ඇමෙරිකාවෙන් ඉරානයට දැඩි ප්‍රහාර මාලාවක්...


 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරියේදී තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුව, ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට එරෙහිව දෙවන ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ. 

ප්‍රහාරක ගුවන් යානා සහ ‘ටොමහෝක්’ වර්ගයේ කෲස් මිසයිල දුසිම් ගණනක් යොදාගනිමින් දකුණු ඉරානය පුරා පිහිටි ඉලක්ක කිහිපයකට මෙම මෙහෙයුම එල්ල කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට සිරිකි, මිනාබ්, බන්ඩර් අබ්බාස් මෙන්ම කෙෂ්ම් සහ හෙංගාම්  යන දූපත් ආශ්‍රිත ප්‍රදේශවලින් ප්‍රබල පිපිරීම් සහ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වන හඬ ඇසී තිබේ. මීට අමතරව තෙහෙරානයට බටහිරින් පිහිටි ප්‍රදේශ සහ ෆාර්ස් ප්‍රාන්තයේ ඇතැම් කොටස්වල ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සිරස් නාද ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වේ. 

වොෂින්ටනය සහ තෙහෙරානය අතර පවතින ගැටුම තවදුරටත් තීව්‍ර වෙමින් පවතින පසුබිමක, මෙම නවතම ප්‍රහාර මාලාව කලාපීය නොසන්සුන්තාව කැපී පෙනෙන ලෙස උග්‍ර කිරීමට හේතු වී තිබේ.

Previous Post Next Post