විජේදාසත් අත්අඩංගුවට..? පුතාලා ගිය ගුවන් යානයේම ඩුබායි ගිහින්...


 සංවිධානාත්මක පාතාල කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට රැඳවුම් භාරයෙන් සහන සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (26) නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ යන අයයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අධිකරණයේදී අනාවරණය වූ වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම සැකකරුවන් තිදෙනා අල්ලස් සාකච්ඡා නිමවා 2023 මාර්තු 29 වැනිදා ඩුබායි සිට එකම ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම සංචාරය සඳහා රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබීමයි.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අධිකරණ අමාත්‍යවරයා ද මෙම ගුවන් ගමනට සහ සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ද ඉදිරියේදී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි.

මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන කණ්ඩායම් සූදානම් වන අතර, ඔහු අත්අඩංගුවට පත්වීමේ දැඩි ඉඩකඩක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත.

අධිකරණයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, මෙම අල්ලස් මුදල සැකකරුවන් වෙත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිත කරන ‘ඩිරාම්’ මුදලිනි. ඩුබායි රාජ්‍යයේ වෙසෙන නිර්මල බණ්ඩාර හෙවත් ‘හර්බි’ නැමැති පුද්ගලයා හරහා මෙම කටයුත්ත සම්බන්ධීකරණය වී ඇති අතර, 2023 වසරේ මාර්තු මස 23 වැනිදා මෙම සැකකරුවන් තිදෙනා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

එහිදී හර්බි නැමැත්තාගේ නිවසේදී ඔවුන් ‘හරක් කටා’ නැමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ දැනට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් යන අය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී සැකකරුවන් විසින් මුලින්ම රුපියල් කෝටි 50 ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව සාකච්ඡා මාර්ගයෙන් එය කෝටි 30 දක්වාත්, අවසානයේ කෝටි 20 දක්වාත් අඩු කර ඇත. එම මුදලින් කෝටි 12 ක මුදලක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇති අතර, ඒ අනුව එක් දිනකදී කෝටි 10 ක් සහ ඊට පසු දින තවත් කෝටි 2 ක් වශයෙන් ඩිරාම්වලින් මෙම මුදල ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

18 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 27, 2026 at 12:24 AM

    කෝටි 20ක් ලබා ගැනීමට එකඟ වෙලා, අත්තිකාරම් ලෙස කෝටි 12කින්, කෝටි 10ක් පළමු දිනයේත්, කෝටි 2ක් දෙවන දිනයේත් ලබාගෙන, අරගෙන තියෙන්නේ ඩිරාම් වලින්. කොහොමද මේ යක්කු දිගටම බලයේ හිටියා නම් එහෙම? ඇත්තට ඉතින් මුන්ට කඩේ යන අමු පිස්සො ඉන්නවා තාම.

    දැන් තේරෙනවනේ මේ පක්කු සියලු සේසත වියදම් කරගෙන ඔබටයි මටයි සේවය කරන්ඩ වලිකන්නේ ඇයි කියලා, නේද? ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෑ. පක්ෂයේ විමධ්‍යගත අරමුදලෙන්, පක්ෂය විසින් සුදුසු යැයි තීරණය කරණ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලීමට සියලු වියදම් කරණවා. කිසිම පුද්ගලයෙකුගේ, ආයතනයක, හෝ විදේශ රටවල ආධාර මුදල් අවශ්‍ය වෙන් නෑ, ඒ නිසා ඒ පුද්ගලයන්ට, ආයතන වලට, විදේශ රට වලට අවශ්‍ය විදියට වැඩ කරන්නෙත් නෑ බලය ලැබුණම. නිදහස් ස්වෛරී රාජ්‍යයක් බිහි කරන්ඩ පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි කියන එක දැන් ඕනෑම ගොබ්බයෙකුට පැහැදිලිව තේරුම් ගත හැකි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තේරෙනවා මචං ඒවගේම උඹත් තේරුම් ගනින් සැකයි කියලා රතු ලේබල් ගහපු කන්ටේනර් 323 පිට කරන්න කටයුතු කරපු දේශපාලක යින් ද මේවගේ ගේමකට තමයි ඒක කරේ කියලා.ගල් අඟුරු කේස් තව කොච්චර ඒව තියෙනවද උඹලා ගේ කපුරු හමිල කරපු කරමින් තියෙන. මුං උන්ට වඩා හොරු බං මොකද අපි අපේ උන් හොරු නම් ඒක පිළිගන්නවා උඹලා සාමූහිකව පක්ෂය වෙනුවෙන් විප්ලවය වෙනුවෙන් හොරු රකිනවා අද භාණ්ඩාගාර යේ මනුස්සයා සියදිවි නසා ගත්තේ පක්ෂය වෙනුවෙන් නේද?උඹලා පවු බං පක්ෂේක හිර කාරයො

      Delete
    2. ගුවං යානෙ හිටපු ගුවං සේවිකාවො අත් අඩංගුවට අරං පස්ස පැත්තෙ ටෝච් ගහල බලයිද?


