ජනපති දුන් පොරොන්දු කැඩුවැයි ධීවරයෝ ජනාධිපති කාර්යාලය ඉදිරියේ සත්‍යග‍්‍රහයක් අරඹති..


තම ජීවනෝපාය සුරක්ෂිත කරගැනීම සඳහා ස්ථාවර වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ඉල්ලමින් මාදැල් ධීවර ප්‍රජාව ජනාධිපති ලේකම් කාර්යාලය අභියස විරෝධතා ව්‍යාපාරයක් යළි ආරම්භ කර තිබේ
. පාලකයින් විසින් මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් නොකිරීම මීට හේතුව වී ඇත.

මීට ඉහතදී දින 9ක් පුරා පැවැති සත්‍යග්‍රහයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිවිය.

එහිදී මාස එකහමාරක් හෝ දෙකක් වැනි කාලයක් තුළ ස්ථිර විසඳුමක් දෙන බවට එකඟතාවක් පළ වුවද, මේ දක්වා කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බව සංගමයේ ලේකම් ආර්. . ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පවසයි.

අදාළ එකඟතාවයට අනුව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ඇතුළු ආයතන කිහිපයක් එක්ව පසුගිය අප්‍රේල් 9 වැනිදා වන විට මුහුදු පතුල සහ වෙරළ තීරය ආශ්‍රිත ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු අවසන් කර ඇත.

එහෙත් ඉන්පසු මාස පහක කාලයක් ගතවී තිබුණද ධීවරයින්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැත.

අද සහ හෙට යන දිනවල අඛණ්ඩව මෙම ස්ථානයේම රැඳී සිටිමින් සාමකාමී විරෝධතාවයේ නිරත වීමට ධීවරයෝ තීරණය කර සිටිති. එලෙසම, එළඹෙන බදාදා දිනය වන විට බලධාරීන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, දිවයිනේ සෙසු ප්‍රදේශ නියෝජනය කරමින් තවත් ධීවර කාර්මිකයන් 2,000කට අධික පිරිසක් අගනුවරට කැඳවා විරෝධතාව දැඩි කිරීමට සමස්ත ලංකා මාදැල් සංගමය සැලසුම් කර ඇත.



5 Comments

  1. thopila thamai AKD ge puka lewa kanna giye hutto. dan sapada ubalada...dan tiyenne AKD wa elawala dapalla.

    ReplyDelete
  2. AKD wa riwarak nemei, JVP - LTTE wesa anuwama gedara yawanna one

    ReplyDelete
  3. පච හලන, මිනිස්සු රවටන්නට උපන් හපන් මුන් බලයට ගෙනාවට හොඳ පාඩම්.

    ReplyDelete
  4. මුහුද ඉන්දියාවට දීලා ඉවරයි , ඉන්දියාවෙන් අහල කියයි

    ReplyDelete
  5. Paw wada walata Jnadhipathi thuma wiruddai. Wena rassawak hoya ganilla.

    ReplyDelete
Previous Post Next Post