගල් අඟුරු රැගෙන විත් ගොඩබෑම් සිදු නොකළ දෙවන නැව යි. මෙයට පෙර 2026 මැයි 2 දින පුත්තලමට පැමිණි   YASA SUN නැව ද, ගල් අඟුරු ගොඩබෑමකින් තොරව මේ දක්වා නැරංගුරම් ලා ඇත.  

MV JOSCO YONGZHOU සහ Ana Ocean ගල් (අළු) අඟුරු නැව්වල ප්‍රමිතිය ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක පවතින බව අප සංවිධානය විසින් අනාවරණය කරනු ලැබීය.  ප්‍රතිකේෂ කළ යුතු මට්ටමක අළු තිබු MV JOSCO YONGZHOU නැව වෙසක් පෝය සති අන්තයේ දී ගොඩබානු ලැබීය.   Ana Ocean ගල් (අළු) නැවේ ගල්අඟුරු ද සාධක ප්‍රමිති සාධක ගණනාවකට ලඟාවී නොතිබුණි. රාජ්‍ය නිලධාරීන් නැව බාරගැනීම ප්‍රතිකේෂප කළ පසුව දඩයකට යටත් කර ගල් අඟුරු ගොඩබැම සඳහා වන ඉල්ලීමක් Taranjot Resources Pvt. Ltd. ආයතනය විසින් 2026 ජූනි 9 වන දින අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් වී තිබුණි. Ana Ocean ගල් (අළු) අඟුරු නැව ට ප්‍රතිකේෂ්ප කළ නමුත්, මේ වන විටත් ගොඩබා ඇති MV JOSCO YONGZHOU නැවට මුදල් ගෙවීම අපරාධයක්/වංචාවක්/දුෂණයකි.  

ගල් අඟුරු හිඟය හා බලශක්ති සුරක්ෂිතතාව

සමාගම් දෙකකින් නැව් 25 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් ප්‍රදානය කර තිබූ නමුත්, රජය ප්‍රධාන ටෙන්ඩරයේ එක් නැවක් අවලංගු කර දැමීය. නියමිත පරිදි නැව් පැමිනෙන්නේ නම් 2026 සැප්. 2 දින දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු පවතින බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.  ගල් අඟුරු නැවත් ප්‍රමාණවත්වන්නේ දින 8 ක අවශ්‍යතාවයකට ය. ඒ අනුව, මේ වන විට සැප්. 2 දින සිට දින 16 ක ට පෙර පවතින තොග අවසන් විය හැකිය. ඒ අනුව නැව් 24 ක් ගොඩබෑමට  නියමිතව තිබූ නමුත් මේ වන විට ගොඩ බා ඇත්තේ නැව් 22 ක් පමණී. සැප්. 2 දින දක්වා අඛණ්ඩව යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නම් තවත් නැව් තුනක් අනිවාර්යයෙන්ම ගොඩ බෑ යුතුය. මේ වන විට ලංකා මුහුදු සීමාවේ පවතින YASA SUN නැව ගොඩබෑම පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නැත. 

ගල් අඟුරු සමාගමට - භාණ්ඩාගාරයට මුදල් නැද්ද?

ගල් අඟුරු සඳහා මුදල් ගෙවීමේ කටයුතු ද මේ වන විට නවතා දමා ඇත.  රටේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් පවතින අවස්ථාවක, සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන්නේ රටේ ඩොලර් හිඟ නිසාද? භාණ්ඩාගාරය සිදෙමින් පවතින නිසා ද යන්න බලධාරීන් හෙළි කළ යුතුය.  ගල් අඟුරු සමාගමේ ප්‍රධාන නිලධාරීන් තිදෙනාම දෛනිකව ගල්අඟුරු කොමිසමට වාර්තා කරමින් සිටින බැවින් සමාගමේ තීරණ ගැනීමක් සිදුවන්නේ නැත.  

මෙම ගල් අඟුරු තොගය අහිමි වන්නේ නම් තාප විදුලි ජනනයෙන් එය කිසි ලෙසකින් හෝ උත්පාදනය කළ නොහැකි වන අතර, ගල් අඟුරු වෙනුවට ඩීසල් යොදා ජනනය කරන විදුලි ඒකකය මිල තුන් ගුණයකින් ඉහළ මට්ටමක පවතී. බාල ගල් අඟුරු හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධන ආනයන විදයම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ රටේ අනෙකුත් කටයුතු සඳහා භාවිත කරන ඉන්ධන ප්‍රමාණය කෝටා ක්‍රමයක් තුල 1/3 කින් සීමා කර ඇති පසුබිමක් යටතේ ය.  

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා
සම කැඳවුම්කරු
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

6 Comments

  1. වැඩ බැරි කාලකන්නින්ට රටක් බාර දුන් ලංකාවෙ ලක්ශ 68 බයිසන්ලට දැන් ශෝක්

    ReplyDelete
    Replies
    1. No,..Very good decision by NPP

      Delete
    2. No,..Very good decision by NPP


      මෙච්චර කාලයක් නම් කලේ දඩ ගහන එක ලබය් කියල
      බල ගල් අගුරු ගත්ත එක

      නව හැරපු තැපෑලෙන් ඉන්දියවටනේ ගිහින් තියෙන්නේ

      Delete
  2. ❤️ dunnu vote eka gana hamadama adambarai .... eeeth dunnu puka aparade ban nikan leligiya... dan eeka watinne walan shani ta witharai ban

    ReplyDelete
  3. ❤️ dunnu vote eka gana hamadama adambarai .... eeeth dunnu puka aparade ban nikan leligiya... dan eeka watinne walan shani ta witharai ban

    ReplyDelete
  4. රටේ බලශක්ති අර්බුදයක් මතුවෙමින් පවතින අවස්ථාවක, සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන්නේ රටේ ඩොලර් හිඟ නිසාද?

    NO highest commission is from DIESEL

    ReplyDelete
Previous Post Next Post