කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියක් මාස 7ක් තිස්සේ නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති බවත්, එම දුම්රියන් දෙකේ එන්ජින්දෙකට අමතරව එම දුම්රියන් ධාවනයට සහයෝගය පිණිස එක් කර තිබූ තවත් එන්ජිමක් ඇතුලු එන්ජින් තුනක් නානුඔය දුම්රිය ස්ථානයේ මාස 7ක් තිස්සේ ගාල් කර තිබෙන බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා පැවසීය.
නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ධාවන කටයුතු (20) දින ආරම්භ කිරිමෙන් පසු නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරින් සහ සේවකයින් අමතමින් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ මාස 7ක් තිස්සේ නානුඔය දුම්රිය ස්ථානය තාවකාලිකව වසා තිබූ බවත්, යලිත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරිමත් සමග දුම්රියන්වලින් ගමන් කිරිමට පැමිණෙන සියලු දෙස් විදෙස් සංචාරකයින්ට සහ මගීන්ට තම දුම්රිය ස්ථානයෙන් උපරිම සේවාවක් ලබා දිය යුතු බවයි.
නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා කියා සිටියේ, මාස 7ක් තිස්සේ ගාල් කර තිබෙන එම දුම්රියන්වල එන්ජින් අවස්ථා කිහිපයකදීම පණ ගැන්වු බවත්, නානුඔය දුම්රිය ස්ථානයේ මාස 7ක් තිස්සේ ගාල් කර තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රිය නඩත්තු කටයුතු සදහා ඉදිරියෙදි බදුල්ල දුම්රිය ස්ථානය දක්වා යොමු කිරිමට පියවර ගන්නා බවයි.
මේ අතර, දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නානුඔය දුම්රිය ස්ථානයේ එක් පසෙක දුම්රිය මැදිරි 3ක් එන්ජිමක් සහ ගැල් රථයක් උපයෝගි කර ගනිමින් විශාල මුදලක් වැය කර ඉදි කල දුම්රිය සංචාරක නවාතැන්පලේ ඉදිරි වැඩකටයුතු සිදු නොකිරිම හමුවේ එම දුම්රිය මැදිරිතුල ඉදි කල සංචාරක නවාතැන්පල විනාශවීමේ අවධානමකට ලක් වී ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරින් කියා සිටියහ.
පසුගිය මාස 7 තුල නානුඔය සිට දුම්රිය ධාවන කටයුතු සිදු නොවුවද එම නවාතැන්පලේ ඉදිරි සංවර්ධණ කටයුතු සිදු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවට අවස්ථාව තිබූ බවද නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරින් කියා සිටියහ.
නානුඔය දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් ආහාර පාන ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙ අනුමැතියක් සහිතව බස් රථයක් තුල ඉදි කල ආපනශාලාවක්ද (20) දි සිට යලිත් විවෘතව පවතියි.
- රංජිත් රාජපක්ෂ

අරගලයක් කරලා නුවර ඉඳන් ගොන්නු ප්‍රවාහනය කරා කෝච්චියකුත් අරගෙන ඇවිත්. කර්ම විපාක අද ඒවට සාදු කාර දුන්න පව්කාර හැත්ත ඔක්කොම විඳවනවා. නුවර කඳු පිටින් නායගියා. එදා ඉඳන් කෝච්චියට නුවර ඉඳන් කොළඹ එන්න බැහැ. කොහොමද ඒක.
ReplyDeleteඅරගලේ වෙලාවේ එක කපුවෙක් අරගල බූමියේ තොවිලයක් කරා.
Deleteදවස් 7ක් ඇතුලත ඌ සියදිවි හානි කර ගත්තා.
අරගලේ හිටපු එවුන් බහුතරයකට ලංකාවෙ ඉන්න බැරි උනා, උන්ට රට යන්න උනා.
රට ගියාට පස්සේ උන් ගියපු රටවල් වලටත් බෝම්බ, මිසයිල වැදුනා.
මහින්දට නිවන් සුව පතපු උන්ගේ මල ගෙවල් වල මහින්ද ගිහින් නිවන් සුව පතලා එනවා.
අරගලේට සපෝර්ට් කරපු මී ගොන් හැත්ත ඡන්දෙ දීලා මාලිමාව බලේට ගෙනාවා. ගෙනැත් උන් ඩෝබි රස්සාව භාර ගත්තා.
Deleteමාලිමාවෙ උන් 6 වසරේ පොතට වැල දැම්මා. ඡන්දෙ දුන්න ඩෝබිලා ඒක අමාරුවෙන් හේදුවා.
චිචීගෙ රොකට් එක පැලවත්තට කඩාගෙන වැටුනා, ඩෝබිලා සද්ද නැතුව හිටියා.
අයිස් නාට්ටිය වෙලාවේ පොලවේ පස් කාපු ඩෝබිලා මාලිමාවේ එකෙක් කෝටි ගානක කුඩු ගෙනත් ඒව බීල 2ක් මැරුනට පස්සේ මීක් නැතුව හිටියා.
දැන් පාස්කුව විමර්ශනය කරනවා කියලා පාස්කුවට උදව් කරපු පාහර නිළධාරීන් උඩ තියාගෙන හෙන පිස්සුවක් නටනවා.
රටේම මිනිස්සුන්ගේ ආර්ථිකේ නැට්ටටම කෙලවෙලා. ඩෝබිලාට සාපය වැදිලා.