මිනිස්සු අපරාධ කරන්නැත්නං අධිකරණයක් අවශ්‍ය නෑ... අපේ ඉලක්කය එතනට යන්නයි..- රාජ්‍ය පරිපාලන ඇමති


ලාංකීය සමාජය මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක දේශපාලන සහ ආර්ථික බිඳවැටීම් හමුවේ, රට තුළ නව යහපත් තත්ත්වයක් සහ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වගකීම දේශපාලන නායකත්වයට, නිලධාරීන්ට මෙන් ම සමස්ත පුරවැසියන්ට ද පැවරී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මූලික විමර්ශන නිලධාරීන්ගේ සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයට අදාළව දෙවන පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය නාරාහේන්පිට 'නිලමැදුර' පරිපාලන ගොඩනැගිල්ලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවට සහභාගී වෙමිනි. 

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද හේතුවෙන් ආගමික සහ පවුල් සංස්ථා ඇතුළු සමස්ත සමාජ සංස්ථාවන්ම බිඳවැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම තත්ත්වය හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකර්ම යෙදීම අත්‍යවශ්‍ය කරුණක් බව සඳහන් කළේය. 

මේ යටතේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම මෙන්ම ආර්ථිකය නැවත නගා සිටුවමින් අලුත් සමාජයක් බිහි කිරීමේ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය සේවයේ පවතින බිඳවැටීම වළක්වා එය ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවක් බව හඳුනාගනිමින් රජය විසින් මේ වන විට පුරප්පාඩු පිරවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. වත්මන් රජය භාර ගන්නා අවස්ථාව වන විට ලක්ෂ හතරකට ආසන්න පුරප්පාඩු ප්‍රමාණයක් පැවති බවත්, 2017 සහ 2021 වර්ෂයන්හි සිට මේ දක්වා පුරවා නොතිබූ සමහර තනතුරු ද ඇතුළුව දීපව්‍යාප්ත සේවා සහ අනෙකුත් සියලු සේවාවන්හි පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේ ය.  

"විමර්ශන නිලධාරීන් අවශ්‍ය වෙන්නෙම වැඩිපුර විමර්ශනය කරන්න ප්‍රශ්න තියෙන නිසා. එහෙම නැත්නම් එච්චර අවශ්‍ය වෙන එකකුත් නෑ. අපිට කවදා හරි පුළුවන් නම් විමර්ශන නිලධාරීන් නැතුවම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න, ඒක තමයි හොඳම තැන. එහෙම යන්න පුළුවන් තැනකට යන එක තමයි අපේ ඉලක්කය. හැබැයි ඒ වනතුරු අපට විමර්ශන නිලධාරීන් අවශ්‍යයි. 

කවදා හරි දවසක අධිකරණය නැතුව යන්න පුළුවන් නම්, මිනිස්සු අපරාධ කරන නිසා තමයි අපට අධිකරණයක් අවශ්‍ය වෙන්නේ. හැබැයි මිනිස්සු අපරාධ වලින් වැළකිලා බොහොම සාමකාමීව, සුහදව ජීවත් වෙනවා නම් අධිකරණයක් අවශ්‍ය වෙන එකක් නෑ. ඒක මම උදාහරණයකට කිව්වේ වෙනම කතාවක්. 

මෙතන අපට විමර්ශන නිලධාරීන් අවශ්‍ය වෙන්නේ මේ රාජ්‍ය සේවයේ තියෙන දැවැන්ත බිඳවැටීමත් එක්ක, ඒක නගා සිටුවීමේදී ජාතික අවශ්‍යතාවක් හැටියට වැඩිපුර විමර්ශනය කරන්න ප්‍රශ්න තියෙන නිසයි" යැයි  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය සේවය ගුණාත්මක මෙන්ම ශක්තිමත් මට්ටමකට පත් කිරීම වෙනුවෙන් වැටුප් වැඩි කිරීමට සහ අලුතෙන් බඳවාගැනීම් සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, ඒ සමඟම රාජ්‍ය සේවයේ පවතින අක්‍රමිකතා, දූෂණ සහ වංචා වැළැක්වීමේ අවශ්‍යතාව ද මෙහිදී අමාත්‍යවරයා විසින් දැඩිව අවධාරණය කරන ලදී. රට තුළ නීතිය ක්‍රියාත්මක වන බව පොදුවේ දැනෙන්නට හැරීම තුළින් නීති විරෝධී කටයුතු, නීතිය කඩ කිරීම් සහ උල්ලංඝණය කිරීම් සියයට සියයක් නතර කළ නොහැකි වුව ද, හැකිතාක් අවම කරගත හැකි වනු ඇතැයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විශ්වාසය පළ කළේය.

7 Comments

  1. ඔය සෙට් එකට පුක බලලා මහමොලකරු හොයන්න පුරුදු කරන්න වලං ශානිව දානවලු නේ.
    දැන් ඔය විමර්ශන නිලධාරීන්ට කීයක් ගෙවනවද පුක බලනවට?

    ReplyDelete
    Replies
    1. Puka Investigation Department (PID)June 21, 2026 at 1:43 PM

      දැන් ඔය අත් අඩංගුවට ගන්න විදියට සෑහෙන්න පුකවල් බලන්න වෙනවා ඔය විමර්ශන නිළදාරීන්ට.

      Delete
  2. මූ මොකෙද්ද? අදමයි දැක්කේ.
    මුගේ පුක සුදුද දන්නෙ නැහැනේ.

    ReplyDelete
  3. මේ පාපිස්සො ටික දන්න ලබ්බකුත් නැහැ, කරන්න දන්න මඟුලකුත් නැහැ.
    රටත් කාලා, නීතියත් හාලා විනාශ කරලා තියෙන්නෙ.

    ReplyDelete
  4. නව සංස්කෘතියක් කෙසේ වෙතත් නව නිංගිරාවක් නම් වෙලා තියෙන බවයි පේන්නෙ.
    ඇද්ද තොපිට පල්ලියට කඩේ ගියා. දැන් පල්ලියේ පිල්ලි වලටත් රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වෙලා තියෙන්නේ. පල්ලි කාක්කො ටික කොටින්ට කඩේ ගිහිල්ලා, නීතිගරුක මිනිස්සුන්ව බොරුවට නඩුවලට පටලන්න ගිහිල්ලා හොට පැටලිලා අන්න සල්ලි දීලා පෝස්ට් ගහනවා ෆේස්බුක් එකේ, නව නිංගිරාවෙන් බේරෙන්න බැරුව. දෙවියන් වහන්සේ මුන්ට දඬුවම් දෙන්නේ උන්ගේ වැරදි වලට උදව් කරපු මෝඩ අනුගාමිකයන්ටත් එක්කමයි.

    ReplyDelete
  5. Who the F%#*& is this IDIOT?

    ReplyDelete
  6. ඔව්, ubalath කාළයක් මිනී මැරුවේ. අපිට ඒවා මතකයි.

    ReplyDelete
Previous Post Next Post