නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය නවතන ලෙස පවසමින් ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකු තමාට තර්ජනය කළ බව පවසමින් "ඔන්ලයින් සුරංග" නමැති මහ පරිමාණ මත්පැන් ජාවාරම්කරුවකු අගලවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.
පසුගියදා (16 වෙනිදා) අගලවත්ත, අංගම්මුල්ල පිහිටි මත්පැන් ජාවාරම්කරුගේ නිවසට යතුරුපැදියකින් ගොස් ඇති අදාළ ජාතික ජනබලවේග ක්‍රියාකාරිකයා මත්පැන් ජාවාරම්කරු සොයා ඇතත් ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නොමැත.
පසුව දෙදෙනා මාර්ගයේදී හමුවී ඇති අතර එහිදී ජාතික ජන බලවේග ක්‍රියාකාරිකයා මත්පැන් ජාවාරම්කරුට යකඩ පොල්ලක් පෙන්වමින් "කසිප්පු විකුණන එක නතර කරපන්" යැයි පවසමින් තර්ජනය කර ඇති බව පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
මත්පැන් ජාවාරම්කරුගේ ගැනුම්කරුවන් නිරන්තරයෙන් ජාතික ජනබලවේග ක්‍රියාකාරිකයාගේ නිවස අසල ගැවසීම හේතුවෙන් ඊට උරනව මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අගලවත්ත පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
බිමල් ජයසිංහ - බණ්ඩාරගම

මම බැලුවා රටට ආදරේ කරන මාලිමාවෙක් හම්බ වුනා කියලා. බැලුවම ඒකත් උගේ ගෙදරට කරදරයක් වෙන නිසා ලු.
ReplyDeleteකසිප්පු පෙරාපු එවුන් පාර්ලිමේන්තු ඇවිත් පිස්සු කෙලින ආන්ඩු ඇත්තේ ලංකාවේ පමණි
ReplyDelete