උසස් පෙල විභාගය කල්දමන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ඉන් අනතුරුව එම පක්‍ෂ ප්‍රචාරක ලේකම් අංජන උදාර මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.
පිවිතුරු හෙළ උරුමය රටේ දරුවන් ගැන සිතන, අධ්‍යාපනයේ වටිනාකම හඳුනන දේශපාලන ව්‍යාපාරයක් ලෙස, අද දවසේ උසස් පෙළ දරුවන් මුහුණ දෙන අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළා.
වර්තමාන ආණ්ඩුව අවම වශයෙන් අධ්‍යාපනය සහ විභාග සම්බන්ධ කාලසටහන් සකස් කරගැනීමටවත් නොහැකි, මෝඩ සහ මොළයක් නැති ආණ්ඩුවක් බව පෙනී යනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන, කිසිදු හෘදසාක්ෂියක් නොමැති ආණ්ඩුවක් බවත් පෙනෙනවා.
මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා උසස් පෙළ සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වන බව. පළමු කණ්ඩායම වන්නේ පළමු වරට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්. දෙවන කණ්ඩායම වන්නේ දෙවන සහ තෙවන වරට විභාගයට මුහුණ දෙන දරුවන්. මෙම කණ්ඩායම් දෙකටම මෙවර ඉතිහාසයේ බරපතලම අසාධාරණය සිදුවී තිබෙනවා.
පළමු වරට විභාගයට ඉදිරිපත් වන දරුවන්ට විභාගය සඳහා සූදානම් වීමට තිබෙන කාලය ඉතා අඩු වී තිබෙනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය සඳහා ඉතිහාසයේ සිටම මාස 24ක, එනම් අවුරුදු දෙකක පමණ කාලයක් ලබා දී තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී එම කාලය මාස 28, 29, 30 හෝ 32 දක්වා පවා වැඩි වී තිබෙනවා.
නමුත් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට මෙම විශාල විෂය නිර්දේශය ආවරණය කරමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට ලැබී තිබෙන්නේ මාස 21ක පමණ කාලයක් පමණයි. මෙය අනෙක් වසරවලට සාපේක්ෂව විශාල කප්පාදුවක්. ඒ හරහා පළමු වරට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බරපතල අසාධාරණයක් සිදුවන අතර, ඔවුන්ට නිසි ලෙස සූදානම් වීමට අවශ්‍ය කාලය නොලැබෙනවා.
දෙවන කණ්ඩායම වන්නේ දෙවන හෝ තෙවන වරට විභාගයට මුහුණ දෙන දරුවන්. ඔබ දන්නවා, දෙවන වරට හෝ තෙවන වරට විභාගය ලියනවාද යන්න තීරණය කරන්නේ පෙර වර විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුවයි.
බොහෝ දරුවන් බලාපොරොත්තු වන්නේ තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි වේවි කියායි. නමුත් ප්‍රතිඵල ලැබුණු පසුව බලාපොරොත්තු වූ ප්‍රතිඵලය හෝ අපේක්ෂිත පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව නොලැබෙන අවස්ථා තිබෙනවා. එවිටයි ඔවුන් නැවත විභාගයට පෙනී සිටීමට තීරණය කරන්නේ.
එබැවින් ප්‍රතිඵල නිකුත් වීම සහ නැවත විභාගයට පෙනී සිටීම අතර ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුයි. 2024 සහ 2025 වසරවල මෙම කාලය පිළිවෙළින් දින 178ක් සහ දින 198ක් පමණ වී තිබුණා.
නමුත් මෙවර ප්‍රතිඵල නිකුත් වන්නේ මාර්තු අවසානයේදී වන අතර, උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා පැවැත්වෙනවා. එබැවින් දෙවන හා තෙවන වර දරුවන්ට සූදානම් වීමට තිබෙන්නේ දින 133ක් පමණයි.
මෙවැනි දැවැන්ත විෂය නිර්දේශයක් ආවරණය කිරීම, පුනරීක්ෂණය කිරීම සහ පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීමට මෙම කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කලින් වසරවල දරුවන්ට ලැබුණු කාලයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙවර දරුවන්ට අහිමි වී තිබෙනවා.
එබැවින් පළමු වරට විභාගයට මුහුණ දෙන දරුවන්ටත්, දෙවන හා තෙවන වරට මුහුණ දෙන දරුවන්ටත් බරපතල අසාධාරණයක් සිදුවී තිබෙන බව අපි දකිනවා.
කෙනෙකුට සිතෙන්න පුළුවන්, “සියලු දෙනාම එකම විභාගය ලියනවා නම් ප්‍රශ්නය කුමක්ද?” කියලා. නමුත් මෙහි තවත් ගැටලු ගණනාවක් තිබෙනවා.
උසස් පෙළ විභාගය යනු විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණක් තීරණය කරන විභාගයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන විභාගයයි. රාජ්‍ය සේවයේ බොහෝ රැකියා සඳහාත්, පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් සඳහාත් උසස් පෙළ ප්‍රතිඵල වැදගත් වෙනවා.
හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකු වීමටත්, නීති විද්‍යාලය ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමටත් උසස් පෙළ ප්‍රතිඵල අත්‍යවශ්‍යයි.
මෙවර උසස් පෙළ ලියන දරුවන්ට තරග කිරීමට සිදුවන්නේ, කලින් වසරවල වැඩි කාලයක් ලබාගෙන හොඳින් සූදානම් වූ දරුවන් සමඟයි. එබැවින් මෙම දරුවන්ට ඉතා විශාල අසාධාරණයක් සිදුවන බව අපි විශ්වාස කරනවා.
ඒ නිසා උසස් පෙළ විභාගය සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුයි. සියලු දරුවන්ට සාධාරණත්වය හිමි විය යුතුයි. එම නිසා අද දවසේදී අපි අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළා.
අපි විශ්වාස කරනවා අධිකරණය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන දරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇතැයි.
රජය මේ සම්බන්ධයෙන් කිසිදු සංවේදී බවක් දැක්වූයේ නැහැ. තම අනාගතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරන උසස් පෙළ දරුවන්ගේ මෙම සංවේදී කාරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරියවත්, අග්‍රාමාත්‍යවරියවත්, සමස්ත රජයවත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.
අපි මීට පෙරත් අධ්‍යාපනය සම්බන්ධ ගැටලු පිළිබඳ සංවේදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස මැදිහත් වී තිබෙනවා. 2012 දී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ ගැටලුවකදීත්, 2022 දී උසස් පෙළ විභාග කාලසටහන සම්බන්ධ ගැටලුවකදීත් අපි මැදිහත් වුණා. එම අවස්ථාවල රජයන් අපේ කරුණු සැලකිල්ලට ගෙන දරුවන්ට අවශ්‍ය සාධාරණ කාලය ලබා දීමට කටයුතු කළා.
නමුත් මෙවර වර්තමාන රජය ඉතා උද්දච්ච හා මුග්ධ ආකාරයෙන් දරුවන් මතු කරන මෙම සංවේදී ගැටලු සියල්ල නොසලකා හැර තිබෙනවා.
ඒ නිසා අද අපි මෙම නඩුව පැවරුවා. ඉදිරියේදී අධිකරණය මැදිහත් වී දරුවන්ට සාධාරණයක් ඉටු කර දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ටියුශන් කාරයින්ගෙ ගාන කපා ගන්න කල් ඉල්ලන්නෙ. ඇති තරම් කල් තිබුනා. දක්ශ ලමයින්ට විබාගෙ එපා කරවන්න හදන්නේ. ආන්ඩුව පාන්ඩුව නොවී විබාගෙ අගෝස්තු වල තියන්න.
ReplyDeleteගොන් වස්සො, ටියුශන් කාරයොන්ට වාසියි කලින් විභාගෙ තියෙන එක, විභාගෙ ඉවර වුණ දවසට පස්සෙම අලුත් බැච් එක ගන්න පුලුවන්. මේ පාර වෙලා මදි කියලා රිවිශන් එන ප්‍රමාණයත් වැඩිවෙනවා.
Deleteමිලින්ද රජපස්සේ තට්ටය සහ කොට ගවුමල් අඳින ඉරාජ් කොලු කෙලි වෙනිසුඑලාවේ බූමිකම්පාවෙන් විපතට පත්ව්වුවන්ට සහන සලසිමිඅ සදහා මුළු ලෝකයෙන්ම පවුම්, ඉයුරෝ යෙන් ඩොලර් ඉල්ලා සිටි. මිට දායක වී පිනක් කරගන්න. ඔබගේ දේපල මිල මුදල් වස්තුව උන්ගේ ගිණුමට බැරකරන්න.
ReplyDeleteExam එක කවුරුත් වාසියට කල් දානව කියනඑක සම්පූර්ණ වැරදී..
ReplyDeleteදිට්වා නිසා අසරණ උන ළමයි කොච්චර ඇතිද, සමහරුන්ගේ අම්ම තාත්ත සහෝදරයො උනත් නැතිවෙන්න ඇති💔
තමන් හිටිය ගෙදර බලන් ඉද්දි නැතිවෙන්න ඇති💔💔
ඒ පීඩනයක් ගැනවත් හිතන්නෑ කියන්නේ කිසිම මනුස්සකමක් නෑ කියන එක තමයි
එයාලගෙ ඇස් වලට නොපෙණුනට ගම්වල ඉන්න ළමයි ගංවතුර, නායයෑම් නිසා කොච්චර විඳවන්න ඇතිද??
ඉස්කෝලේ යන්න පාරවල් නැතුව ඇති..
අපේ ගමේ කැඩුණ පාරත් තාම එහෙම්මමයි.. ආණ්ඩුවේ තරම ඒවගෙන්ම තේරෙනවා😖😖😖
බදාදා නිවාඩු දවසක් වෙලා ඉස්කෝලෙ තිබ්බේ නෑ💔💔
මෙයාලට ඒ දේවල් මතක නැද්ද?????
මාස දෙකක් හරි කල්දීලා ඊලඟ අවුරුදුවල ඉඳල exam එක හරිම කාලෙට තිබ්බනම් හොඳටම ඇති..