මෙරට රන් වෙළෙඳපොළ දැඩි අර්බුදයක...


 මෙරට ක්‍රියාත්මක අධික වැට් බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 75 කින් පමණ සක්‍රීයව බිඳ වැටී ඇතැයි පිටකොටුව, හෙට්ටිවීදියේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 

වත්මන් බදු ක්‍රමවේදය යටතේ රන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිරිවැය (වැඩ කුලී) සඳහා සියයට 18 ක වැට් බද්දක් අය කෙරේ. මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කරති. 

ස්වර්ණාභරණ සඳහා පනවා ඇති සියයට 18 ක වැට් බද්ද සහ සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන්, රන් පවුමක් මිලදී ගැනීමේදී පමණක් බදු වශයෙන් රුපියල් 82,000 ක අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. මෙම සමස්ත බදු බර අවසානයේදී පැටවෙන්නේ පාරිභෝගිකයා මතය. මෙලෙස වෙළෙඳපොළ දිනෙන් දින කඩා වැටීම හේතුවෙන්, රජයට ද විශාල බදු ආදායමක් අහිමි වෙමින් පවතින බව ඔවුහු පවසති. 

වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගනිමින්, ජනතාවට සහන සලසන අතරම රජයේ බදු ආදායම ද වර්ධනය කරගත හැක්කේ දැනට පවතින බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමෙන් පමණක් බව ව්‍යාපාරිකයෝ අවධාරණය කරති. 

පවතින අර්බුදයට පිළියමක් ලෙස හෙට්ටිවීදියේ වෙළෙඳසල් හිමියන් විසින් මුදල් අමාත්‍යාංශය වෙත නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

එමඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ රත්රන් සඳහා දැනට අය කරන සියයට 18 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස නිෂ්පාදන පිරිවැය හෙවත් වැඩ කුලී සඳහා පමණක් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද එකතු කරන ලෙසයි.

වත්මන් වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 4 ක් පමණ වන රන් පවුමක මිලෙන්, රුපියල් 3,58,700 ක්ම වැය වන්නේ රත්රන්වල වටිනාකම සඳහා වන අතර, ඉතිරි ප්‍රමාණය වැඩ කුලී වේ. රත්රන්වල වටිනාකම සඳහා වන එම රුපියල් 3,58,700 ක මුදලෙන් බදු ඉවත් කළහොත් පාරිභෝගිකයන්ට විශාල සහනයක් හිමිවන අතර, ඒ හරහා රන් භාණ්ඩ අලෙවිය ද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. 

අධික බදු ප්‍රතිශතයක් පැවතීම නිසා වර්තමානයේ වෙළෙඳාම අවම වී ඇති අතර, එමඟින් රජයට ලැබෙන බදු ආදායම ද අඩු වී තිබේ. එහෙත්, බදු ප්‍රතිශතය අඩු කර වෙළෙඳාම පුළුල් කිරීම හරහා මීට වඩා වැඩි බදු ආදායමක් රජයට උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බව ව්‍යාපාරිකයෝ සිය යෝජනාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙති.

3 Comments

  1. Mahindalage waradda SF wage kalakanniyek Yuddeta gawa gatta eka. me SF pakaya nethuwa Yudde karanam thamath Mahinda thamai janadipathi (2005-Present).Enam rata patta widiyata diyunu wela tiyei.Aparade ape karume..

    ReplyDelete
  2. මොන බොරුද මේ? ආර්ථිකය ශක්තිමත් කියල නන්ද්ලාල් කිව්වෙ

    ReplyDelete
  3. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust

    ReplyDelete
Previous Post Next Post