      Delete
    3. අනේ බොල, කාදිනල් පාස්කු ප්‍රහාරය දැනගෙන හිටිය කියල හෙලි කරපු නිසානෙ ඔය සේරම​. මේ මිනිස්සු හිර කරල උඹල කරපු අපරාධ වහගන්න බෑ. පතිරන ගලප්පත්ති උඹ දැන ගනින් උඹල ගෙන්නපු කුඩු කන්ටේනර් වල තිබුනු කුඩු ගහල උඹගෙ දරුවො හැඳිගෑවිලාම යන්න ඕන. තොපේ පවුලම නන්නත්තාර වෙන්න ඕන​.

      Delete
    4. නිදහස් ස්වෛරී රාජ්‍යයක් බිහි කරන්නෙ කොහොමද සහොදරයා මාලිමා ලොක්කෙකු වාහන පදවනකොට මත්ද්‍රව්‍ය අරගෙනද කියලා බලන්න. යනකොට පොලීසියෙ බැලුන් අතුරුදහන් වෙනවනේ,🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  2. නියමයි...ඩිල් දසටයි උගේ පුතාට්‍යි පුතාගේ යාලුවටයි තුන් දෙනාටම පොකවල පලගන්න පුළුවන් එහෙම නැතිනම් අනෙකුත් හිරකාරයෝ මුන්ට ගල් කපල කකුල් ඇලවිලා එලියට එන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඩීල් දාස පකයා, ඩීල් දාස පකයා, ඩීල් දාස පකයා, ඩීල් දාස පකයා

      Delete
  3. විජේදාසයා තමයි මහ මොළකරු. ඕකා පුදුම විදියට වංචා දූෂණ කොරපු පල් හොරෙක්. මූ නිසා උග් ගොන් කොල්ලගෙ පුක පලනවා සානි

    ReplyDelete
  4. විජේදාසටත් හොඳවැඩේ. ගෝඨා බලයට ආපුහම ගෝඨා මිනිහට නියෝජ්‍ය ඇමති කමක් දුන්නෙ. කැබිනට් ඇමතිකමක් දුන්නෙ නැති එකට මලපැනල ඒ දුන්න 
    නියෝජ්‍ය ඇමතිකම බාරනොගෙන ප්‍රතික්ෂේප කරල එදා ඉදන්ම ඇතුලෙ ඉඳගන ගෝඨාට අංචි අදින්ඩ පටන් ගත්ත. මාධ්‍යය සාකච්ඡා පවත්ව, පවත්ව ගෝඨාට 
    විරුද්ධව අමූලික බොරු මඩගැහුව. දැන් පහුවෙලා හරි දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදෙන්ඩ පටන් අරන්. නියමයි!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ඒ කරපු අපරාදයට දැන් තමයි පලිසන් දෙන්නෙ.

      Delete
    2. සැකය සාක්ශි එක්ක පෙන්නන්න වෙයි , ඔප්පු කරන්න. ටෙලිඵෝන් සංවාද වලින් සල්ලි ගත්තා කියල ඔප්පු කරන්න පිලිවන්ද? සල්ලි ආපු ගනවත්, සල්ලි ගත්ත ගාන වත් කිසි සාක්කියක් නැතිව?

      Delete
    3. You are right . Circumstantial evidence at best in this AI age where any evidence can be fabricated. Those slaves don't understand these things. All they do is bark. bark. bark. Like their lier in charge.

      Delete
  5. කතන්දරේ හරි නම් , ස්ල්ලි දුන්න කෙනෙක් ඉන්නවා, සල්ලි ගත්ත කෙනෙක් ඉන්නවා. සල්ලි දුන්නේ කෑශ් වලින් නම් පින්තූර හරි , වෙන මොනා හරි ක්‍රමේකට ඔප්පු කරන්න වෙයි. ගිනුමකට බැර කලා නම් ඉතින් ලෙසියෙන්ම සල්ලි බර කරපු මුදල් රෙසිට් ඇති ඒවා පිලිවන් ඉදිරිපත් කරන්න. මේ පැත්තෙන් අනිත් පැත්තට සල්ලි ගියා කියල පිලිගත හැකි සාක්කියක් ඉශිරිපත් නොකලොත් කොහොමද සැකේ තහවුරු කරන්නේ?. කට වචනෙන් විතරක් නම් , ඔය සල්ලි ගත්තයි කියන අය කිව්වොත් සල්ලි දුන්නෙ හර්ශන නානායක්කාරට කියලා ඒක පිලිගන්නවාද?

    ReplyDelete
  6. යකෝ, ගුවන් යානයේ සිටි ඔක්කොම අත්අඩංගුවට ගන්න එපැයි.

    ReplyDelete
  7. Why can't Rajapakse senior fly on the same flight?. Does he have to take permission from lier in chief?

    ReplyDelete
  8. ස්සාවක් හොයනවා වෙන්ට බැරිද,.?June 27, 2026 at 4:11 PM


    ඵහමත් නැතිනම් ගිනිබත්කල නැවේ මුදල් නිසා..' නඩුව බලවන්න' වත් ගියාද,.
    කවුද දන්නේ..
    සුද්දගෙන් ආයිමත් කීයක්හරි අරන් නඩුව ඩුබායි වල දාලද කියලා?

    ReplyDelete
  9. රටේ කරුමෙට ඉපදුනු මිනිස්සු.

    ReplyDelete
Previous Post Next Post