බල නහර කියලා එකක් නෑ.. මරණකරුම කපාගෙන..- රංග රාජපක්‍ෂ මරණය ගැන අධිකරණයේදී


මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා ඇතිවූ මරණයක් බවට සිව් පුද්ගල කමිටුව ඒකමතිකව තීන්දුකළබැව් අධිකරණ වෛද්‍ය නිලධාරී  කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ඉකුත් නඩුවාරයේදී මරණකරුගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වූ අතර (03)  අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, නිල සුනක්ඛයා මෙහෙයවූ සැරයන් ඇතුළු විමර්ශකයින් විමර්ශකයින්ගෙන්.  සාක්ෂි ලබා ගැනීම සිදු කළහ.

එහිදී සාක්ෂි විභාගය මෙහෙයවූයේ වයඹ පළාත භාරයේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බල නහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද විමසා සිටි අතර ඊට පිළිතුරුලබාදුන් අධිකරණ වෛද්‍ය නිළධාරී  ඉලංගරත්න බණ්ඩා මහතාබල නහර ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන ශරීරාංගයක් නොවන බවත් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්‍යවරුන් හා සමගද සාකච්ඡා කළබවත් දන්වමින් මෙම මෘත දේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ  වෛද්‍ය වරුන් සිව් දෙනාම මෙය තමන් විසින්ම කපාගන සිදුවූ තුවාල බවත් ඉන් රුධිර වහනයවීමේදී ඇතිවූ කම්පනයහේතුවෙන් සිදුවූ මරණයක් බවත් තීරණය කලබව පැවසීය.  සාක්ෂි විභාගය මැදදී පෙන්වාසිටි මරණකරුගේ ඇඳුම් සෙරෙප්පු හා පිහිය ද වෛද්‍යවරයා විසින් හඳුනාගත් අතර තුවාලවූ ස්ථානවල ඡායාරූප අධිකරණය බාරයට පත්කළේය.

කෙසේවෙතත් රසපරීක්ෂක  වාර්තා ද පැමිනිපසු එහි ස්ථාවරයද සලකා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 30 වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබාදෙන ලෙස එහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණයෙන් අයැදසිටියේය.

කරුණු සැලකිල්ලටගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා එමනඩුව යළි 12 දින කැඳවීමට නියම කළේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

10 Comments

  1. කුඩු බීලා ඔළුව හොඳටම සිහි විකල් කර ගත්ත එකෙකුටවත් ඔය විදිහට කපා ගන්න බෑ බං.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!

      Delete
  2. අධිකරණ වෛද්‍යලගෙත් බල නහරත් පරිස්සං කර ගන්ට එපෑයි මයෙ පුතා


    ReplyDelete
    Replies
    1. මුං දොස්තරලා වෙලා තියෙන්නේ බටහිර පොත් කට පාඩම් කරලා. සිංහලෙන් බල නහර කියන්නේ විශාල ධමනි. ඒ්වා කැපුන ගමන් නොවත්වා ලේ විදින නිසා ඉක්මණින් සිහි නැති වී මිය යනවා. මුං බල නහර කියන්නෙ මොනවාද කියා AI ගහලා අහන්න ඇති. ඒකෙන් force vein කියලා දෙයක් ශරීරයේ නෑකියන්න ඇති. හරක්!

      Delete
  3. ඔය වෛද්‍යවරු හතර දෙනා දේශපාලනික වශයෙන් කොයි පැත්තෙද කියලා ටිකක් පරීක්ෂා කළා නම් හොඳයි. ඒගොල්ලො මුල ඉඳලම බැලුවෙ මේක සියදිවිනසා ගැනීමක් කියන මතයෙ ඉඳන්. ඒ බව හොඳින්ම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. එතකොට එයාලට ලේසියි ...වැඩිය පරික්ෂණ කරන්න , ලොකුවට හිතන්න දෙයක් නැ නේ

      Delete
  4. පතිරණ ගලප්පත්තිJune 4, 2026 at 12:17 AM

    ලංකාවේ වෛද්‍යවරුන්ට ඕක ඝාතනයක් නෙවේ කියන්ඩ තියෙන්නේ පිහියේ මරණකරුගේ ඇඟිලි සළකුණු තිබුණ එකයි, පිහියේ ලේ තැවරී තිබීමයි, ශරීරයේ පොර බැදූ බවට සලකුණු නෑ කියන එකයි, ස්ථානය අවට වෙනත් අයගේ ඩී.එන්.ඒ. දැකීමට නොලැබීමයි, විතරයි. නමුත් ඒ විදියට පෙනෙන්ඩ ඝාතනයක් සූක්ෂමව ක්‍රියාත්මක කරන්ඩ පුළුවන්.

