ඩෙංගු වේගයෙන් වැඩිවෙනවා.. රෝහල් පද්ධතිය මදි වෙනවා..- විශේෂඥ වෛද්‍ය


 පවතින ඩෙංගු ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමේ දැඩි අවධානමක් මතුව ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හිටපු ජේෂ්ඨ කායක රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මාසයේ ගත වූ පළමු දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් පන්දහසකට (5,000) වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.

මෙය පසුගිය මාසය පුරා වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාවට වඩා 50% කටත් වඩා වැඩි අගයක් බව ද ඒ මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම මහතා,

"රෝගීන් වාර්තා වීම් ඉතාමත්ම ඉහළ යමින් පවතිනවා. මේ වැඩිවීම මේ ආකාරයෙන්ම දිගින් දිගටම සිදුවුවහොත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති" බවට ද අනතුරු ඇඟවීය.

මීට අමතරව, රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ යාමේ දැඩි අවධානමක් පවතින බව හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වය ඉතා බරපතල ලෙස සලකා කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

1 Comments

  1. ඕව හොයන්න වෙලාවක් නෑ.මේ කාදිනල් සනසන පාස්කු නාඩගම පෙන්නනවා. මිනිස්සු දරුවො එකා පිට එකා මැරුනත් කාදිනල් කියන් එකා තමයි මහ් මොලකරු. FBI එකටත් උඩින් අවලන් ශනි

    ReplyDelete
Previous Post Next Post