කලින් ආණ්ඩුවල නැවතුණු ව්‍යාපාති දැන් කරන්න එදා මෙන් තුන් ගුණයක් වියදම යනවා..


 ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (04) ජනතා අයිතියට පත් කෙරිණි.

පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍ර, රෝගි වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා, රුධිර කාන්දුකරණ ඒ්කක, රසායනාගාර සහ ලේ බැංකු යන අංශ මෙන්ම රෝහලේ වත්මන් සංවර්ධන කටයුතු ද සිය විශේෂ නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 857 කට අධික මුදලක් දැනට වැය කර ඇත. මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු වලින් සමන්විත වේ. දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත. සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2900 කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.

මෙහි දී අදහස් දක්වමින්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මොණරාගල බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 28 කට ආසන්න ජනතාවකට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් විධිමත්ව සහ කාර්යක්ෂමව සැලසීම සඳහා අම්පාර මහා රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්රික් මහ රෝහල යන රෝහල් එකම පද්ධතියක් යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කරන බව පැවසීය.

විවෘත කළ පස්මහල් ගොඩනැගිල්ල 2019 අගොස්තු මස ඉදිකිරිම් ආරම්භ කර 2022 පෙබරවාරි වනවිට වසර දෙකහමාරක් තුළ ඉදිකිරීම් අවසන් කිරිමට නියමිත ව්‍යාපෘතියක් වු බවත්, එය රුපියල් මිලියන 793 ක මුදලකින් අවසන් කිරිමට නියමිතව තිබුණ බව ද ඉදිකිරිම් නතර කර තිබූ තැන සිට ඉදිකිරිම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2961 ක් බව ද පැවැසිය. මේ වනවිට රුපියල් මිලියන 1400 ක මුදලක් ගෙවා අවසන් බවද මේ වසරේ ශල්‍යාගාර 04 හි වැඩකටයුතු අවසන් කරන බව ද පෙන්වා දෙන ලදි. එමෙන්ම මේ වසරේ රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බවද වසර අවසානයේ දී මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ සේවා සපයන ස්ථානයක් බවට පත්කරන බව ද පැවැසිය.

මෙවැනි අතරමඟ නැවතුණු ව්‍යාපාති 69 ක් හදුනා ගත් බව ද පැවසූ අමාත්‍යවරයා එම ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ දී ආරම්භක අවස්ථාවට වඩා තුන් ගුණයකින් හතර ගුණයකින් පමණ මේ වනවිට මුදල් වියදම් වන තත්ත්වයක් ඇති වී බව ද පැවැසිය. කෙසේ වුවද සියලු ව්‍යාපෘති අවසන් කිරිම සඳහා භාණඩාගාරයෙන් මුදල් වෙන් කරන බව ද මේ වසරේ සහ ලබන වසරේ අවසන් කිරිමට නියමිත ව්‍යාපෘතිවල සමස්ත පිරිවැය එකතුව රුපියල් බිලියන 59 ක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. එම ව්‍යාපෘති 59 නියමිත කාලයේ අවසන් කළා නම් රුපියල් බිලියන 28 කින් අවසනක් කළ හැකිව තිබූ බව ද මුදල් නිසි පරිදි වෙන් නොකිරිම නිසා පටන්ගත් වැඩ අවසන් කිරිමට මේ වන විට බිලියන 45 යෙදීමට සිදුව ඇතැයි පැවසීය.

ගොඩනැගිලි පමණක් ඉදිකිරීම් සිදු නොකරන බව පැවසූ අමාත්‍යවරයා එම ගොඩනැගිලි සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද ලබාදීමටත් විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවද පැවසීය.

ලබන වර්ෂය තුළදී මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලකට නවීන සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා රුපියල් මිලියන 317 සංවර්ධන ව්‍යාපෘති ද රෝහල තුළ දියත් කරන බව සඳහන් කර සිටියහ.

රෝහලේ සේවාවන් විධිමත්ව නියමිත පරිදි පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබදව රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව විසින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, පිළිබදව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා 2019 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා තිබූ මෙම ගොඩනැලි සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අවශ්‍යවන මුදල් වෙන්කරන මෙන් නිලධාරින්ට ලබා දුන් උපදෙස් මත ක්‍රියාත්මක වී මෙහි ඉදිකිරිම් නැවත ආරම්භකර කඩිනමින් අවසන් කිරීමට පියවර ගනු ලැබීය.

මෙහිදී මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවක් ජීවත්වන අතර එම ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධානතම රෝහල මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලයි. 1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම රෝහල 1990 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙස 2005 වර්ෂයේ දී දිස්ත්‍රික් මහ රෝහල ලෙස ශ්‍රේණිගත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර, මොණරාගල ප්‍රාදේශිය සභවේ සභාපති ජානක කුරුප්පු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) එච්. එමි.අයි.සී හේරත්, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනෙවිරත්න, මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක හේවාමාන්න. රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා පතිරගේ, යන මහත්ම මහත්මීන් ඇතුළුව, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තියන් පිරිසක් ද, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින්, ප්‍රදේශයේ මහජනතාවද එක්ව සිටියහ.

11 Comments

  1. This is the reason that no one should send money to this terrorist JVP-Malima government.

    ReplyDelete
    Replies
    1. At least now can proceed,

      Since the partY who opposed is in POWER

      Delete
  2. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
    Replies
    1. At least now can proceed,

      Since the partY who opposed is in POWER

      Delete
  3. කලින් ආණ්ඩු පටන් ගත්ත සමහර වියාපෘති කරන්ඩ දුන්නේ නැත්තේ උම්බලානේ. මොකක්දෝ ගහක් කපන්ඩ දෙන්නේ නැතුව නටපු නාඩගම මතක නැද්ද? දැන් ඒ highway කොටස හදන්ඩ තුන් ගුණයක් යනවා තමය්.

    ReplyDelete
  4. පිස්සු තිස්ස එදා තොපිම නේද ඔවාට විරුද්ධ උටන 88/89 රට කාවා අදත් කනවා ගොබ්බ කුහක හැක්ක

    ReplyDelete
  5. හිගන බල්ලො තොට පනුවො ගහනව. මෙනින්ජයිටිස් හැදුන අයට ගහන එක එන්නතක්වත් නෑ. ඒව ගෙනල්ල හිටපන්.

    ReplyDelete
  6. මල්ලි මාව බේරාගන්න (මාලිමාව )June 5, 2026 at 7:36 AM

    මොකද මේ අත , doosra එකක් දාන්න වගේ ? නැත්තං හොටු ගුලි කරනවාද ?

    ReplyDelete
  7. Establish 'paying wards' in all government hospitals for those who can afford to pay for services, and reserve the non-paying wards for those who cannot. A prime example is the Merchant Wards at the National Hospital in Colombo. Let us stop complaining about this model—after all, even in Communist China, hospitalization is not free

    ReplyDelete
  8. ඒක තමයි. ආයේ මුල්ගල් තියලා, උත්සව තියලා ඒවා පටන් ගන්න. අපි හිතුවේ ඒවා රත්තරං වලින් හදනවා කියලා.

    ReplyDelete
Previous Post Next Post