‘ගොවියාගෙන් කෙහෙල්කැනත් කපාගෙන, ගොවියාගෙන්ම ප්ලේන්ටියකුත් බීලා, ගොවියාගේ වී ටිකත් හාල් ටිකත් අරගෙන, ඔය ඔබ තමුන්නාන්සේලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා, දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියාට කසිප්පුකාරයා කියනවා ගොවියා තමන්ගේ වී ටික විකුණාගන්න බැරුව පාරට බැස්සම, තමන්ගේ පොහොර ටික ඉල්ලලා පාරට බැස්සම කසිප්පුකාරයෝ වෙනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
අණපනත්, නීතිරීති ගෙන ඒම හොඳයි. හැබැයි ඉතින් ගරු සභාපතිතුමා, ඒ නීති ක්‍රියාත්මක කරන ආකාරය තමයි ප්‍රශ්නයකට තියෙන්නෙ. අද ආණ්ඩුවට හිතවත් අයට අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ කියයි, අරවා කියයි, මේවා කියයි, අක්කර ගණන් සුද්ද කරන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් වැසිකිළි වලක් හදාගන්න ගියොත්, මේ තියෙන නීති ඔක්කොම ඒ මනුස්සයට දානවා.ගමේ දුප්පත් මනුස්සයෙක් වැසිකිළි වලක් හදන්න ගියොත්, අත්තිවාරමක් දාන්න ගියොත් ඔබතුමන්ලාගේ මේ තියෙන සියලු නීතිරීති ක්‍රියාත්මකයි. හැබැයි ඉතින්... සමහර ව්‍යාපාරිකයන්ට අක්කර, හෙක්ටයාර ගණන්.ගමේ යනකොට අපි දකිනවා හෙක්ටයාර ගණන් සුද්ද කරන්නෙ. ඇහුවම කියනවා ආයෝජකයෙක් ඇවිල්ලා කියලා. හැබැයි කවුද ආයෝජකයා? මොකක්ද හදන්නෙ? කියන කාරණය පිළිබඳ කෙසේ වෙතත්, සුද්ද කරන එක නම් සිද්ධ වෙනවා.
ඔබතුමන්ලා ඉන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා යුගයේ. දැන් අර රීබිල්ඩ් ශ්‍රී ලංකා කියලා ගිණුමක් හැදුවා. හැබැයි එහෙම එකක් නීත්‍යානුකූලව ස්ථාපනය කරලා නැහැ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් නීත්‍යානුකූලව ස්ථාපනය කරලා ද කියන්න අපි දන්නෙත් නැහැ. එහෙම කරලා තියෙනවා නම් හොඳයි. හැබැයි, ඔබතුමන්ලා මේ නිෂ්පාදකයාට පරිසරය හානි කිරීමට විරුද්ධව හෝ හානිකිරීම සම්බන්ධයෙන්, පරිසරයට හානියක් කරොත් ඒකට වන්දියක් ගන්න එක, දඩයක් ගන්න එක හොඳයි. හැබැයි ඉතින් ඊට කලින් ඔබතුමන්ලාගේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන නගර සභා, ප්‍රාදේශීය සභාවලට දඩ ගහලා හිටියොත් හොඳයි ගරු සභාපතිතුමා. අද ඩෙංගු රෝගීන් හැමතැනම.
මීට පෙරත් අපි මේක ගැන සඳහන් කරා. පහුගිය දිනක මේ කොළඹ අවට ප්‍රදේශක රෝගියෙක් හම්බුනාම, ප්‍රාදේශීය සභාවට කතා කරලා දුම් ගහන්න කිව්වම මොකක්ද කිව්වේ? අඩුම ගානේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ කිව්වා දුම් ගහන්න. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා ගරු සභාපතිතුමිය, රෝගීන් දස දෙනෙක් එනකන් දුම් ගහන්න, ඩෙංගු වලට. දැන් හරිනේ දැන් පනස් දාහක් ඉන්නවානේ. දැන් ප්‍රාදේශීය සභාවට දුම් ගහන්න පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා හතර වටේ වැව් අස්සෙ රින්ගනවා, කානු අස්සෙ බහිනවා. කානු අස්සෙ රින්ගනවා. ඉතින් ඒ හින්දා කරුණාකරලා ඔබතුමන්ලා මේ ගැන සංවේදීව බලන්න. ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ, වෛද්‍යවරු නැහැ. එදා ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට බෙහෙත් එකසිය ගාණක් නැහැ කියලා ලොකුවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරා විතරක් නෙවෙයි, කෑ ගහලා පාරේ යකා නැටුවා. ඊට වඩා බෙහෙත් නැහැ. හැබැයි ඔබතුමන්ලා ඒ කාරණා වලට සංවේදීව ඇහුම්කන්දෙනවද?
