රටේ වර්තමාන ආර්ථික තත්ත්වය බරපතල අඩියකට වැටෙමින් පවතින බවත්, රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් වෙළඳපොළ අස්ථාවර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පසුගිය දින කිහිපය තුළ රුපියලේ අගය තවදුරටත් පහත වැටී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, නිල වෙළඳපොළේ ඩොලරයේ අගය රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කළු කඩයේ එහි මිල රුපියල් 345 ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළේය.
පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු දින කිහිපයක් රුපියල ස්ථාවරව පැවතියද, රජය පිළිබඳ විශ්වාසය පළුදු වීම නිසා රුපියල නැවතත් වේගයෙන් අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි යන බිය සහ අවිශ්වාසය මත විදේශගත ශ්‍රමිකයන් තම ප්‍රේෂණ එවීම පමා කරමින් සිටින බවත්, අපනයනකරුවන් පවා තම ආදායම් මෙරටට ගෙන ඒමට මැළිකමක් දක්වන බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ බැංකු පද්ධතියට ආනයන ණයවර ලිපි (LC) සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරට භාණ්ඩ සඳහා අලුතින් සියයට 2.5ක බද්දක් පැනවීමට සූදානම් වන බවත්, ඒ අනුව මුළු බද්ද සියයට 22.5ක් දක්වා ඉහළ යා හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ලෝකයේ අනෙකුත් රටවල් ඇමරිකාව සමඟ ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා මෙවැනි බදු වලින් නිදහස් වී ඇති නමුත්, ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ සාකච්ඡා කළ බව පැවසුවද ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා විවේචනය කළේය.
ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වෙළඳපොළේ පවතින සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, මෙයින් අවසානයේ පීඩාවට පත් වන්නේ පොදු මහජනතාව බවත් මන්ත්‍රීවරයා පැවසීය. රජයේ වගකිවයුත්තන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික කළමනාකරණය පිළිබඳව සරල ලෙස අදහස් දැක්වුවද, පවතින සැබෑ තත්ත්වය ඉතා භයානක බවත් ඔහු අවධාරණය කළේය.

ඩෝබිලා මොන කතා කිය කිය හෝදන්න හැදුවත් අපි ඔක්කොම ආණ්ඩුවේ නොහැකියාව හින්දා යන්නේ ගිනිගොඩකට.කොරේ පිටට මරේ වගේ අවුරුදු එකසිය හතලිහකට පස්සේ ලෝකෙටම එන දරුණුම සුපර් එල්නීනොව ජූලි වලදී ලංකාවට නියගයක් විදිහට බලපාන්න සියයට අසූවක ප්රතිශතයක සම්භාවිතාවක් තියෙනවා.සුපර්එල්නීනොවේ පුරෝකතනය තියෙන්නේ ලෝක ජනගහනයෙන් මිලියන පනහක් විතර අතුගැවිලා යයි කියල.(ලියපු එකාගේ ඇඟේ ගොඩවන්නැතුව ලෝක සංවිධාන වල ඒ ගැන වාර්තා කියවන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා)දරුණු නියගිය කියන්නේ කෘෂිකර්මාන්තය සහමුලින්ම විනාශ වන වැඩක්.ආහාර ආනයනය කරන රටවල් වලටත් නියගියක් හරි ගංවතුරක් විදිහට බලපෑවහම අපි රටින් ගෙන්නලා කාලා හමාරයි.(එතකොට පිටරටින් කෑම ගේනකොට කොමිස් ඇරං හම්බ කරන පොට්ට වසන්තයටයි ඒකනුත් ලොකුම කුට්ටිය ගන්න හුණ්ඩුකුමාරටයි කෝඩේ.)මුන් නියගිය හින්ද මිනිස්සුන්ට කන්න නැති වුනහම යසට නියගිය පිට දාලා ඉස්සර ආණ්ඩු පිට දාල හරි ෂේප් වෙයි.මහ වැඩ්ඩො ටික දිට්ව වලට මුහුණ දීපු හැටි දැක්කනේ.
ReplyDeleteඕවා නං මොනාද බන් අපි ගූ නැව්ත් කාලා හිටපු ජාතියක්නේ 🤣🤣🤣
Deleteපොල් ගස් නගින්න පුළුවන්නම් කියපන් කුරුණෑගල පැත්ත රස්සාවක් තියෙනවා ගහකට 350ක් දෙනවා
Mahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume..
ReplyDeleteඑහෙම වුනානම් මහින්ද ජනාධිපති, ප්රභාකරන් අගමැති, සිරිලිය මාරුවෙන් මාරුවට දෙන්නගෙම කටට ගන්නවා 🤣
Deleteතුන්දෙනාම ජාතික වීරයෝ 🤣🤣🤣
ගොන් හර්සයා මරු කියෝනව. රනිල් ගොඩ ගත්ත ආර්ථිකය මාලිමාව ශක්තිමත්ව ඉදිරියටම ගෙනියනවා. කොළඹ හෝටල් පිරිලා මිනිස්සු විනෝද වෙනව. පාරවල්වල අලුත්ම වාහන. ඇමරිකාවෙවත් එහෙම අලුත් බඩු නෑ. මෝඩ හර්සයට විවේචන විතරයි පුලුවන්, වැඩ බෑ.
ReplyDeleteඅලුත් බඩු : gihin balanna pelawatte
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDeleteමෙන්න ලැට්පනික් කියාගේ හොඳම ගෝලයා මාවරමණ්ඩියේ වයග්‍රා සුමනේ.
Deleteසැසී වීරවංසගේ BoyToy.