ගොවියෝ රජවරු කියන්නේ ඉස්සර ගහලා තියෙන පචයක්..- ලාල් කාන්ත


 ගොවියා රජෙක් යනුවෙන් හැඳින්වීම අතීතයේ පටන් පවසා ඇති අසත්‍ය ප්‍රකාශයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් ලෙස සිතා කටයුතු කිරීම නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන බවයි. "වාරිමාර්ග, පාරවල්, බෝක්කු, පාලම් සහ පොහොර සහනාධාරය වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා ගොවියෝ තනියෙන් තමන් රජවරු කියලා හිතන්න හොඳ නැහැ. ඒක ඉස්සර ගහලා තියෙන පචයක්" යනුවෙන් ඔහු සඳහන් කළේය.

ගොවීන් නිරන්තරයෙන් වී මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත්, ඒ සමඟම සහල් මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ද සිතිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. වී මිල ඉහළ යන විට සහල් මිල ද ඉහළ යන බැවින්, සමස්ත ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.

වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශ්ව කරන යෝජනා පිළිබඳව ද ලාල්කාන්ත මහතා සිය අදහස් පළ කළේය.

"රුපියල් 150ක් දෙන්න ඕනේ කියන අයම තමයි ගොවියාගෙන් වී ටික රුපියල් 90ට 95ට ගන්න බලන්නේ. ඒ අයගේ භාවිතයේ ඒ මිල නැහැ" යැයි ද ඔහු පැවසීය.

රට වටේම මුහුද තිබුණ ද සැමන් පිටරටින් ගෙනා යුගය දැන් අවසන් වී ඇති බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන ධනාත්මක වෙනස්කම් දෙස බැලිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

99%ක් හොඳ වැඩ සිදුවන විට 1%ක අඩුපාඩුවක් සොයාගෙන එය ප්‍රවෘත්ති බවට පත්කිරීමේ මාධ්‍ය කලාව ද ඔහු මෙහිදී විවේචනයට ලක් කළේය.

7 Comments

  1. ඒක ඉස්සර ගහලා තියෙන පචයක්


    JVP vesion now come into picture

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 12:28 AM

      මීට පස්සේ ඉංග්‍රීසියෙන් කමෙන්ට් දාන්ඩ කලින් ඉංග්‍රීසි පංතියකට පලයන්, නැත්නම් බොලා රට්ටු ඉදිරියේ විහිලු කාරයෙක් වෙනවා. උඹ ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙන්නේ අණ්ඩර දෙමළ.

      Delete
    2. මෙහෙමයි ඌ ඉංගිරිසි ඉගෙනගෙන තියෙන්නේ උඹලා jvp කාරයන් ට ඉංගිරිසි උගන්වන මෑන් ඔෆ් ද මැච් ගෙන් ඉතින් ඌ ට වරදක් කියන්න එපා

      Delete
  2. මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියල කිව්වෙ කවුද බං. තෝ නම් ඇමති කමකට තියා තැපැල් පියන් කමටත් සුදුසු නෑ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 12:33 AM

      එහෙම කිව්වේ ගැමුණු කුමාරයාටයි, දඹදෙණියේ දෙවෙනි පරාක්‍රමබාහු කුමාරයාටයි විතරයි. මොකද සැඟවිලා හිටිය කාල වල ඒ කුමාරවරු දෙන්නා කලේ වී ගොවිතැන. කෙලින්ම කුඹුරෙන් රජමාළිඟයට ගියේ ඒ දෙන්නා විතරයි. ඒක හැමෝටම අදාල නෑ.

      Delete
  3. තොපි වගේ පචයෝ නම් තවත් ඉදලා නෑ ගූ ලාලෝ .....ගොවියට කෙලවලා අද බයිලා ගහනවා....ගල්කටස් මිනීමරු තිරිසනා........

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 12:34 AM

      ඇයි උඹ ඉන්නේ? උඹට වඩා පචයෙක් ලෝකෙ නෑ.

      Delete
Previous Post Next Post