හොර ගබඩා තුනක් විගණන නිලධාරීන් බලෙන් කඩා විවෘත කරයි.. ප්‍රාදේශීය ලේකම්වරිය කුපිත වෙයි...


 ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශිය ලේකම්වරිය විසින් දින දෙකක් පුරා විවෘත කිරීමට නොදුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමර 03ක් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් බලෙන් කඩා විවෘත කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාව වෙත බෙදාහැරීමට තිබු විදේශ රටවලින් ලද ආහාර, වියලි සලාක ඇතුලු භාණ්ඩ රැසක් ප්‍රාදේශිය ලේකම්වරිය විසින් අවතැන් වූවන්ට බෙදා නොහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා වල තබාගෙන සිටින බවට පීඩාවට පත් ජනතාව විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත (24) දින මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සහ එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිළධාරින් පිරිසක් විසින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි වැටලීමක් සිදු කර ඇත.

එහිදි, ප්‍රාදේශීය ලේකම්වරිය සහ එම ගබඩාව භාර නිළධාරින් විසින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට ගබඩාවන් තුල තිබෙන භාණ්ඩ ලැයිස්තුවක් හෝ අවතැන් වූවන්ට බෙදාහැර තිබූ දත්ත කිසිවක් ලබා දීමට අපොහොසත්වීම හමුවේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා එම ගබඩා කාමර මුද්‍රා තබා එහි යතුරු ඔහු භාරයට ගෙන ඒ පිලිබදව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ පිලිබදව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික තුඩවත්ත මහතා විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කිරිමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිළධාරින් විසින් (25) දින විමර්ෂණ කටයුත්තක් සදහා ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ ප්‍රාදේශීය ලේකම්වරියගේ සහ එම ගබඩා භාර නිළධාරින්ගේ දැඩි විරෝධය හමුවේ ගබඩා කාමර 03 කඩා විවෘත කිරිමෙන් අනතුරුව එහි තුල වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ සොයා ගැනිමට හැකි විය.

මෙම විමර්ෂණයේදි සහල්, ටින්මාළු, පරිප්පු, ක්ෂණික නූඩ්ලස්, ඇදුම් පැළදුම් ඇතුලු සනීපාරක්ෂක භාණ්ඩ රැසක් තිබි හමුවූ අතර ඉන් ආහාර ද්‍රව්‍ය රැසක්ම කල් ඉකුත් වී ඇති බවට තහවුරු වී ඇත.

විමර්ෂන කටයුතු සදහා පැමිණි නිළධාරින් එම ගබඩාවේ තිබූ භාණ්ඩ ලැයිස්තුවක් ගෙන එම ගබඩා කාමර වසා දමා එහි යතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොලිස් නිළධාරින් වෙත භාර දෙනු ලැබූවා.

අභ්‍යන්තර විගණන නිළධාරින් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමර විවෘත කරන අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරිය කුපිත වී අභ්‍යන්තර විගණන නිළධාරින්ට ගබඩා කාමරය විවෘත කිරිමට බාධා කෙරිණ.

ගම්පොළ පොලිසියේ නිළධාරින්ගේද සහයෝගය ලබා ගෙන ඇත.

- රංජිත් රාජපක්ෂ

6 Comments

  1. Just burn the bitch alive 🤬🤬🤬

    ReplyDelete
  2. මෙයා නේද අනුරාධ ජයරත්නගෙන් ගේම්ස් ඉල්ලන්නේ.(Pot called the kettle black)

    ReplyDelete
  3. මේ පින් පඩි ගන්න ගෑනිව වහාම සේවයෙන් ඉවත් කරන්න

    ReplyDelete
    Replies
    1. පින් පඩි දෙන එවුන් ඊට කලින් ඉවත් කළොත් හෙන ගහනවද


      Delete
  4. අමුබුලුවාන් කාපු අනුරාධ ජයරත්නගෙන් ගේම්ස්

    ReplyDelete
  5. ''ලංකාවේ විශ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම මූලස්ථානය වහා වටලනු,.!June 26, 2026 at 4:32 PM



    මීහරක්කටා ,විලේ සුදා ,මෙකී නොකී බොහෝ පිරිසක් බලල් අත සේ ක්‍රියාත්මක කරමින් රටතුල මහා භීතියක් සංත්‍රාසයක් නිර්මාණය කරමින් ප්‍රදේශවසීන්, පෙලීසිය බිය ගන්වා ,'..
    'නිලධාරී පිරිස් මුදලට මිලදීගෙන''
    දැවැන්ත දේශපාලන රැකවරනයක්ද සහිතවූ.,
    ඵකල නාමල්,මහින්ද ජරාපකකස, මෙකල , හේවගේ,ගමගේ, අනුර කුමාර ජනාධිපතිවරයාගේ රැකවරණය ලබමින්,,.
    දකුණු ලකේ හික්කඩුව කලපුව ආශ්‍රිතව ගල්කොරි පවත්වාගෙන යන මුවාවෙන්,..
    ''සවේනද්‍ර සිල්වා රනවිරැවාගේ නමද'' අතිශය කූඨ ලෙස උපයෝගී කර ගනිමින්,..

