ජොන්ස්ටන්ගේ හෝටලය පොලිසියෙන් වටලයි..


 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

පොලිසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, කොටු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු නියෝගයක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙම පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී ඒ පිළිබඳ විමසිලිමත් වීම සඳහා නීතිඥවරුන් හයදෙනෙකුගේ අධීක්ෂණය ද ලබා දී තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අදාළ හෝටල් පරිශ්‍රය දැඩි සෝදිසියට ලක් කළ ද එහි තිබී කිසිදු නීති විරෝධී දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

10 Comments

  1. මිනිස්සු ඉල්ලුවෙ පලිගැනීම නෙවෙයි , ප්‍රයෝජනවත් වැඩක්

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන්නේ ජොන්ස්ටන් ට අපහසයට වගේම හෝටලයේ කී ර් ති නමය විනාශ කිරීමට වගේම හෝටලයේ කටයුතු පමා කිරීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් මිලියන ගානක් ඉල්ලා පොලිසියට පොලිස් ඇමැති ට හා ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න. මේක පුදුම කාලකන්නි ආණ්ඩුවක් නේ රටේ සල්ලි නාස්ති කරනවා පලි ගන්න
      .ජොන්ස්ටන් වගේම අනෙකුත්ව්‍යාපාර කරන අය වෙස් වලා ගත් නීතිඥ යන් තම ව්‍යාපාර ස්ථාන වල රැකියාවේ යොදවන්න ඕනා

      Delete
  2. අපරාදේ අපේ බඩු සල්ලි නාස්ති කරනවා නිකන්.

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්න මේක තනිකර ම පලි ගැනීමක් නීතිඥ යන් 6 දෙනෙක් අරගෙන ගිහිං උන්ට කාගේ මුදල් ද ගේවුවේ? මේ ආණ්ඩුව එන්නේ ඒකාධිපති ගමනක් යන්න වහාම සියලු තානාපති අංශ දැනුවත් කරන්න මානව හිමිකම් ආයතන දැනුවත් කරන්න. මේ කරන්නේ විපක්ෂ දේශපලකයෝ බිය කිරීම

      Delete
  3. පතිරණ ගලප්පත්තිJune 16, 2026 at 11:28 PM

    හෆොයි තිබිලම නැද්ද? ගොන්සාල් එක පරීක්ෂා කලා නම් තියෙනවා ප්‍රයෝජනවත් බොහෝ දේවල්. හොඳට සප්පායම් වෙලා යන එන තැන් නිසා එව්වා පරීක්ෂා කරන්ඩ අවශ්‍ය නෑ. මේකෙත් බඩු තියෙනවනම් අහක් කර ගන්ඩ කියලා කලින් කියන්ඩ ඇති, එක බෝතලේ ගානේ දුන්නත් ඇති, අපි ලංකාවෙ නේ.

    ReplyDelete
    Replies
    1. රෙද්දෙ රෙවුනම ඉක්මනට හෝදගනින් මයෙ පුතා. නැහ්නන් පලාතම ගඳයි.
      මෙවුංදැ හිතං ඉන්නෙ සිත නිවෙන කතා කිව්වාම ගඳ මැකෙනව කියල වෙන්ට ඇති මයෙ අප්පච්චි.

      Delete
  4. වෑඩ බෑරි පච ජෙප්පෝ අද රෑද්දේ රෙවිලා උන්ගෙම ඩෝබී බලකාය රවටන්න කරන වෑඩ.......නූගත් වහල් ඩෝබිලාට මේවායින් චූන් වෙනවා....

    ReplyDelete
  5. Kalakanni jeppo ratama ivarai.

    ReplyDelete
  6. ආප්ප තිබිල අහුවෙල

    ReplyDelete
  7. ඔක්කොම ඇතුලට දාලා ඉවරවෙලා palathsabha ඡන්දෙ තියන්න වගේ හදන්නේ.

    ReplyDelete
Previous Post Next Post