තවත් පැත්තකින් ගරු සභාපතිතුමා ඔබතුමාත් පොලොන්නරුවේ ගොවි ප්රශ්නය. දැන් පහුගිය දිනක පොලොන්නරුවේ ගොවි සංවිධාන ඇවිල්ලා කෘෂිකර්ම ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් හම්බවුනා. දැන් ඊට පෙර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා ගොවියෝ ගාව වී නැහැ කියලා. හැබැයි ගොවි සංවිධාන හම්බවුනාම ගොවි සංවිධාන හම්බවෙලා කියනවා සියයට විස්සක් විසිපහක් වී විකුණා ගන්න බැහැ තාම ගොවි ජනතාව ගාව වී ටික තියෙනවා කියලා. ගොවියෝ ගාව වී තියෙනවා කියලා. හැබැයි ආණ්ඩුව අද වෙනකන්, විපක්ෂයේ ඉන්නකොට නම් ඔබ තමුන්නාන්සේලා එකසිය පනහට වී ගන්නවා කිව්වා. අද ආණ්ඩුවේ පොහොර ටික එනකොට ගොයම් කපලා ඉවරයි. එතකොට ආණ්ඩුවෙන් ඔබ තමුන්නාන්සේලා කියන මිලට වී මිලදී ගත්තා කියලා ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ, මොකද කළු කඩෙන් ගොවියා රුපියල් දහඅට දාහට, විසිදාහට පොහොර ටික අරගෙන. අඩුම ගානේ වෙලාවට පොහොර ටික බෙදාගන්න බැරුව, පොහොර සහනාධාර දීගන්න විදිහක් නැතුව ආණ්ඩුව, අඩුම ගානේ ගොවියාගේ වී ටික වෙලාවට මිලදී ගන්න ඒකටවත් සැලැස්මක් නැහැ.
ඒ ඔක්කොම කාරණා අස්සේ පිටරටින් හාල් ගේනවා. පිටරටින් හාල් ගේන්නෙ ගොයම් කපන කොට, යල කන්නෙ. ගොයම් කපනකොට හාල් ගෙනාවම වී මිලත් වැටෙනවා, හාල් මිලත් නගිනවා. එළවළු වලටත් එහෙමයි. අනෙකුත් භෝග වලටත් එහෙමයි. හැබැයි ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම මොකක්ද වෙන්නේ? ගරු සභාපතිතුමා, ගොවි ජනතාව මේවට විරුද්ධව පාරට බැස්සම ආණ්ඩුව මොකක්ද කියන්නේ, ගොවියා කසිප්පුකාරයෙක් කියනවා. ගොවියා කසිප්පුකාරයෙක්, හොරෙක්. ඔබ තමුන්නාන්සේලාට විරුද්ධව වෛද්‍යවරු පාරට ආවොත් වෛද්‍යවරයා හොරා. ඔබට විරුද්ධව ශිෂ්‍ය සංවිධානයක් පාරට ආවොත් ශිෂ්‍ය සංවිධානය හොරු.දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච මිනිස්සු තමන්ගේ තාම තාවකාලික නිවාස වල ඉන්නේ කියලා අඬා වැලපෙනකොට ඔවුන් හොරු. ගොවියා පාරට ආවම කසිප්පුකාරයා. දැන් කෙහෙල් කැනත් කපාගෙන කැබ් එකේ දාගෙනනේ ඔබතුමාලා දේශපාලනය කරේ. ගොවියාගෙන් කෙහෙල්කැනත් කපාගෙන, ප්ලේන්ටියකුත් බීලා, ගොවියාගේ වී ටිකත් අරගෙන, ඔය ඔබ තමුන්නාන්සේලා කියන විදිහටම ගොවියාගේ කසිප්පු ටිකත් බීලා, දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියාට කසිප්පුකාරයා කියනවා. ලැජ්ජයි. දැන් ගොවියාට කසිප්පුකාරයයි කියනවා.