    ගම්වැසියන් තුල බිය ඇතිවන ලෙසට තුජ්ච ප්‍රචාරයන් සිදුකරමින්,..
    වැලි ගල් ප්‍රවාහනය කරනා මුවාවෙන්,..
    රටපුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා ධන කුවේරයකු ලෙසට පෙනී සිටිනා හික්කඩුවේ ගල්මෝල් හිමියා ,..
    මෙතෙක් නාවික හමුදාවේ හෝ,..
    කිසිදු ආරකෂාවක් සපයා නොමැති හික්කඩුවේ ධීවර වරාය උපයෝගී කර ගනිමින්,..
    විෂ මත්ද්‍රව්‍ය රට තුලට රැගෙන ඵන ජාලය,..
    කිසිදා කිසිවෙකුට වැටලීමට පවා නොහැකිවන ලෙසට ශක්තිමත් කරමින්,..
    ඦන්දවියාපාරයන් පවත්වාගෙන යමින්,..

    භීශණය වපුරා,..

    දැවැන් ප්‍රතිලාභ භුක්ති විදිනාලද හිටපු ජනාදිපති ''මහින්ද ජරාපකකස'',..
    සහ නවතම ප්‍රතිලාභ භුක්තිවිදින්නා ලෙසට නව හිමිකරැ නව ජනපති ''අනුර කුමාර දිසනායක'' ගේ ශෘජු මැදිහත් වීම ආරකෂාව ඇතුලුව,..

    දකුණුපලාතේ නලින් හේවගේ සහ රතන ගමගේ, නගරසභාවේ සභාපති, යසස්වින් ගොඩකන්ඳ යන ජනපති,මැතිඇමතිවරැ සභාපතිවරැ, ප්‍රදෙශීය ලේකම් , ..
    ගාල්ල මහලේකම් කාර්‍යාලයේ මහලේකම් ඇතුලු දැවැන්ත ප්‍රභුන් ලෙස පෙනී සිටිනා ජාලයක ඍජු මැදිහත්වීම ආරකෂාව යටතේ,..

    ගාල්ග පොලිස් මූලස්ථානය භාර ප්‍රධානියා කලාපය බාර ''ඩී අයි ජී'' ඍජුව සපයනා රැකවරනය යටතේ පවත්වාගෙන යන නව නිවාඩු නිඛෙතනය,..

    පවත්වාගෙන යන හික්කඩුව වරාය,..

    ඇතුළු ජාලගතවී ක්‍රියාත්මක සංචාරක හෝටල ජාලය,..

    ඇතුලු මත්ද්‍රව මූලස්ථාන ලෙස පවතිනා හික්කඩුව ගල්කොරිය සහ වරාය,..

    යුධහමුදාවේ ඍජු මැදිහත්වීම යටතේ වහාම වටලා ජාවාරම් කරනා පිරිස වහාම අත්අඩංගුවට ගෙන විමරෂණ ආරම්භ කරනා ලෙස නැවත නැවතත් බලධරයන්ට සිදුකරනා දැඩි අනතුරැ ඇගවීමක්ද සහිතව,..

    පොලිස් පැමිණිලි පොතේ කිසිදු දිනක ලියා නොගත් පැමිණිල්ලක් ලෙසටද මෙතුල තබනා සටහනක් බව අවධානය,.!


    ''ලංකාවේ විශ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම මූලස්ථානය'' ,..

    ඵකල විදේශයන්ට පවා ප්‍රති අපනයනය කල හික්කඩුව විෂ මූලස්ථානය මෙය බවටත්,..

    දැනට සක්‍රීයව රටපුරා මදි නොකියන්නට විෂ බෙදා හරිනා බවත්,.


    ''ලගදීම ජාත්‍යන්තරව අවධානයට ලක්කිරීමට ප්‍රථම"

    ජාතික ආරකෂාව පිළිබඳ දැඩි අනතුර නිසාවෙන් ,..

    සහ ''සවේන්ද්‍ර සිල්වා රනවිරැවාගේ නම විවධ ස්ථානවලදී කූඨ ලෙස භාවිතාකරනා බැවන්ද",..

    වහාම යුධහමුධාවේ ඍජු මැදිහත්වීම තුලින්, ..

    සමස්ථ ජාලය වැටලීමට වහාම කටයුතු කරනා ලෙසත්,..

    අයතා ලෙස උපයනාලද ධනය රාජසන්තක කර,.

    බලහත්කාරයෙන් අත්පත්කරගෙන පවතිනා,..
    ''රාජ්‍යයේ මරමස්ථානයක් වන් භූමිය'',..
    ඉඩකඩම් 'වාහම මුල් හිමිකරැවන්ට පවරා දීම,.
    හෝ' අදාල භූමිය යුධහමුධාවට, ආරකෂක අමාත්‍යංශයට පවරා ගැනීමට වහාම කටයුතු කරනා ලෙස වගකිවයුත්තන්ගේ දැඩි අවධානය ,.!

    ReplyDelete
Previous Post Next Post