භෞත චිකිත්සකවරිය ඝාතක සැකකරු සහ බිරිද යාපනයේදි අත්අඩංගුවට..


නුවරඑළිය සංචාරක හෝටලයක් තුලදී භෞත චිකිත්සකවරියක් ඝතනය කර සැගව සිටි සැකකරු සහ සැකකරුගේ නීත්‍යානුකූල බිරිද
(24) දින අලුයම යාපනයේ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

සැකකරු සහ ඔහුගේ බිරිද වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් ගන්නා සුපෝකබෝගි බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ ජි.පී.එස්. තාක්ෂණය පරික්ෂා කරමින් බස් රථය යාපනයට ලගා වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි එම නිළධරියා කියා සිටියේ.

සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලද විගසම ඒ පිලිබදව යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය පොලිසිය වෙත රැගෙන විත් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන විමර්ෂණ කටයුතු සිදු කරන බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ   

2 Comments

  1. දැක්කා නේද අපේ පොලිසියේ වැඩ?. ඕනෑම අපරාධ කාරයෙක් දවස් දෙකෙන් තුනෙන් අල්ලනවා. ඒ වුණාට පාතාලය ආරක්ෂා කරනවා.. හේතුව පාතාලයට දේශපාලන බලය තිබීමයි

    ReplyDelete
  2. ඔව් දැන් කුඩු ගෙන්නන්නෙ මාලිමාවෙ දේශපාලඥයෝ.
    පාතාලෙත් එහෙමයි.

    ReplyDelete
Previous Post Next Post