අපි දැක්කනේ දැන් ඔබතුමාලාගේ මන්ත්‍රීවරු, ඇමතිවරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක අල්ලනවනෙ. හැබැයි ඒවා කියනකොට ඔබතුමාලා හරියට මී පැටව් වගේ, පූස් පැටව් වගේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. ආ අපි ඒවා මේ දේශපාලන වේදිකාවේ කතා කරන්නේ නැහැ, මොකද ඒවා අල්ලන්න ඕනේ. ඒවා අල්ලන්න ඕනේ. හැබැයි ඒවට ඔබ තමුන්නාන්සේලාගේ න්‍යාය පත්‍රය ඇතුලේ කටඋත්තර නැහැ.හැබැයි අහිංසක ගොවියා තමන්ගේ වී ටික විකුණාගන්න බැරුව පාරට බැස්සම, තමන්ගේ පොහොර ටික ඉල්ලලා පාරට බැස්සම, කසිප්පුකාරයෝ වෙනවා. ඉතින් ඒ හින්දා කරුණාකරලා, මේ ගරු සභාපතිතුමා, මේ ගෙන එන අනපනත් ක්‍රියාත්මක කරනකොට සාධාරණව ක්‍රියාත්මක කරන්න. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ. හැබැයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවට හිතවත් අයට එක විදිහකට, ආණ්ඩුවට විරුද්ධ අයට තව විදිහකට, දුප්පත් මනුස්සයාට තව විදිහකට. මේක නෙවෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස. රටේ ජනතාව බලාපොරොත්තු වුණේ නීතිය සාධාරණව ඉටු වෙන, නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඒ නිසා කරුණාකරලා මේ නීතිරීති ක්‍රියාත්මක කරනකොට, මේ ආයතන ව්‍යුහයන් හදනකොට, තමන්ගේ හිතවතුන්ට රැකියා දෙන්න, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපෘති බෙදන්න මේවා පාවිච්චි නොකර, රටේ ජනතාවට සහනයක් සැලසෙන විදිහට මේවා ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ගමේ කසිප්පු පෙරන්න හිටපු එකෙක් ගිය උඩ 🤣
ReplyDeleteලපයට ඔහොම කියන්න එපා
Deleteහොර පච ලපයට අපහාස කරන්න එපා😜
Deleteජයපිට ජයලබනා සිව්හෙළයේ සැබෑ නිදහසේ අසමසම නොනවතින සටන,..
ReplyDeleteචින්තන විප්ලවය,..
''උවිදු විජයවීර ප්රමුඛ දෙවන පරපුර සමග'' චින්තන විප්ලවයට,..
සමස්ථය යාවත්කාළීන කරනා මූලාරම්භයට,.
ඵක මිටට, ඵක පොදියට සැබෑ නිදහසේ ශක්තිය ජවය අසමසම බළ වටා රොදබැදෙන්න,..
සැබෑ නිදහසේ අතනොහරිනා නිදහස් සටනේ,.
කොටස්කරැවන් වීමට,.
සටනේ මීළග පියවර,.
ජයග්‍රණය නිදහස හඹායන අසමසම ආශ්චරය්යය ,.
සමස්ථ සිව් හෙළය ලබාගත් ජයග්රහණයන් ආරකෂා කරමින්,.
සටනේ මීලග අදියර සඳහා,පාට පකෂ ආගම් කුල මළ ජාතිබේද ඉවතලා ඵකමිටට ඵක පෙදියට රොදබැදෙන්න සමස්ථ සිව්හෙළයට ගෟරවාන්වතව ආරාධනා,..!
අඩෝ පොන්ස් ලංකාවේ නුගත් අමන මෝඩ චන්දදයකොයෝන්ව ෆෝරම් කරන්නේ නැතිව හිටපිය "උවිදු විජයවීර" කියල මෝඩයෙක් ගෙනෙන්න...උවිදු කියා පකයට ඉංග්‍රීසි වචනයක් බැහැ..අඩුම තරමේ රජයේ ආයතනයක හෝ කොම්පනියකවත් වැඩක් කරලා නැති මෙලෝ හසරක් නොදන්නා අමු බුරුවෙක් බොරුවට යුටුබේ විඩියෝ අටවගත්ත විව්ස් එකතුකරන හිපටු චැනල් වලට ඇවිල්ල දේශපාලනය ගැන නොදන්න බයලා කහිනව. ජේවීපී ත්‍රස්තවාදියෝ නම වෙනස් කරලා පච ටිකක් කියුව පලියට ලංකාවේ ගොන් චන්දදයක හැත්ත උන්ට චන්දෙ ගහල බලයට ඇවිල්ල දැන් රටට රෙවිල තියෙනව මදිවට තව උවිඳු කියල පකයෙක් (ත්‍රස්තවාදී නායකයාගේ පුතාව) ගෙනෙන්න හදනවා. මොන ඔක්කොම කනත්තේ අළු කරපු නැති එකේ සපයා තම ලංකාවට වෙලා තියෙන්නේ සක්කිලි හැත්ත. එක පාරක් කාපු පරිප්පුව තව පාරක් කන්න බැහැ...
Deleteගොවියන් වෙනුවෙන් කතා කරන ඔබතුමාට ස්තූතියි .හැමදා නාමල්❤
ReplyDelete