පළාත් පාලන ආයතනවලට පළාත් පාලන ආඥා පනතින් පවරා ඇති වීදි ලාම්පු සවි කිරීමේ බලය කප්පාදු කිරීමට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය පියවර ගෙන ඇතැයි මාතලේ මහ නගර සභාවේ මන්ත්‍රීවරු පවසති.
ජනාකීර්ණ හෝ අත්‍යවශ්‍ය ස්ථානවලට වීදි ලාම්පු සවි කිරීමේදී පළාත් පාලන ආයතන විසින් නව ලාම්පු සවි කිරීමට යෝජිත ස්ථාන පිළිබඳව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගේ නිර්දේශය ලබාගත යුතු අතර ඔහු විසින් නිර්දේශය ලබාදෙන විදුලි පහනේ වෝල්ටීයතාව අනුව විදුලි ලාම්පු සවි කළ යුතු බව දන්වා ඇත.
තාක්ෂණික හේතු මත ජාතික විදුලි බල පද්ධතියට ඇති වන ගැටලු අනුව සවි කෙරෙන නව විදී ලාම්පු ගලවා ඉවත් කිරීමට සිදුවන බව ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය පළාත් පාලන ආයතනවලට දන්වා තිබේ.
පත්වූ සියලුම රජයන් පළාත් පාලන ආයතන ආරම්භයේ සිට වීදි ලාම්පු සඳහා විදුලි ගාස්තු ගෙවීමකින් තොරව මහජන සේවයක් ලෙස සලකා රජය විසින් විදුලි ගාස්තු ගෙවූ අතර ජනාකීර්ණ සහ අත්‍යවශ්‍ය ස්ථානවල වීදි ලාම්පු සවි කිරීමේ බලය අදාළ පළාත් පාලන ආයතනවලට මහ නගර සභා ආඥ පනත සහ සම්මත අතුරු ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බව එම නාගරික මන්ත්‍රී අමිල නිරෝෂන (සර්ව ජන බලය) මහතා පවසයි.
ඉහත ආයතනය පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සවි කර ඇති වීදි ලාම්පු ගණනය කර ඊට අදාළ විදුලි පිරිවැය අය කර ගැනීම පසුගිය මැයි මාසයේ සිට ආරම්භ කිරීමෙන් පළාත් පාලන ආයතනවල මූල්‍ය තත්ත්වය බරපතළ ගැටලුවක් මතු කර ඇති බව හෙතෙම පැවැසීය.
නිමල් ගුණතිලක
Divaina

නියමයි, තොපි imf කීමට හදාගත්ත සමාගම්. Pukarudaya කට ළඟට.
ReplyDelete