‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ ශ‍්‍රමදාන තරගයක්..


 "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ පුනරුද ගමන ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරගයක් ආරම්භ කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහී ගම්මාන සඳහා ත්‍යාග ලෙස මුදල් ලබා දීම වෙනුවට, එම ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් වටිනා ව්‍යාපෘති ප්‍රදානය කිරීමයි. 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාතේ හොඳම ශ්‍රමදානය සිදු කරන ගම්මානය සඳහා රුපියල් කෝටියක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති පිරිනමන බවයි.

මීට අමතරව, දෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 75ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද, තෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද පිරිනැමීමට නියමිතය. 

මෙම වැඩසටහන මගින් ඌව පළාතේ ගම්මාන පිරිසිදු කරමින් පුනරුද ගමනට සවියක් වීම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.

5 Comments

  1. උමාඔයේ හිල් විද්යාරත්නJune 5, 2026 at 6:36 AM

    ශ්‍රමදානයෙන් පලමුවෙනි තැන ගන්න අයට මම කිහිල්ල අතගාල ඉඹල බලපු අතෙන් කජු අහුරක්ම දෙනව.

    ReplyDelete
  2. මහ භාණ්ඩාගාරය ක්ලීන් කලා, තැපැල් දෙපාර්තමේන්තුව ක්ලීන් කලා, වරායේ කන්ටේනර් ක්ලීන් කලා, මහ බැංකුව ක්ලීන් කලා, නුවරඑලිය තැපැල් ගොඩනැගිල්ල ක්ලීන් කලා, RDA එක ක්ලීන් කලා,ශ්‍රි ලංකන් ගුවන් එක ක්ලීන් කලා, තෙල් සංස්ථාව ක්ලීන් කලා, අස්වැසුම අරමුදල ක්ලීන් කලා, දිට්වා සුලි කුනාටු අරමුදල ක්ලීන් කලා. තව මොනවද මචං ක්ලීන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. Beere wawa nam betholmilus clean karaf=ganna

      baruwa balan innawa

      Delete
  3. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
  4. බදු සල්ලි ටික මුන් බෙදා ගන්නවා ගම් වල ඉන්න මීහරක් ට කියල වැඩ ටික නොමිලේ කර ගන්නවා

    ReplyDelete
Previous Post Next Post