සංවිධානාත්මක පාතාල කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට රැඳවුම් භාරයෙන් සහන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (26) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ යන අයයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අධිකරණයේදී අනාවරණය වූ වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් සාකච්ඡා නිමවා 2023 මාර්තු 29 වැනිදා ඩුබායි සිට එකම ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම සංචාරය සඳහා රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබීමයි.
අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අධිකරණ අමාත්‍යවරයා ද මෙම ගුවන් ගමනට සහ සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ද ඉදිරියේදී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි.
මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන කණ්ඩායම් සූදානම් වන අතර, ඔහු අත්අඩංගුවට පත්වීමේ දැඩි ඉඩකඩක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත.
අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, මෙම අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ‘ඩිරාම්’ මුදලිනි. ඩුබායි රාජ්‍යයේ වෙසෙන නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැති පුද්ගලයා හරහා මෙම කටයුත්ත සම්බන්ධීකරණය වී ඇති අතර, 2023 වසරේ මාර්තු මස 23 වැනිදා මෙම සැකකරුවන් තිදෙනා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
එහිදී හර්බි නැමැත්තාගේ නිවසේදී ඔවුන් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ දැනට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් යන අය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී සැකකරුවන් විසින් මුලින්ම රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව සාකච්ඡා මාර්ගයෙන් එය කෝටි 30 දක්වාත්, අවසානයේ කෝටි 20 දක්වාත් අඩු කර ඇත. එම මුදලින් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇති අතර, ඒ අනුව එක් දිනකදී කෝටි 10 ක් සහ ඊට පසු දින තවත් කෝටි 2 ක් වශයෙන් ඩිරාම්වලින් මෙම මුදල ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

කෝටි 20ක් ලබා ගැනීමට එකඟ වෙලා, අත්තිකාරම් ලෙස කෝටි 12කින්, කෝටි 10ක් පළමු දිනයේත්, කෝටි 2ක් දෙවන දිනයේත් ලබාගෙන, අරගෙන තියෙන්නේ ඩිරාම් වලින්. කොහොමද මේ යක්කු දිගටම බලයේ හිටියා නම් එහෙම? ඇත්තට ඉතින් මුන්ට කඩේ යන අමු පිස්සො ඉන්නවා තාම.
ReplyDeleteදැන් තේරෙනවනේ මේ පක්කු සියලු සේසත වියදම් කරගෙන ඔබටයි මටයි සේවය කරන්ඩ වලිකන්නේ ඇයි කියලා, නේද? ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෑ. පක්ෂයේ විමධ්‍යගත අරමුදලෙන්, පක්ෂය විසින් සුදුසු යැයි තීරණය කරණ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලීමට සියලු වියදම් කරණවා. කිසිම පුද්ගලයෙකුගේ, ආයතනයක, හෝ විදේශ රටවල ආධාර මුදල් අවශ්‍ය වෙන් නෑ, ඒ නිසා ඒ පුද්ගලයන්ට, ආයතන වලට, විදේශ රට වලට අවශ්‍ය විදියට වැඩ කරන්නෙත් නෑ බලය ලැබුණම. නිදහස් ස්වෛරී රාජ්‍යයක් බිහි කරන්ඩ පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියන එක දැන් ඕනෑම ගොබ්බයෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි විය යුතුයි.
නියමයි...ඩිල් දසටයි උගේ පුතාට්යි පුතාගේ යාලුවටයි තුන් දෙනාටම පොකවල පලගන්න පුළුවන් එහෙම නැතිනම් අනෙකුත් හිරකාරයෝ මුන්ට ගල් කපල කකුල් ඇලවිලා එලියට එන්න වෙන්නේ.
ReplyDeleteවිජේදාසයා තමයි මහ මොළකරු. ඕකා පුදුම විදියට වංචා දූෂණ කොරපු පල් හොරෙක්. මූ නිසා උග් ගොන් කොල්ලගෙ පුක පලනවා සානි
ReplyDeleteවිජේදාසටත් හොඳවැඩේ. ගෝඨා බලයට ආපුහම ගෝඨා මිනිහට නියෝජ්‍ය ඇමති කමක් දුන්නෙ. කැබිනට් ඇමතිකමක් දුන්නෙ නැති එකට මලපැනල ඒ දුන්න
ReplyDeleteනියෝජ්‍ය ඇමතිකම බාරනොගෙන ප්‍රතික්ෂේප කරල එදා ඉදන්ම ඇතුලෙ ඉඳගන ගෝඨාට අංචි අදින්ඩ පටන් ගත්ත. මාධ්‍යය සාකච්ඡා පවත්ව, පවත්ව ගෝඨාට
විරුද්ධව අමූලික බොරු මඩගැහුව. දැන් පහුවෙලා හරි දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන්ඩ පටන් අරන්. නියමයි!