එල්නිනෝ තියා මොනවා ආවත් අපිට කන්න නැති වෙන්නෑ..


 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) “FREINDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.


මෙම ව්‍යාපෘතිය මේ වනවිට ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද, කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමට මෙම ට්‍රැක්ටර් උපකාරී වනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

අපේ ප්‍රධාන වගකීම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමයි. ඊළඟ කාරණය තමයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම. දැන් රටේ ආහාර හිඟයක් නැහැ. අපිට ඒ ගැන සතුටක් තියෙනවා. එල්නිනෝ තියා මොනවා ආවත් අපිට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. අපි රටකජු පිටරටින් ගේනවා. නමුත් අපේ රටේ රටකජු රහයි. ගුණයි. පිටරටින් ගේන ටික නවත්වගන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා මේ වැඩසටහනෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේක අපේ ජාතික වැඩපිළිවෙල සමඟ අනන්‍යයි. මේ වැඩසටහනට දායක වුණු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ගොවි සංවිධාන අතේ තමයි මේකේ ඊළඟ ලොකුම කොටස තියෙන්නේ. මේවා ගන්නකොට තියෙන ගැම්ම ටික දවසක් යද්දි නැතිවෙලා යනවා. ඒ නිසා මේක අධීක්ෂණය කළ යුතුයි. පසුවිපරම වැදගත්. මේ ට්‍රැක්ටරය ලක්ෂ 63ක පමණ වටිනාකම තියෙන යන්ත්‍රයක්.

අපි ආනයන ආදේශන නිෂ්පාදන ඉදිරියට ගත යුතුයි. 99ක් හොඳ වැඩ වෙනකොට කොතන හරි වැරැද්දක් තමයි ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ. රටේ ගොඩනඟන්න හදන්නේ ඔක්කොම සෘනාත්මක දේවල්. ඒ නිසා අපි මේක ධනාත්මකව ඉදිරියට ගෙනියමු.

ගොවීන් තමන් වෙනුවෙන් වගා කළා වුණාට ඒකෙන් ජාතික උවමනාවකුත් ඉෂ්ට වෙනවා. ඒ නිසා තමයි ගොවියෝ ජාතික සම්පතක් විදිහට සළකන්නේ. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල මුදලක් යොදවනවා. වාරිමාර්ගෙට. කෘෂි මාර්ගවලට. බෝක්කුවලට. පොහොර සහනාධාරයට. හැමදේටම මේ රටේ පොදු ජනතාව විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා පාරිභෝගිකයා පැත්තෙනුත් ගොවියා නිතරම හිතන්න ඕනේ. වී මිල විතරක් නෙවෙයි. හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕනේ. සමහරු යෝජනා කරනවනේ වීවලට රුපියල් 150ක් දෙන්න ඕනේ කියලා. හැමෝම තමන්ගේ දේ වගේම පොදු යහපත ගැනත් හිතන්න ඕනේ.

මේ ව්‍යාපෘතිය හොඳ ආදර්ශවත් දෙයක්. මේවා පසුවිපරම් කරමින් ඉදිරියට අරගෙන යමු.”

මෙහිදී කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද අදහස් පළ කළේය.

අපි අමාත්‍යාංශය භාරගෙන මේ කෙටි කාලය තුළ විශාල වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා ඉන්නවා. අපේ අඩු භූමිය භාවිත කරලා වැඩි අස්වැන්නක් ලබාගත යුතුයි. පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කරන්න අපිට පුළුවන් වුණා. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව තමයි ලොකුම දායකත්වය ලබා දුන්නේ. රටකජු සැලකිය යුතු ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. ඒ ගැන අවධානය යොමු කරලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

අස්වනු වැඩි කරගන්නවා වගේම අපි වෙළඳපොළ ප්‍රශ්නයත් විසඳා ගත යුතුයි. අපි මේ වෙනකොට ඒ සඳහා පියවර ගනිමින් ඉන්නවා. අපි නිෂ්පාදනවලට අගය එකතු කළ යුතුයි. සුබදායී බලාපොරොත්තු සමඟ අපිත් එක්ක එකතු වෙන්න.”

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.  

14 Comments

  1. තන කොල යහමින් තියෙනවා පිදුරුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. Ehenam ubata awulak na

      Delete
    2. අනුන්ගේ මාළු කුරියෝ ,කෙහෙල් කැන් තියෙනකම් මුන්ට ආහාර හිගයක් නෑ

      Delete
  2. රාජ්‍ය පාවාදුන් පරගැති වහල් වසළ මාළිමා මැක්කන් පහරදී , පළවා හැරීමට දැවැන්ත ක්‍රියාන්විතය සුදානම්,.!June 30, 2026 at 6:17 PM


    පලවා හැරීමට පෙර කල්යල් බලා මහ මුහුදට පැනීම සඳහා රාජ්‍ය පාවාදුන් ජඩ ජනපති වසලයා ඇතුළු පාදඩ බේබදු පරපෝශිත මාළිමා මැක්කන්ට සිදුකරනා අනතුරැ ඇගවීමයි.!