    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සැකසුණු විදෙස් වාර්ථාමය චිත්‍රපටියක එහෙම සිදුවීමක් සම්පූර්ණයෙන් මා දැක තිබෙනවා. අදාල පුද්ගලයා පිහියක් අල්ලාගෙන සිටිනවා, වෙනත් සැඟවී සිටි පුද්ගලයෙක් ඔහුගේ ගෙල කපා දමනවා. එම ඝාතකයා ඩී.එන්.ඒ. සාක්ෂි ඉතිරි නොවන ආකාරයට කටයුතු කරණවා (එය පැහැදිලිව මෙහි නොලියන්නේ අනියම් ආකාරයෙන් අපරාධයක් කරණ අයුරු කියා දීමට වශ්‍ය නැති බැවිනි). ඒ සිදුවීමේදී ද වෛද්‍යවරුන් නිගමණය කලේ සියදිවි නසා ගැනීමක් කියලා. ඔවුන් ගෙන ආ තර්ක වූවේ ගෙල සම්පූර්ණයෙන් නොකැපී තිබීම, මරණය ගෙල කැපීම නිසා නොව ලේ වහනය නිසා සිදුවී තිබීම යනාදී දේවල්. පිහියේ ඇඟිලි සළකුණු තිබෙන බවත් ඉදිරිපත් වුණා. නමුත් වෛද්‍යවරු නොවන වෙනත් පුහුණු රහස් පරීක්ෂකයින් පිරිසකට තමයි ඒක ඝාතනයක් කියලා ඔප්පු කරන්ඩ පුළුවන් වුණේ වෙනත් පාරිසරික සාධක උපයෝගී කරගෙන, පසුබිම් සාක්ෂි සම්පිණ්ඩණය කරගෙන. පසුව වැරදි කරුවන්ට දඬුවම් පැමිණෙව්වා.

    ලංකාවේ මේ සිදුවීම ඝාතනයක් නෙවේ කියා කීමට නම් එය ඝාතනයක් නොවන බවට ඔප්පු කල යුතුයි. නමුත් මෙතැනදී සිදුවී තිබෙන්නේ ඝාතනයක් බවට ඔප්පු කර ගැනීමට සාක්ෂි නොමැති වීමයි. ඝාතනයක් බවට ඔප්පු කල නොහැකි වීම, සහ, ඝාතනයක් නොවන බව ඔප්පු කර පෙන්වීම කියන්නේ දෙකක්. මේ සිදුවීමේ ස්වභාවය අනුව ඝාතනයක් නොවන බවට ඔප්පු කර සිටින තුරු, පිළිගත නොහැකියි.

    ReplyDelete
    Replies
    1. බුදාම්ම්මෝ මලයට තියෙන දැනීම
      කලියෙන් දැනං හිටියනං ප්‍රැන්සිස් පාරෙ JMO කන්තෝරුවේ මිනී කපන රස්සාවට දාල දෙන්ට තිබුන

      Delete
  5. The superior vena cava (SVC) is a large, valveless vein that carries deoxygenated blood from the upper half of the body, including the head, neck, and upper limbs, back to the right atrium of the heart. It is formed by the union of the left and right brachiocephalic veins and is located in the anterior right superior mediastinum. The SVC plays a crucial role in the cardiovascular system by returning blood that has been oxygen-depleted to the heart for reoxygenation
    menna meka thama bala nahara kiyanne . godak jeppo inna nisa lankave ape bala nahara nehe kiyala usaviyen mathayak ganna hadanne...............

    ReplyDelete
  6. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු.

    ReplyDelete
Previous Post Next Post