ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක පත්වීම් ලිපි ප්රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක පත්වීම් ලිපි ප්රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.
විභාගයට පෙනී සිටි 570ක් අතරින් මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු 71ක් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කරන ලදී. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පත්වීම් ප්රදානය කළ අතර, පවතින පුරප්පාඩු අනුව අදාළ ප්‍රදේශවලට මෙම නිලධාරීන් අනුයුක්ත කරනු ලැබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න. රාජ්‍ය සේවය ගැන එක යුගයක් තියෙනවා, රාජ්‍ය සේවයේ වැඩ කරපු අය ගැන ලොකු ගෞරවයක් තිබුණා. ඕනම ගමක රාජ්‍ය සේවකයෙක් හිටියා නම් එයා ගෞරවණීය කෙනෙක් බවට පත්වෙලා හිටියා. දැන් ඒ කාලය වෙනස්. 1960 ගණන්වලින් පස්සේ රාජ්‍ය සේවය කියන එක බිඳ වැටුණා. රාජ්‍ය ආයතනත් බිඳ වැටුණා. කලාතුරකින් යම් රාජ්‍ය ආයතනවල වෙනසක් තියෙනවා. රාජ්‍ය බැංකු පද්ධතියේ යම් වෙනස්කම් තියෙනවා.
තවමත් සමහර රාජ්‍ය ආයතනවල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තවමත් කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු කාර්යාලවලට ඇවිත් ගොඩක් රස්තියාදු වෙනවා. එන පුරවැසියන්ට ලබාදෙන පිළිගැනීම තවමත් අඩුයි. ජනතාවට වඩා උඩින් ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඔබගේ වගකීම.
අපි උත්සාහ කරනවා, දේශපාලන පැත්ත හදන්න. අපට හදාගන්න තියෙන පැති කිහිපයක් තියෙනවනේ. එකක් දේශපාලනය. දේශපාලකයාටත් එකමත් එක කාලයක පිළිගැනීමක් තිබුණා, රාජ්‍ය සේවකයාට වගේම.
රාජ්‍ය සේවය කඩා වැටුණා වගේම දේශපාලනයත් කඩන් වැටුණා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේකට වගකියන්න ඕනේ ප්‍රධාන පැත්ත දේශපාලනය. දේශපාලනය හරිහම්බ කරගන්න දෙයක් බවට පත්වුණාම පත්වීම් දෙන එක ඡන්ද ලබා ගන්න දෙයක් වුණාම සුදුස්සාට සුදුසු තැන නැති වුණාම පත්වීම් ලැබෙනකොටම රස්සාව ලැබෙන කෙනා දන්නවා මම ආවේ ඇමතිගේ ආනුභාවයෙන් කියලා. එතකොට එයා රාජ්‍ය සේවයට ඇතුළු වෙනකොටම වෙන තැනකට පත්වෙනවා. එහෙම වුණාම රාජ්‍ය සේවයට කරන ගෞරවයට වඩා ඇමතිට තියෙන ගෞරවය ඉස්සරහට එනවා. ඒ නිසා අපි මේක වෙනස් කරන්න ඕනේ. ඒකට ලොකු උත්සාහයක් ගන්නවා අපේ නිලධාරී මණ්ඩලය.
මේ පත්වීම් ලබාදෙනකොට අපි මේ සඳහා කිසිම මැදිහත්වීමක් කළේ නැහැ. දේශපාලන මැදිහත්වීමක් කරලා නැහැ. දේශපාලන මැදිහත්වීමක් කළොත් නිලධාරීන් හිතනවා මේගොල්ලෝ දේශපාලනය වෙනස් කරන්න ඇවිත් ඒගොල්ලොත් එහෙම තමයි කියලා. මේක පරණ විදිහට වුණා නම් ඔබ සියලුදෙනා මහනුවර දිස්ත්‍රික්කයේ වෙන්න ඕනේ. මොකද මහනුවර කියන්නේ මගේ ඡන්ද දිස්ත්‍රික්කය. ඉස්සර එහෙමනේ වෙලා තියෙන්නේ.
කෙනෙකුට රාජ්‍ය සේවයේ රැකියාවක් ලැබෙනවා කියන්නේ ඒක ජීවිතයට ලොකු ශක්තියක්. තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඒකෙන් ලොකු පෞරුෂයක් එකතු වෙනවා. ජීවිතයට යම්කිසි ස්ථාවරයක් ලැබෙනවා. අපේ අමාත්‍යාංශයේ යම් පිරිසක් බඳවා ගත්තා. ඒගොල්ලෝ රැකියාවට එනකොටම කියලා තිබුණා එයාලා ඉල්ලන පැත්තටම පත්වීම දෙන්න ඕනේ කියලා. ඒක පුදුම රාජ්‍ය සේවයට බැඳීමක්. රාජ්‍ය සේවයේ පළවෙනි පත්වීම දෙන තැනටම යන්න ඕනේ කියලා එකක් තියෙනවනේ. පත්වීම ගත්ත ගමන් ස්ථාන මාරුවීම් හදාගන්න ඇමති හම්බ වෙන්න නම් එන්න එපා.”
මෙම අවස්ථාවට සර්වේයර් ජනරාල් පී.කේ.එල්.එස්.පඩුවාවල මහත්මිය ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පත්වීම්ලාභීන් සහභාගී විය.

ඔක්කොම වුණේ 1971න් පස්සෙ
ReplyDeleteAtthada? 2022 newe da?
Deleteහොරාට කලින් කැන පැන්නද වැට? අපි මැදිහත් නෑ කියා කියා. ෂුවර් එකට ඔක්කොම ජෙපි ගැත්තෝ ටිකක් දාගෙන වගේ.
ReplyDeleteමෝඩ හරක් බයියෝ ඔක්කොම තනතුරු පත්වීම් තරඟ විභාග සහ සුදුසුකම් මත පමනයි. මොන මොන සුලු වැරදි තිබුනත් විය යුතු දේ වෙමින් පවතී....❤️ ආන්න ඒකයි වෙනස.👏👏👏
Deleteපරන රට කාපු පාතාල අණ්ඩු නම් එපා 😡
පලයන් බං යන්න. තොපේ වෘතීය සමිති කියල හදාගත්ත පාහරයෝ තමයි වැඩ අවුල් කරලා අල කරන්නේ. අනෙක තෝ කාටද හොරු කියන්නේ? තොපිට අඩුතරමේ චෝදනාවක් වත් දාගන්න පුලුවන්ද? ස්ටේජ් එකේ කෑගහන එක නෙවේ චෝදනා කියන්නේ?
Deleteතොපේ ජෙපි හැත්ත තමයි ලොකුම හොරු. නැත්නම් රස්සාවක් බිස්නස් එකක් නොකර කොහොමද තොපේ ලොක්කෝ මෙච්චර කල් ජීවත් උනේ? හොර වැඩ කර කර ස්ටේජ් එක උඩ අනිත් මිනිස්සු හොරු කිය කිය කෑගැහුවා මිසක්.
කිසි දැක්මක් තිබ්බෙ නැති මහින්දය උගෙ කුණු වැඩ ටික වහගන්න, උට හොරා කන්න දාපු කිඹි සිම්බට් ල දැන් ටික ටික එලියට තල්ලු වෙලා යනවා.
Deleteහොඳම වෙලාව සුදුස්සෝ දාල රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න. ජයවේවා!
ජෙප්පො වෘත්තීය සමිති නොකෙරුවනම් අදටත් රාජ්‍ය සේවය යහපත්.
ReplyDeleteසුදුසුකම් මත පත් කරපු ඒවානම් හොඳට පේනව ගල් අගුරු හොරා වගේ එවුන් පත් කරපු එකෙන්ම. කලින් හිටපු තැන් වලිනුත් හොරකම් කරලා අස් කරපු එකෙක්. විශ්‍රාම ගිය වලන් ශානි, බේබදු රවිය, bribary එකේ ලොක්ක? උන්ට තියන සුදුසුකම් තමය් ජෙප්පෝ උන එක. වලන් ශානිනම් expert හොර සාක්ෂි හදන්ඩ.
ReplyDeleteThopi rajaye sewakayanta arapu vidiya apita hodata mathakyi. Ubala gahapu pampori ahala minissu rawatuna.Hamoma kiyanna patan gaththa muntath deela balanna oney kiyala. Dan api dakka pampori gahanna lesi, wada penwanna eka eetath vadiya amarui kiyala. Mona baila gahauwath minissu theeranayak aragena inney. Next time ubala machan 2%.
ReplyDeleteතොපේ නල්ල මලේ union තමයි මෙරට නැති කලේ .දැන් බණ කියනවා. Hiwallu.
ReplyDeleteතොපේ නල්ල මලේ union තමයි මෙරට නැති කලේ .දැන් බණ කියනවා. Hiwallu.
ReplyDeleteExcellent ..Way to go NPP..Well done
ReplyDeleteWhy the hell you delivered the appointment letters if you want the Govt., Service independent ......... it's the JVP Unions ruined the entire Govt & Private Sector Institutes .................
Delete