    කාලය සහ අවකාශය විධානය නිකුත්වනතුර තුරැ සියළු බළමුළු සූදානම් !!!

    ReplyDelete
  3. " විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවට සිදුකරනා අනතුරැ ඇගවීමයි.!June 30, 2026 at 6:21 PM

    නිදහස් ස්වාධීන රටවලට පාළණයට සූකෂම ලෙසට/ උපදේශකයන් ලෙසින්, රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් මැදිහත් වී, ..

    ''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
    ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.

    විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..

    අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..


    විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..

    විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..

    බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ "ලාල් කාන්ත" "අනුර කුමාර" වැනි දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
    " විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.




    බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!

    ReplyDelete
  4. අනේ ගූ ලාලෝ තෝ තාමත් පච දොඩෝනව නේද........අර පෑය විසිහතරෙන් විදුලි බිල අඩු කරනවා කිව්වා වගේ පචයක් නේද ....?සින්හල බෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ......පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 9:40 PM

      ගොනෝ, සිංහල බෞද්ධයා ගැන කථා කරන්ඩ කලින් සිංහල ඉගෙන ගෙන හිටපන්. උඹට හරියට අකුරු ලියන්ඩ දැනෙන් නෑ. උඹ "ඇ" ලියන්ඩ ඕනෑ තැන් වල "ඈ" ලියන්නේ. උදාහරණ ලෙස "පැය" වෙනුවට උඹ ලියලා තියෙන්නේ "පෑය" කියලා, "මැරුවා" වෙනුවට ලියලා තියෙන්නේ "මෑරුවා" කියලා, "නැතැයි" වෙනුවට ලියලා තියෙන්නේ "නෑතෑයි" කියලා.

      පල, මක බෑවිලා පල. ගෙහුන් ඉගෙන ගනුව සිංහල අ යනු ආ යනු. නැත්නම් තොගේ ගොන් ගතිය යන් නෑ, රෙද්ද පල්ලෙන් බේරෙනවා.

      Delete
  5. කඩුවෙල නගරාධිපති හොරා දැන් නිවුස් එකට බොරු කිව්වා කුණු ටික හරියට එකතු කරනවා කියලා. පට්ට පල් බොරු. නගරාධිපති නැති කාලෙ මීට වඩා හොදට තිබ්බා. වැඩ බැරි උන්ට බෑම තමයි.

    ReplyDelete
  6. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 7:05 PM

    මාලිමා ආණ්ඩුව තියෙනකම් රටේ කෑම බීම, බෙහෙත්, ගෑස් ඇතුලු ඉන්ධන කිසි සේත් හිඟ වෙන් නෑ, රට පාලනය කරන්නේ හොරුත් නෙවේ මෝඩයොත් නෙවේ. නිදහස් අධ්‍යාපණයෙන් ඉගෙන ගෙන අධ්‍යාපණයේ ඉහළම හිණි පෙත්තට ගිය, ලෝකෙටම දැනුම බෙදන බුද්ධිමත් පිරිසක්.

    පොන්නප්පුලා බලන් හිටියට කන්ඩ නැති වෙයි රට වැටෙයි කියලා දේශපාලන වාසි ගන්ඩ එහෙම වෙන් නෑ. ගෝඨාභය රාජපක්ෂ වගේ ගොබ්බ සේන කෙනෙක් නෙවේ නේ රාජ්‍යය පාලනය කරන්නේ.

    ReplyDelete
  7. මූට බාගෙට පිස්සු. දැක්කනෙ මාධ්‍යවේදීයගෙ කැමරාව වහපු හැටි. ලගදිම දවසක ජුසෙ පාරෙ දුවනවා පිස්සු හැදිලා.

    ReplyDelete
  8. Anee huke nannane kiwwalu...

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 9:35 PM

      ඒ කිව්වේ ලොකු උන්නැහැ?

      Delete
  9. තොපිට කන්න නැති වෙන්නේ නැහැ කියයල දැන් මිනිස්සුන්ට හොදට තේරිලා තියෙන්නේ පකෝ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 9:36 PM

      රටේ මිනිස්සුන්ටත් කන්ඩ නැති වෙන් නෑ තමා පකෝ.

      Delete
Previous Post Next Post