ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ කටයුතු මන්දගාමී ස්වභාවයකින් සිදුවීම හේතුවෙන්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා හිමිව ඇති ‘GSP+’ බදු සහනය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම ලබන වසරේ මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිත අතර, මේ වන විටත් රට විදේශ විනිමය ආදායම් ගලා ඒමේ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවයි.
මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී GSP+ යනු සුවිශේෂී වාසියක් බවත්, ලබන වසරේදී මෙම බදු සහනය සඳහා ශ්‍රී ලංකාවට අලුතින් අයදුම් කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය. ඒ සඳහා ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීම පූර්ව කොන්දේසියක් වන බවද ඔහු අවධාරණය කළේය.
එම ජාත්‍යන්තර සම්මුතීන් අතුරින් ප්‍රමුඛතම සම්මුතියක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ඇතුළු සම්මුතීන් 21ක් ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුව ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීම මෙම සියලු සම්මුතීන් කඩකිරීමක් හා සමාන වන බැවින්, එම පනත ප්‍රතිසංස්කරණය කරන ලෙස යුරෝපා සංගමයේ තානාපතිවරුන් නිරන්තරයෙන් අවධාරණය කර ඇති බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
"රජය දිගින් දිගටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නේ නම්, ශ්‍රී ලංකාව සඳහා GSP+ සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය සූදානම් වන්නේ නැහැ," යැයි ද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,
"මා විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මා ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා මාස හයක් ඇතුළත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වා දෙන බවට. මෙම පනත නීතිඥයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ වෘත්තිකයන්ගේ දැඩි විවේචනයට ලක් වූවක්. අධිකරණ අමාත්‍යවරයා ද පසුගියදා කිලිනොච්චියේදී ප්‍රකාශ කළා මාස දෙකක් ඇතුළත නව නීතියක් ගෙන එන බවට. නමුත් යෝජිත නව නීතියේ අන්තර්ගතය කුමක්ද යන්න පිළිබඳව අප තවමත් සම්පූර්ණයෙන්ම අඳුරේ පසුවන්නේ. අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව නීතිය සකස් නොකළහොත් රටට හිමි GSP+ සහනය බරපතළ අනතුරකට ලක්වීම වැළැක්විය නොහැකියි."

යුරෝපෙ වහල්ලු වගේ හැමදාම gsp අහිමිවෙයි හිමිවෙයි කිය කියාම හිටහල්ල. එක පකේ ආණ්ඩුවක්වත් රට කෑම බීම ඇදුම් නිවාස වගේ දේවලින් ස්වයංපෝෂිත කොරන්න උත්සාහ කරන්නෙ නෑ.
ReplyDeleteඉතින් උඹ ඕක මෙතන කියන්නෙ නැතුව කොටාට කෙලින්ම කියපන්කො රට බීම, රට කෑම වගේ ඒවයින් ස්වයංපෝෂිත කොරන්න කියල.
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDelete